(තරිඳු ජයවර්ධන)
පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරනු ලැබ සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගුවන් ගමන් බලපත්‍රය ගැන විමර්ශන වැඩ බලන පොලිස්පතිවරයා විසින් යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනු ලැබ තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශීය පුරවැසියෙකු ලෙස සිටියදී ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ඉල්ලා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබිණි.
එම පැමිණිල්ල විමර්ශනය කරන ලෙස මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකරනු ලැබූ අතර ඉන්පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර කොළඹ අපරාධ කොට්ඨාසයට පවරා තිබිණි.
කොළඹ අපරාධ කොට්ඨාසය මූලික විමර්ශනයෙන් පසු ලබාදුන් වාර්තාවක් පදනම් කරගනිමින් මෙම විමර්ශන යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට වැඩ බලන පොලිස්පතිවරයා පියවර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන පවත්වනු ලබයි.
COMMENTS
නීතියට උඩින් කවුරුවත් නැත.
බලය අතේ නැතිවත් තමන්ගේ හිතවත් වහලුන් මාර්ගයෙන් කුඨ වැඩ කළානම් බලය තිබුණු කාලේ කළ දේවල් ගැන කවර කතාද?
ඒ කියන්නේ මෙයා පරදින බව දැනගෙන. ඇමරිකාවේ පුරවැසි බව... අහෝසි නොකර බොරුකරන එකද, 2008 වගේ පැරදුණු ගමන් ඇමරිකා යන්නද? අපේ රටෙත් ඉන්නේ පුදුම වීරයෝ සතුරා සමග සටන් කරලා. රට බේරාගත්තලු... නමුත් පොලිසියයි අධිකරණයයි දැක්කම. උණ ගන්නවා. රෝහලේ නතර වෙන තරමට..
ද්විත්ව පුරවැසියෙකුට ගුවන් ගමන් බලපත්‍රයක් ගන්න බාධාවක් නැහැ.. ප්‍රශ්නය තිබෙන්නේ එය ලබාගෙන තිබෙන අවිධිමත් ක්‍රමයයි. එවැනි පුද්ගල පාස් පෝට් එකක ද්විත්ව පුරවැසි කියන පාඨය ඇතුළත් වියයුතුයි. එය සඳහන් කර නැහැ. එහෙම නොකළ හේතුව මම කියන්නම්... මොහු කරන්න හැදුවේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි වී නැහැ කියා ප්‍රශ්නය එනකොට... එසේ නම් කොහොමද ලාංකික පාස්පෝට් එකක් මට නිකුත් කළා කියා නීතියට වැලිගහලා ජනයා මුලා කරන්නයි එම පාස්පෝට් එක මම දැන් ලාංකික පුරවැසියෙක් පමණකි කියා පෙන්වමින් අපේක්ෂකත්වයට සුදුසු ලියවිල්ලක් ලෙස භාවිතා කිරීමේ අභිලාෂයෙනි.. තවද පාස්පෝට් එක හැදීම සඳහා හදා තිබෙන පුද්ගල හැඳුනුම්පත පවා ව්‍යාජ එකක්ලු.. මේවා කිරීමට උදව් උපකාර කළවුන් පවා අමාරුවේ දැන්... හිතන්න ඇති මේවා හෙලිවෙන්නේ නැහැ කියලා.. මේවා සුළුපටු විෂමාචාරයක් නොවේ හේතුව මේවා හිතාමතාම සිද්ධ කරන නිසා...
ඔන්න ඔහේ දීලා දාන්න එයා එන්නේ අපිට ආදරේටනේ.
