IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘පළාත් සභා මැතිවරණය කල්දාන්නේ දෙවැනි පෙළට බය හින්දයි’

(දීපාල් ද සිල්වා)

පළාත්  සභා මැතිවරණය ප්‍රමාද කරන්නේ දැනට මහජන නියෝජිත ආයතනවල සිටින අයට දෙවැනි තැන ලැබේවි යයි සිතා බවත්, පළාත් සභා මැතිවරණය කල් දමන සැබෑ හේතුව එය බවත්  මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කොස්ගොඩදී පැවසිය.

"මැතිවරණ පැවැත්වීම ගැන  බොහොම රාවයක් තියෙන මේ වෙලාවේ අපි විමසා සිටින්නේ පළාත් සභා ඡන්ද විමසීම තියෙන එක ගැන තමයි. පළාත් සභා ඡන්ද විමසිම ප්‍රමාද කරන්නේ, අපට පේන විදියට, සියලුම දැනට මහජන නියෝජිත ආයතවල ඉන්න අය හිතනවා දෙවැනි පෙළක් එන එක හොඳ නෑ කියලා."

"මට හිතෙන්නේ දැන් මේකට ඔක්කොම විරුද්ධ වෙලා තියෙන්නෙ වෙන හේතුවක් හින්ද නෙමෙයි. නොතියන්නෙ දෙවැනි පෙළක් ඉස්සරහට එයි කියලා බයට වෙන්ට ඕනේ. නැත්තම් කිසිම හේතුවක් නෑ පළාත් සභා ඡන්දේ කල්දාන්න" යැයි ඒ මහතා පැවසිය. 

ලෝක කැස්බෑ දිනය වෙනුවෙන් කොස්ගොඩ ගල්බොක්ක කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 500 ක් මූහුදට නිදහස් කිරිමේ අවස්ථාවට එක්වෙමින් මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසීය.



අදහස් (5)

‘පළාත් සභා මැතිවරණය කල්දාන්නේ දෙවැනි පෙළට බය හින්දයි’

Ranga Monday, 17 June 2019 04:36 AM

දෙවනි පෙළ කතන්දරයක් නෙවෙයි, ආණ්ඩුව ඡන්දෙන් පරදිනවට බයේ

:       0       217

sharm warn Monday, 17 June 2019 06:46 AM

හරියට හරි .. ඉන්න 225 ම දන්නවා තව පාරක් රට කන්න තියෙන චාන්ස් එක බොහොම හීනි එකක් කියලා . ඒ නිසා පුළුවන් තරම් අල්ලාගෙන ඉන්න ගමන් ගන්න පුළුවන් සේරම කුට්ටි ටික කඩා ගන්න තමයි බලන්නේ .

:       0       22

de silva Monday, 17 June 2019 07:25 AM

දෙවන පෙළ නොවේ දැනට පාර්ලිමේන්තුවේ ඉන්න එකෙකුටවත් ලබන සැරේ මනාපේ ගහන්න හොඳ නැහැ .

:       0       1

Nandalal DE SILVA - France Monday, 17 June 2019 07:46 AM

කැස්බෑවන් සහ දේශපාලනය අතර තිබෙන සම්බන්දය කුමක්ද? මැතිවරණ කොමිසමේ සභාපති නිදහස් ස්වාධීන පුද්ගලයෙක් හැටියට හිඳිමින් කරන මේ කැස්බෑකටු කතාව ඔහුගේ තත්වයට ගැලපෙන්නේ නැහැ.

:       1       13

Amila Monday, 17 June 2019 12:03 PM

සල්ලි කාබාසිනියා කරන පළාත් සභාව ඔහොම්ම හිරවුණු එක රටට වුණු සෙතක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site