IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


නිධාන් ගන්න ගිය පහක් සැකපිට

කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි
සාලියවැව නීලබැම්ම දකුණු ඉවුරේ විදුලිය වැටට සමීපයේ පිහිටි ඉඩමක නිධන් හෑරීමට සූදානම් වූ බව කියන පුද්ගලයන් පස්දෙනකු ඊට අදාළ ද්‍රව්‍ය හා උපකරණ තොගයක් හා වෑන් රථයක්ද සමග අද (8) දින සැකපිට අත් අඩංගුවට ගත් බව සාලියවැව පොලීසිය කියයි.
එක නැට්ටේ දෙහි ගෙඩි තුනේ පොකුරු 2ක් ඇතුළුව දෙහි ගෙඩි 22ක්,ගිරයක්, බුලත් කොළ 21ක්, තෙල් කුප්පියක්, සුදු යකඩ සුර 7ක්, සුවද විලවුන් කුප්පියක්, පහන්තිර පැකැට්ටුවක්, කපුරු පෙති පැකැට්ටුවක්, නූල්පන්දුවක්, පිත්තල අත් සළඹ 1ක්, කොස් ඇට 18ක්, සුදු යකඩ කඩුවක්, සුදු යකඩ පිහියක්, තෙත පස් සහිත පාර්සලයක්, විදුලිය පන්දමක්, සහ ගල් විදීමට යොදා ගන්නා හැමර් යන්ත්‍රයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
කිසියම් සැක සහිත කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට වෑන් රථයකින් පැමිණ සිටින බවට ලද තොරතුරකට අනුව පොලීසිය මෙම වැටලීම සිදුකර තිබේ. එහිදී අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර කපුවෙක් ද සිටිනා බවත්, වයස අවුරුදු 22-56 අතර පසුවන මොවුන් දන්කොටුව බෝලවත්ත, කිරිමැටියාන සහ වෙන්නප්පුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් පොලීසිය සදහන් කරයි.



අදහස් (5)

නිධාන් ගන්න ගිය පහක් සැකපිට

Raveendra Sunday, 08 October 2017 02:59 PM

රෙබරිකරුගේ ගෙවල් සාලියවැව නීලබැම්ම පැත්තේ නැහැ නේද? මේ හිඟන්නෝ මහා බැංකුවේ සල්ලි එහේ හංගලා කියලා හිතන්න ඇති....

:       7       36

ranavi Sunday, 08 October 2017 04:15 PM

කවුරුවත් ප්‍රශ්න නොකෙරුවාට ලංකාවේ අද්භූත සල්ලි කාරයෝ වැඩි දෙනෙක් නිදන් හොරු නැතිනම් මත්ද්‍රව්‍ය වෙළෙන්දෝ. ඉතින් පොඩි අයත් හිඳලා හිටලා මංකොල්ල කනවා....

:       0       30

ජයන්ත මිලානෝ Sunday, 08 October 2017 05:41 PM

වෙන්නප්පුවේ හතු පිපෙන්නා වගේ කෝටි පති බිහි වුනා .එක්කෝ කුඩු ,නැතිනම් නිදන් කියලාය් මිනිස්සු කීවේ .

:       0       18

mahee Sunday, 08 October 2017 08:39 PM

මේ බඩු ළඟ තිබුන පමණින් පුලුවන්ද කාරණේ ඔප්පු කරන්න? ඔරුවක නැගී යන කාන්තාවක අත මල්, පහන්තිර, තෙල්, හඳුන්කුරු, බුලත්, සුදු යකඩ පිහියක් ආදී දේ දැකල තොටිය කිව්වලු මං උඹව එගොඩට ගිය හැටියේ පොලිසියට අල්ල දෙනවා නිදන් හාරන්න යනවා කියල. කාන්තාව කිව්වලු ඉතින් මං නිදන් හැරුවේ නෑනේ කියල. ඒ වුනාට උඹ ළඟ ඒ අපරාදයට අවශ්‍ය ඔක්කොම බඩු තියෙනවා, අනික උඹ යන්නේ අර කැලේ තියෙන පාළු දේවාලේ පැත්තට, තොටිය කිව්වලු. කාන්තාව කියනවා එහෙනම් මම උඹව අල්ලල දෙනවා ස්ත්‍රී දුෂණය කලාට. තොටිය උපහාසයෙන් කියනවා ඉතින් මං ස්ත්‍රී දුෂණයක් කලේ නැහැ නේ කියල. කාන්තාව කිව්වා, ' ඒ වුනාට උඹ ළඟ ඒ අපරාධයට අවශ්‍ය ඔක්කොම බඩු තියෙනවා, අනික උඹ යන්නෙත් ඒ කැලේ තියෙන පාළු දේවාලෙ පැත්තට'. මේකත් එවගේද මන්ද.

:       0       146

RaveendraMonday, 09 October 2017 01:43 AM

මහී මයා වෙත ඔබගේ සුන්දරවූ හස්‍යදනවන අදහසට අප ඉස්තුතිවන්ත වන්නෙමු.

:       16       71

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 425 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2195 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site