මේ කරන්නේ දේශපාලන කොන්ත්‍රාත් එකක් මිසක් වෙනදෙයක් නෙමෙයි. පාස්පෝර්ට් එකක් ගන්නවා කියන්නේ කඩේකින් පාන් ගෙඩියක් ගන්නවා වගේද? මේ ක්‍රියාවලියට රජයේ කොපමණ සේවකයන් ප්‍රමාණයක් හවුල් වෙනවද? සමාදාන විසුරුවරයාගේ ඉඳලා ආගමන විගමන ප්‍රධානියා දක්වාමත්, පුද්ගලයා ලියාපදිංචි කරන ප්‍රධානියත් එම ආයතනවල සුළු ලිපිකරුවා දක්වාත් හවුල්. ඒ වගේම ගෝඨා ඇමෙරිකාවේ සහ ලංකාව කියන රටවල් දෙකේම පුරවැසියෙක්. මේ සියලුම දේට වඩා ගෝඨා කියන්නේ නීතිගරුක පුද්ගලයෙක්. ඔහුට ආගමන එකේ සුළු නිලධාරියෙකුට කියලා හොර පාස්පෝර්ට් එකක් හදාගැනීමට හැකිද? අවශ්‍යද? එසේ ගත්තානම් එය රටින් පැනයාමට මිසක් වෙන කුමකටද?
පොලිස් මූලස්ථානයට ලැබී ඇති අනෙකුත් පැමිණිලි දැන් පරීක්ෂා කරලා ඉවරයිද? පුදුම කාර්යක්ෂමතාවයක් තියෙන්නේ විරුද්ධ පක්ෂ දඩයමේදී. සාෆි පරික්ෂණවලට වෙනදේ කාට නැතත් අපිට පේනවා. තීන්දු ගන්නේ අපි බව ඔය අණ දෙන්නන් මතක තියා ගත්තොත් හොඳයි..!
ගෝඨා ද්විත්ව පුරවැසිකම අරන් නම් ඔහුට ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රයක් ගන්න තහනමක් නැහැ. මමත් එහෙම කෙනෙක්. අපිට පාස්පෝට් 2ක් තිබෙනවා. ඡන්ද ලැයිස්තුවට නම තිබීමට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකා පුරවැසිකම තිබීමයි. ඒ ටික හොයා බලාලා හිටියනම් මේ කචල් නැහැනේ. අනික අන්න වෙන පුවත්වල තිබෙනවා ඔහු අප්‍රේල් 17 ඇමරිකානු පුරවැසිකම ඉවත් කරන ඒ බව ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දීපු බවත්. ඒවයෙත් ඇත්ත නැත්ත හොයා බලන්න පුළුවන්නේ.
වීරවංශ මලයාගේ එකට වගේම ඔය විදෙස් ගමන් බලපත්රයටත් බාලගිරි දෝෂය බලපාවි.
මෙ උනන්දුවම සහරාන් හිස්බුල්ලා සහ බදුර්දීන් වැනි අයටත් තිබුණ නම් හොදාා බටහිර බලවෙග එන්.ජි.ඔි සහ කුහක දෙශපාලුවන් ජාතීවාදි ආගම් වාදී දෙශපාලුවන් සියල්ල පහර එල්ල කරන්නෙ කොන්ද පණ ඇති සිංහලයන්ට මයි.මුවන්ව එළවා දමන දිනය අත ලගයි.
