(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම ඉකුත් 10 වැන දින සිට තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද(13) පැවසීය.
බහුලව රිය අනතුරු සිදුවීම හේතුවෙන්, ගල්කිස්ස කොට්ඨාස මාර්ග ආරක්ෂක කමිටුව හා රත්මලාන මාර්ග සංවර්ධන අධිකාරිය ගත් තීරණයක් මත මෙම පියවර ගත් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
COMMENTS
ඉතාම හොද තීරණයක්.
එතකොට යතුරුපැදි යන්නේ පොළව යටින්ද? පොඩි එකාට තමා සේරම.
මේ ගුවන් පාලම පටුය , තිබෙන වාහන තදබදයට මෙය පිලියමක් නොවේ , ඉදිරියට කොළඹ ගුවන් පාලම ඉදිකරනකොට , හදිසියට පැලැස්තර අලවනවා වගේ වැඩ නොකර , අධි වේගී මාර්ගවල ප්‍රවේශ වල තිබෙන ආකාරයට පළලින් වැඩි ස්ථිර කොන්ක්‍රීට් වලින් නිමවූ ගුවන් පාලම් හදන්න , නැතිනම් වෙන්නේ වාහන තද බදය අඩු නොවී තවත් වැඩිවන එකය , කොළඹ වාහන තදබදය අඩු කරන්න නම් , අනිවාර්යයෙන්ම ස්ථිර ගුවන් පාලම් 20 වත් ඉදිරි වසර 5 තුල ඉදි වෙන්න ඕනේ .
ඉතාම හොඳ තීරණයක්. ඒ අය තමයි ගුවන් පාලමේ තනි ඉර කපාගෙන යන්නේ. කිසිම විනයක් නැහැ. හරක් වගේ යනවා.
හැමෝම නෙමේ. හුඟක් මෝටර් සයිකල් යන්නේ පාර දිගට නෙමේ.පාර හරහා.
ඊයේ මම කොළඹ සිට කොහුවල දක්වා ගමනාගමනයේ යෙදී සිටියදී, නුගේගොඩ පාලම ඉදිරිපිට ගැටිති කම්පනය වෙමින් පවතින බව මම දුටුවෙමි.
ගෝඨාභය ආපු ගමන් අපි යතුරු පැදි වලට යන්න අවසර දෙන්නයි හිතන්නේ.
සමහර යතුරුපැදිකරුවන් කිසිම නිතියක් පිළිපදින්නේ නැහැ. ඔවුන්ට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. කී දෙනෙක් වමෙන් ඉස්සර කරනවද?
ඉතාම හොද තීරණයක්. යතුරු පදිකරුවන්ට මෙන්ම ත්‍රිරෝද කරුවන්ටත් කොළඹ නගරය සීමා කරන්න පියවර ගන්න ඕනා. ගෝඨාභය මහතා එවකට ආරක්ෂක ලේකම් ලෙස නවීන කොළඹ නගරයට නොගැලපෙන යාචකයන්, ත්‍රිරෝද රථ, පදික වෙළෙන්දන් සීමා කිරීමට පියවර ගත්තා. එතුමා ජනාධිපති වූ පසු එම වැඩ පිළිවෙල තවත් ඉදිරියට ගෙනයමින් දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගර වලද යතුරුපැදි, ත්‍රිරෝධ රථ සීමා කරනු ඇතියි අප බලාපොරොත්තු වෙමු.