(ටී. කේ. ජී. කපිල )
කුවේට් සිට ශ්‍රී ලංකාව බලා අද (05) අලුයම පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගමන් ගනිමින් සිටි ගුවන් මගියෙකු එම ගුවන් යානය තුළ දී මිය ගොස් සිටි බව කටුනායක ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
මොහු 59 හැවිරිදි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු වන අතර, ඔහුට හදිසියේ වැළදුණු හෘදයාබාධයක් නිසා මෙම මරණය සිදු වී ඇති බව ගුවන් තොටුපළ වෛද්‍යවරු පවසති.
අද උදෑසන 6.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයේ ගමන් ගෙන තිබේ.
කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයනාත් වනසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීහු පිරිසක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කෘත්‍රිම ශ්වසනය දෙන්නේ කොහොමද කියලා හුගක් අය දන්නේ නැහැ. පපුව නැවත පණ ගැන්වීමේ යන්ත්‍රත් නැහැ. දේශපාලකයන්ගේ කතාවනම් දෝලාවෙන්.
ඔවු. ඒක ඇත්ත. මිය ගිය කෙනෙකුට කෘත්‍රිම ස්වසනය දීලා වැඩක් නෑ. නමුත් හදිසි හෘදය ඇන හිටුමකදී නැවත හෘදය පණ ගැන්වීම සඳහා AUTOMATED DEFIBRILLATORS සුදුසු ස්ථාන වල සවි කරනවානම් ඉතා ප්‍රයෝජනවත් වෙනවා. නමුත් ගැටලුවකට තියෙන්නේ අපේ රටේ සමහර අයට එම උපකරණ වල වටිනාකම ගැන අවබෝදයක් නෑ. එමනිසා ජනමාධ්‍යය ආයතන හරහා මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමෙන් යම් ප්‍රගතියක් ලබා ගැනීමට හැකි වේවි. දියණු රටවල් වල මෙම උපකරණ නොයෙක් ස්ථානවල ස්ථාපිත කරලා තියෙනවා. ඒ පිළිබඳව ඒ රටවල්වල ජනතාවත් දැනුවත් කරලා තියෙනවා.