IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වයිබර් පමණක් අද රෑ සිට

තරිඳු ජයවර්ධන

අද රාත්‍රී සිට වයිබර් සමාජ ජාලය වෙත පිවිසීමේ අවස්ථාව ලබා දීමට රජය තීරණය කළ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා කියයි.

නුවර ඇති වූ කළහකාරී සිදුවීම් සමඟ වට්ස්අප්, ෆේස්බුක්, වයිබර් ඇතුළු සමාජ ජාලා වෙත පිවිසීමේ අවස්ථාව ඇහිරීමට රජය පියවර ගෙන තිබිණි.

නැවත සමාජ ජාල වෙත පිවිසීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීමේ මූලික පියවරක් ලෙස අද (13) රාත්‍රියේ සිට වයිබර් සමාජ ජාලය වෙත පිවිසීමේ අවස්ථාව ලබා දීමට රජය තීරණය කර ඇති බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

රජය සමාජ මාධ්‍ය අවහිර කිරීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාපාර පවත්වාගෙන ගිය කුඩා පරිමාණ ව්‍යාපාරිකයෝ සහ කර්මාන්තකරුවෝ රැසක් අපහසුතාවට පත්වූහ.

ගෙවුණු දින කිහිපයේ සංවිධාන, මාධ්‍යවේදීන්, සිවිල් පුරවැසියන් ඇතුළු විශාල පිරිසක් මේ ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබිණි. 

නාලක ගුණවර්ධන, සංජන හත්තොටුව වැනි සමාජ මාධ්‍ය විශ්ලේෂකයන් පෙන්වා දී තිබුණේ සමාජ මාධ්‍ය අවහිර කිරීමට රජය ගත් තීරණය වැරදි බවයි. 



අදහස් (7)

වයිබර් පමණක් අද රෑ සිට

රජින්ද Tuesday, 13 March 2018 01:59 PM

මේවට කොහෙන් හිනාවෙන්නද කියල තේරෙන්නේ නැහැ.

:       1       96

sena Tuesday, 13 March 2018 02:21 PM

මෙයාලාට නම් ලබන ඡන්දෙදි යන එන මං නැතිවෙනවා.

:       1       221

nishantha Tuesday, 13 March 2018 02:39 PM

ඇයි අපරාදෙනේ, ටෙලිපොනුත් තහනම් කලානම් ඉවරයි. නොගැලපෙන අය නොගැලපෙන තැන්වලට අපේ ඡන්දෙන් පත්කළාට අපිට මේවා හොඳ පාඩම්..

:       1       138

සතයපාල Tuesday, 13 March 2018 02:44 PM

යහපතට මෙන්ම අයහපත් දේ කිරිමටද මේ සමාජ මාධ්‍ය ජාල පරිහරණය කරන නිසා ඇත්තටම මේවා යම් තරමකට හෝ පාලනය කල යුතුයි. විශේෂයෙන්ම මේවා පරිහරණය කරන්නන් එම සමාජ ජාල තුල ලියා පදිංචි වන ලෙසම යම් රාජය ආයාතනයක් තුලත් ලියාපදිංචි කලා නම් මේ සමාජ මාධ්‍ය ජාලයන් අවභාවිතා කරමින් කරන පහත් හා දුර්ජන ක්‍රියා යම් තරමක් දුරට හෝ පාලනය කල හැකි අතර එවැනී ක්‍රියාවන්හී යෙදෙන තැනැත්තන් පහසුවෙන් හදුනා ගැනිමටද මෙමගින් උපකාර වනු ඇති.

:       55       116

Niluka Tuesday, 13 March 2018 02:53 PM

හොඳ සතුටුදායක තීරණයක් .

:       0       14

ගාල්ලේ පාල Tuesday, 13 March 2018 04:14 PM

එක මකුණයි කන්නේ.. ඇයි ඔක්කොම මකුණො මරන්නෙ.. වැරදි කරන අයට දඬුවම් දෙනවා වෙනුවට රජයේ නොහැකියාව ප්‍රදර්ශනය කළා

:       3       128

Bamunuarachchi Wednesday, 14 March 2018 01:15 AM

"මෙයාලාට නම් ලබන ඡන්දෙදි යන එන මං නැතිවෙනවා." ලබන ඡන්දෙදි මේගොල්ලන්ට බේරෙන්න තමයි මේවා කොරන්නනේ. ගිය සැරෙත් සමාජ ජාල මගින් දුන්න වැඩේ නියමෙට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site