(රංජන් කස්තුරි)
පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් සිසුන් පෙරවරු 11 ත් සවස 3.30 ත් අතර කාලයේදී එළිමහනේ නොතබන ලෙසත් අධික දහඩිය දමන ව්‍යායාම්වලට යොමුනොකරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ප්‍රධානීන්ට දන්වා තිබේ.
මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ආතතිය , මස්පිඩු පෙරලීම , සිහි මුර්ජාව , හෘද රෝග පෙනහළු රෝග වැනි රෝග උත්සන්න විය හැකි බව සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇතැයිද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
එම නිසා පාසල් සිසුන් එම සංකූලතාවයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් සිසුන්ට දන්වා තිබේ.
නිතර නිතර ජලය පානය කිරීම සීනි අධික බීම භාවිතයෙන් වැළකීම එළිමහනේ සිටින විට තොප්පි පැළදීම කුඩ භාවිතා කිරීම , එළිමහනේ ගැවසීම අවම කිරීම , ලා පැහැති සැහැල්ලු ඇඳුම් ඇඳීම , මුහුණේ සහ අවයව වල වතුරු ගෑම ආදිය කළ යුතු බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
COMMENTS
පාසල් දරුවන්ට නිතර නිතර ජලය පානය කරන්න කිව්වට කළුතර සිට බේරුවල, බෙන්තර දක්වා දරුවන්ට පාසල් ගියත් නිවසේ සිටියත් බොන්නට වෙලා ඇත්තේ ලුණු වතුරයි. කළු ගඟට මුහුදු ජලය මුසු වීමෙන් කෙත්හේන ජල පොම්පාගරයෙන් බෙදා හරින නල ජලය කටට ගන්න බැරි තරමට ලුණුය. කළුතර - බේරුවල වෙරළ තීරයේ ජනතාව මෙන්ම පාසල්ද තම එදිනෙදා ජල අවශ්‍යතාවයන් සපුරා ගනුයේ ජල සම්පාදනය මඟින් බෙදා හරින නල ජලයෙනි. තත්ත්වය මෙසේ වීනම් මේ ප්‍රදේශයේ පාසල් දරුවන්ට වැඩියෙන් බීමට සිදුව ඇත්තේද ලුණු මිශ්‍ර ජලයයි. ලුණු මිශ්‍ර ජලය පානය කිරීමෙන් ඇතිවිය හැකියැයි අනතුරු අඟවා ඇති සංකූලතා දෙගුණ තෙගුණ වන බව නොරහසකි. කළු ගං මොයේ සිට ක්‍රිලෝමීටර් දහහතරකට වඩා දුරින් පිහිටි කෙත්හේන ජල පොම්පාගාරයට ලබා ගන්නා ජලයට මෙසේ මුහුදු ජලය ගලා ඒම වැලක්වීමට ස්ථිර විසඳුමක් දීමට බලයේ සිටි හා බලයේ සිටින කිසිඳු රජයක් සමත් නොවීම කණගාටුවට කරුණකි.
මෝය කට වර්ෂාවේ අධික කාලයට යට වැඩි කිරීමෙන් නේද ඔය දේ වෙන්නේ ? එය කරන්නේ ජලය ඉන්මනින් බැසීමට නේ , එය අවශ්‍ය වී ඇත්තේ වැසි ජලය පිටාර ගැලීමට අවශ්‍ය ඉඩ අහුරා දැමීම නේද ? ඉවක් බවක් නැතිව වැලි ගැනීම, ඉතිරි ටික ඔබලාම සිතා බලන්න හොඳේ .