(ඩයනා උදයංගනී)
මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 3600 ක් මුදා හැරීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ටී.බී ඒකනායක මහතා ගෙන ආ යෝජනාවක් පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව ලෙස අද (04) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිණි.
මෙම විවාදය පැය හතරකට වැඩි කාලයක් පැවති අතර යෝජනාව ඉදිරිපත් කළ පාර්ශ්වය නියෝජනය කරමින් අදහස් දැක්වූයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් පමණි.
යෝජනාවට විරෝධය පාමින් එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු 20 ක් පමණ අදහස් දක්වද්දී එය ඉදිරිපත් කළ ඒකනායක මහතා විපක්ෂයේ තනිව අසුන්ගෙන සිටිනු දක්නට ලැබිණි.
එක් අවස්ථාවකදී මුලසුනේ සිටි බිමල් රත්නායක මහතා පැවසුවේ මෙම විවාදය විවාදයක් නොවීම ගැන තමන් කණගාටු වන බවයි.
COMMENTS
කිසි හරයක් නැතිව ඡන්ද කඩාගන්න විතරක් බලාගෙන ඔහේ කෑ ගහන බෝට්ටුවේ දේශපාලඥයන් ඔය වගේ තමයි...
මේක අපේ සුත්‍ර පුංචාගේ ගේමක්... මොකද එයාට ඕනි අනෙක් අය ලවා සජිත්ව කපලා දාන්න...
එ්කෙන් තේරෙනවා විපක්ෂය කැමැති නැහැ... මේ අවස්ථාවේ සජිත්ට විරුද්ධව කරුණු කියන්න..
අනුන් හොරා කනකොට තමන්ට නැති දුකට මිස රට ගැන හිතලා ගේන විවාද නොවේ ඕවා..
ලොක්කා කිව්වේ මෙහෙමයි නේද? ඔන්න නෑ කියන්න එපා. "යකුනේ, ඔය හාදයට විරුද්ධව මොකුත් කතා කරන්න එපා. ඒ ගොල්ල වෙන එකෙක් දාන්න ඉඩ තියෙනවා. උන් ඇතුලෙම කුලල් කාගන්න අරිමු. මෙයාව පීචං කලොත් වාසිය ඒ එන්න ඉඩ තියෙන එකාටයි. සමසමව ඡන්ද යන්න ඇරියහම වාසිය අපිටයි. උන් දෙකට කැඩෙනවා. ඒ හින්ද කට වහගෙන ඉන්න".
ලිබර්ටි ප්ලාසා පැත්තේ ගිහින් සැහෙන්න හිතන්න වෙන වැඩක්
1992 සිට ඇමරිකා පුරවැසියෙක් වී එවන් ලෝකෙ දියණුම රටක අවරුදු 27කට වැඩි කාලයක් උසස් ජිවිතයක් ගතකර ඇති 2005 සිට 2015 දක්වා ආරක්ෂක ලේකම් ලෙස සිටි යුධ වීරයා වූ සරත් ෆොන්සේකාට එවකට ජනපතිවසිටි තම සොයුරාගේ සහය තිතට ලබාදී කොටිසටන ජයගන්ට සවියක් වූ වඩමාරච්චි සටනේ සරත් ෆොන්සේකාගේ තනතුරේම හිටි ඝෝටහය සජිත්ට වඩා පලපුරුද්ධ හා හැකියාව ඇති රණ විරුවෙකු වීම නිසා ගොටභය වන්නෙකුට සජිත් කජ්ජක් නොවන නිසා සජිත් ජනපති සටනට එනවට ඒකාබද්ධය කැමති ඇති. එකයි සජිත්ට විරුද්දව අදහස් නොදක්වා එජාපයේ ය අතර ගැටුම උග්රකරන්න මේ මාතර ගැටේ ගහන්න ඇත්තේ. එජාපය මාතර ගැට වල පැටලෙයිද? බලමු තව ටික දවසනෙ තියෙන්නේ. මහින්දට රනිල්ට වගේ ලෝක සහය නැහැ.