IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


’අකුරණ ගව මස් කඩ සඳහා අවසර නැහැ’


(මොහොමඩ්  ආසික්)

මහනුවර-යාපනය  ඒ-9 මාර්ගයේ  අකුරණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් කොටසේ මාර්ගය දෙපස කිසිදු ගව මස් කඩයක් සඳහා මින් ඉදිරියට අවසර ලබා නොදීමට ප්‍රාදේශීය සභාව තීරණය කර ඇති බව අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති ඉස්තිහාර් ඉමාමුදීන් මහතා කීය.

එම මාර්ගය දෙපස ගව මස් කඩ සඳහා ඉල්ලීම්  නොකරන ලෙස ගව මස් ව්‍යාපාරිකයින්ගෙන්  ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.

අකුරණ ප්‍රාදේශීය සභාවේ අද(11) පැවති මාසික මහ සභා රැස්වීමේදී,  ගව මස් කඩ සදහා බලපත්‍ර ඉල්ලා ඉදිරිපත්ව තිබූ ඉල්ලුම් පත්  කිහිපයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභාපති ඉස්තිහාර් ඉමාමුදීන්  මහතා එසේ කීය.

අකුරණ මේල්චේන ප්‍රදේශයේ මෙයට පෙර පවත්වාගෙන ගිය නමුත් බදු මුදල් නොගෙවීම නිසා  දැනට වසා දමා ඇති ගව මස් කඩයේ  බලපත්‍රය නැවත ඉල්ලා ලිපියක් ඉදිරිපත්ව ඇති බවත්  ඒ -9 සහ අවට මාර්ගය ආසන්නයේ  ගව මස්  කඩ සඳහා බලපත්‍ර ඉල්ලා තවත් ඉල්ලුම්පත් කිහිපයක්ද   ඇති බවත් සභාපති ඉස්තිහාර් ඉමාමුදීන් මහතා මෙහිදී කීය.

මෙහිදී අදහස් දැක්වූ  විපක්ෂ නායක අජ්මීර් ෆාරුක් සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඒ.ආර්.එම්. සරූක් මහතා සඳහන් කළේ අකුරණ ප්‍රදේශය මේ වන විටත් ගව මස් කඩ වැඩි ප්‍රමාණයක් පවතින බැවින් අලුතින් ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරුන් වන අනුරුද්ධ ජයසුන්දර සහ  චමින්ද තිලකරත්න යන මහත්වරුන් සඳහන් කළේ  මේවන විටත්  මහා පරිමාණ ව්‍යාපාරිකයින්  ගව මස් වෙළඳාම ජයට කරගෙන යන බවත් මේල්චේන ප්‍රදේශයේ දුප්පත් පුද්ගලයකු වසා ඇති මස් කඩයට නැවත බලපත්‍රයක් ඉල්ලා ඇති බවත් ඒ ගැන සානුකම්පිතව සිතා එය ලබා දිය යුතු බවත්ය.

කෙසේ නමුත් දැනට වසා ඇති මස් කඩය සඳහා අය විය යුතු හිඟ  බදු මුදල් අය කර ගැනීමෙන් පසුව ඒ සඳහා නැවත බලපත්‍රය ලබා දීමටත්   ඒ -9 මාර්ගයෙන් පිට  කර ඇත් ඉල්ලීම් සම්බන්ධයෙන් පරිසර කමිටුව හරහා පරීක්ෂණයක් පැවැත්වීමටත් කිසිදු හේතුවක් මත ඒ -9 මාර්ගය දෙපස ගව මස් කඩ බලපත්‍ර ලබා නොදීමටත් සභාව නැවතත්  තීරණය කළේය.




අදහස් (2)

’අකුරණ ගව මස් කඩ සඳහා අවසර නැහැ’

Bamunuarachchi Tuesday, 11 August 2020 01:49 PM

තිබෙන ගවමස් කඩ ටිකත් ඉවත් කරන්න.

:       353       8

Asanga Tuesday, 11 August 2020 02:32 PM

අපෝ තියන ප්‍රමාණය හොඳටම ඇති. ඒවත් නිසි ප්‍රමිතියේ නැහැ. හුඟක් වෙලාවට මේවා ප්‍රදර්ශනය වෙන්නයි විකුණන්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31324 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13537 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11001 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 116 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site