IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


අලුත් චක්‍රලේඛයට පිටින් සමාජ මාධ්‍යවලට කට ඇරියොත් නිලධාරීන්ට වැඩ වරදී

(අංජුල මහික වීරරත්න සහ  ෙයාහාන් භාසුර)

රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත් සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නෙ  මහතාගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ආයතන සංග්‍රහයේ දෙවැනි කාණ්ඩයේ XLVII වැනි පරිච්ඡේදය හය වන හා හත් වන වගන්තියෙන්  දැක්වෙන විධි විධාන අනුගමනය නොකර රජයේ නිලධරයකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දැක්වීම විනයානුකූලව කටයුතු කිරීමට හේතු වන වරදක් බව අදාල චක්‍රලේඛයේ දැක්වේ.

තවද දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම් නොමැති නිලධරයකු විසින් සිදු නොකළ යුතු බවට දක්වා ඇති ක්‍රියාවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුකිරීමද විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බව අදාල චක්‍රලේඛයේ සඳහන් ව ඇත.

එවැනි වරදවල් කරන නිලධරයන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියා මාර්ග ගත යුතු බව ද අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වෙයි.



අදහස් (4)

අලුත් චක්‍රලේඛයට පිටින් සමාජ මාධ්‍යවලට කට ඇරියොත් නිලධාරීන්ට වැඩ වරදී

චන්දන Wednesday, 28 September 2022 07:09 AM

මේවාට උඩ පැනල කෑ ගහලා වැඩක් නැහැ... ඒ වගේම අලුත් චක්‍රලේඛ නිකුත් කරන්න දෙයක්ද නැහැ. ආයතන සංග්‍රහය ඇතුලේ මේ ඔක්කොම තිබෙනවා. එහෙම නම් කළයුත්තේ ආයතන සංග්‍රහය සංශෝධනය කරන එක විතරයි...

:       0       3

චමින්ද Wednesday, 28 September 2022 12:46 PM

රජයේ සේවයේ සිටින හෝ සිටි කෙනෙක් නම් දන්නවා ආයතන සංග්‍රහය සංශෝධනය කියන්නේ චක්‍රලේඛ නිකුත්කිරීම කියලා. චක්‍රලේඛයක් නිකුත්වුණාම ඒක ආයතන සංග්‍රහයේ සටහන් කරන්න ඕනෑ. එහෙමයි ආයතන සංග්‍රහය සංශෝධනය වෙන්නේ... චන්දන රජයේ සේවයේ ඉන්නවා නම් ඔබේ පත්වීම් ලිපිය හොඳින්ම කියවා බලන්න. කඩයිම් විභාගයට කටපාඩම් කරලා ලිව්වාට පමණක් මදි. සෑම විටම අලුත් චක්‍රලේඛ ගැන අවධානය යොමුකරන්නම ඕනෑ. ආයතන සංග්‍රහය පමණක් නොවෙයි, මුදල් රෙගුලාසිත් භාණ්ඩාගාර චක්‍රලේඛ අනුව සංශෝධනය වෙනවා. එහෙම නැතුව එම පොත් මුද්‍රණය කළ අවස්ථාවේ රෙගුලාසි හැමදාම වලංගු නැහැ. ඒවා වෙනස් වෙනවා..

:       0       2

චන්දන Wednesday, 28 September 2022 03:40 PM

මම කියපු දේ තේරුම් ගන්න බැරි වුණාට කරන්න දෙයක් නැහැ. ඔය චක්‍රලේඛයේ තියෙන්නේ ආයතන සංග්‍රහය තුළ තියෙන දේම නැවත පල කිරීමක්. එහෙම කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. චක්‍ර ලේඛකයකට බැහැ ආයතන සංග්‍රහය ඉක්මවන්න. ආයතන සංග්‍රහය තුළ තියෙන දේ සෑම ර⁣ජයේ සේවකයකු ම පිළිපැදිය යුතුයි. ඒවා නැවත මතක් කළයුතු නැහැ.

:       0       0

පන්හිද Wednesday, 28 September 2022 10:37 AM

රජයේ විධායක නිලධාරින් රටේ ඡන්දයෙන් පත්වුණු ජනාධිපති සහ අගමැති එලවන්න සමාජ මාධ්‍ය භාවිතා කළා. ඒ අය ගැන හොයලා නිසි ක්‍රියාමාර්ග ගැනීම වැදගත්. එයාලා ගොඩක් අය දේශපාලන පක්ෂවලට කඩේ යන අය...

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 141 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 223 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1080 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site