(යොහාන් භාසුර,මනෝප්‍රිය ගුණසේකර සහ ළහිරු හර්ෂණ )
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
රටේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහාත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහාත් හදිසි නීතිය පැනවූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.
COMMENTS
රටතුළ පාලනයක් තිබිය යුතුයි. වැරැදි දේශපාලකයින් පාඩමක් ඉගෙනගත යුතුයි තමයි. පාලනය නිවැරදි මාවතකට යොමු විය යුතුයි. ඒ අතරම රට අරාජික වුවහොත් අතන මෙතන ඉන්න හැම කෙනාම රජ වෙන්න හදනවා. රට තවතවත් වට්ටලා වල දාන්නම හදනවා කට්ටියම එකතුවෙලා..
දැන් මෙයා යන්නේ යුද්ධ හමුදාව දාලා මර්ධනය ක්‍රියාත්මක කිරීමටයි. දැන් සැපයි.
රටේ යහපැවැත්ම තියාගන්න ඕවා කරන්න ඕනෑ නෑ... ඉල්ලා අස්වෙන්න.
හමුදාව යොදවා පහර දෙන්න ගියොත් වැඩේ තවත් දුරදිග යන්න පුළුවන් මහත්තයෝ. මේ හැප්පෙන්නේ වැරදි පරම්පරාවක් එක්කයි.
හදිසි නීතිය දැම්මාට එය පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීම තමයි ඉතා වැදගත් වන්නේ. රටේ ජනතාවට තියෙන අනේකවිධ ප්‍රශ්න සහ දුක්පීඩා ඉවසාගත නොහැකි තැන පාරට බැස්සාම හදිසි නීතිය දමා හරියන්නේ නැහැ. මේ පාරට බැස තියෙන්නේ, බඩගින්න හා ආර්ථික ප්‍රශ්නවලට නිසි විසඳුම් දීමට රජය අපොහොසත් වීම නිසා බව රහසක් නොවෙයි. පසුගියදා දැමූ හදිසි නීතියත් අකුලා ගන්නට සිදුවුණා මතකයි. රට වැටී ඇති මේ බිහිසුණු බංකොළොත් අවස්ථාවේ ඉතිරිව තියෙන සොච්චම් මුදල් ටික, නිකරුනේ පාර්ලිමේන්තුව රැස්කොට නැතිකර දැම්මා. ඉතිරි කොටස සන්නද්ධ හමුදා සඳහා වියදම් කොට දමනවා. විකාර වැඩ නවතා, බඩු මිල අඩු කරන්න. ගෑස් හා තෙල් පෝලිම් නවතා ජනතාවට සහන සැලසීමට පියවර ගන්න. එවිට මහජන උද්ඝෝෂණ බැලුම් බෝලයේ හුළං ගියා සේ නතරවේවි. කළයුත්ත පසෙක තබා වෙනත් අනවශ්‍ය දේ කිරීමෙන් ප්‍රශ්නවලට පිළිතුරු ලැබේ යැයි නොසිතන්න.
අයියෝ ගෝඨාභය සර්..! මම ඔබට ආචාර කරනවා... මොකද මම දන්නවා ඔයා ඉක්මණටම ඕක රිවර්ස් කරනවා කියලා.
මෙයා දන්නේ හමුදාව කැඳවන්නයි, හදිසි නීතිය දාන්නයි විතරයි.
හදිසි නීතිය..! ජනතා බලය ඔය සේරටම යටයි. තවත් මේ රටට පව් නොදී තොළොංචි වෙන්න.
දැන් නම් මොලය හොඳටම කුරුවල් වෙලා...
බොහොම හොඳ දෙයක් කළේ... මොකද ඔයාගේ 69 ලක්ෂයට පේන්න එපැයි, පුහුල් හොරා කරෙන් දැනේ කියන එක... දැන් ඉතින් රජයේ අවසන් ගමන නවත්වන්න බෑ.
දෙන්නේ නැතිව ඉන්නවද?
රටේ ආර්ථික ප්‍රශ්නය විසඳීමට පුළුවන් කියලා හිතනවාද?
දන්නෙම එච්චර තමයි. වෙලාවක හමුදාව කැඳවීම කරනවා. තවත් වෙලාවක හදිසි නීතිය දානවා. මෙහෙම කරන්න උපදෙස් දෙන අයට මොංගල්ද මන්දා..? ජනතාව කියන දෙයක් තේරුම් ගන්න බැහැමයි.
ඊළඟ පියවර තමයි ඇඳිරි නීතිය. කෙසේවෙතත් මහජනතාව උග්‍ර ලෙස පීඩාවට පත්කරනවා.
බොහොම හොඳ වැඩක්...
ජනාධිපති හිතාගෙන ඉන්නේ ලංකාව තියෙන්නේ වෙනම ග්‍රහලෝකයක කියලා වෙන්න ඇති. සිංහයින් කියලා හිතාගෙන මහජනතාව පත්කරගත්තේ නියම හරක් පට්ටියක්.