ඔව්. පැහැදිලියි . රටට තියෙන එකම විකල්පය කෙසේ හෝ වලක්වන්නට නිර්ලජ්ජිත , නිවට බලවේග කඩිමුඩියේ උත්සහා කරමින් සිටියි. මොවුන් බලයේ සිටින්නේම මෙවැනි උපක්‍රමවලිනි
ගොටභය විසින් UNp එක ලස්සනට කඩේ යැව්වා. නිත්යානුකූල ලියකියවිලි ළඟ තියාගෙන සද්ද නැතුව හිටියා. කට්ටිය නාගත්තට පස්සේ තමයි කිව්වේ නිත්යානුකූලව පුරවැසි භාවය ඉවත් කරගත්ත කියලා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වෙන උත්සවවලදී ඔහු ප්‍රකාශ කරන දෙයක් හැර, ඔහුට ප්‍රශ්න යොමුකර පිළිතුර ලබා ගැනීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබා නොදීමට තීරණය කර ඇතැයි දැනගන්න තිබේ. ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර මාධ්‍යවේදීන් ක්ෂණිකව යොමු කරන ප්‍රශ්නයකට පිළිතුරු දීමේ දී නොගැළපෙන හෝ මතභේදයට තුඩුදෙන යමක් ප්‍රකාශ කළහොත් එය මැතිවරණ ව්‍යාපාරයට තදින් බලපෑ හැකි බව ගෝඨාභය රාජපක්ෂගේ උපදේශකයන් කළ දැනුම් දීමකට අනුව මෙම තීරණය ගෙන ඇත. ශ්‍රීලංකා පොදුජන පෙරමුණට ඍජුව සහයෝගය ලබාදෙන පෞද්ගලික මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් ඔවුන්ගේ ප්‍රාදේශීය වාර්තාකරුවන්ටද මෙම තත්වය දැනුම්දී තිබෙන බව වාර්තා වෙයි. ජනපති අපේක්ෂක ලෙස පත්වූ පසු සිදුකරන මෙම මාධ්‍ය තහංචි කිසියම් හේතුවකින් බලයට පැමිණිය හොත් කෙලෙස ක්‍රියාත්මකවේද යන්න සම්බන්ධව මේ වනවිටත් කතාබහට ලක්ව තිබේ. කොහොමද පටන්ගැන්ම..?
තමන්ට ඕන උත්තරය ගන්න, පරීක්ෂණ එක එක කෙනාට දෙනවා
මේකෙ තියෙන වැරැද්ද මොකද්ද කියලා පැහැදිලි කරන්න. ගුවන් ගමන් බලපත්‍රය කියන්නේ මොකක්ද ? ගුවන් ගමන් බලපත්‍රය ( Air ticket). විදේශ ගමන් බලපත්‍රය (Passport).
ද්විත්ව පුරවැසිකම ලබාගන්නට පෙර 2005 සංචාරක වීසා බලපත්‍රයක් යටතේ මෙරට ඇතුලුව ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා එකී කාල සීමාව තුළ තම සොහොයුරා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා තම දායකත්වය දක්වා තියෙනවාලු. දින 30කට පමණක් වලංගු සංචාරක වීසා බලපතක් යටතේ මෙරටට ඇතුලුව එලෙස මැතිවරණ කටයුතු සඳහා සහභාගී වීමද එම මැතිවරණයේදී ඡන්දය දීමද මේ රටේ ආගමන හා විගමන පණත් ප්‍රකාර කොන්දේසි කඩකිරීමක් මෙන්ම දඬුවම් ලැබිය හැකි වරදක්ලු. හොඳින් හරි, නරකෙන් හරි මෙදා නම් දිනන්නම වෙනවා. දිනුවට පස්සේ ඔය ලෝස් කවුද ගණන් ගන්නේ... හොඳ වෙලාවට මේ මහත්තුරු ඒ ක්‍රම සහ විධි ගැන හොඳට දන්නා අයනේ. නේද..?
මේවා තාක්ෂණික ප්‍රශ්න විතරයි. යුද්ධය කරන කාලේ කවුරුත් කිව්වද අමෙරිකන් පාස්පෝර්ට්... ඒ නිසා යුද්ධය කරන්න එපා කියලා. ජනතාවට ඕනෙනම් ඕනේ දිල්ලියක පුරවැසිකම තියෙන කෙනෙක් තොරා ගනී.. කාටවත් එ්කට කලබල වෙන්න දෙයක් නැහැ. ලන්දේසි, පෘතුගීසි, ඉංග්‍රීසි පාලනය කරපු රටක් අපේ රටේ මනුස්සයෙක් අමෙරිකාවේ ගිහින් අාවා කියලා මොකක්ද තියෙන ප්‍රශ්නේ? රටට වැදගත් බැඳලද? නැද්ද? ළමයි ඉන්නවද? නැද්ද? ලංකාවේ ඡන්දේ තියේද? නැද්ද? ගෘහ මූලිකයෙක්ද නැද්ද? කාන්තාවක්ද? පිරිමියෙක්ද? කියන ඒවා නෙවෙයි, රටේ ප්‍රශ්න සාධාරණව විසඳන කෙනෙක්...