IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කුරුලු හොරකමේ ගිය සොර මුලක් අත් අඩංගුවට

(රන්න චන්ද්‍රසේන ගමගේ සහ තංගල්ල ආරියදාස කොඩිතුවක්කු)

පෞද්ගලික කුරුළු උයන් වල හා නිවාස වල ඇති කරනු ලබන ඉතා වටිනා විදේශීය පක්ෂීන් සොරකම් කොට අළෙවි කිරීමේ නිරත වූ සොරමුලක් අත් අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් සමත්ව තිබේ.

පසු ගිය 06 වැනි දින හම්බන්තොට පිහිටි පෞද්ගලික කුරුළු උයනේ සිටි විදේශීය පක්ෂීන් රැසක් කිසියම් කෙනෙකු සොරකම් කොට ඇති බවට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශන වලින් අනතුරුව පක්ෂීන් සොරකම් කොට විකිණීමේ ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් 06 කු  අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. සැක කරුවන් 06 දෙනා සමග සොරකම් කරන ලද විදේශීය පක්ෂීන් 23 දෙනෙකු පොලිස් භාරයට ගත් බවත් එම පක්ෂීන් ගේ වටිනා කම දළ වශයෙන් රුපියල් ලක්ෂ 50 ට ආසන්න වෙන බවත් පොලීසිය පවසයි.

මෙම ජාවාරම සදහා සැකකරුවන් සමග  සොරකමට භාවිතා කළ මෝටර් රථයක්ද පොලීසිය විසින් සොයා ගෙන අති අතර එය ව්‍යාජ අංක තහඩු භාවිතා කොට පාවිච්චි කරන ලද බවට තොරතුරු ලැබී ඇතැයිද පොලීසිය පවසයි. මෙම මොටර් රථය සැකකරුවන් විසින් තිස්සමහාරාම ප්‍රදේශයෙන් කුලියට ගත් එකකි.

සැක කරුවන් සමග පොලිස් භාරයට පත් පක්ෂීන්ද මෝටර් රථයද අද (19) දින හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.
 



අදහස් (1)

කුරුලු හොරකමේ ගිය සොර මුලක් අත් අඩංගුවට

රාජුන් Sunday, 19 November 2017 09:13 PM

මේ අයගෙන් අහිංසක සතෙකුටවත් බේරිලා ඉන්න බෑ. මම සත්ව උද්‍යානවල හෝ යම් තැනක කිසිම සතෙක් හිර කරලා තියාගන්නවට විරුද්ධයි. මේ අය කරල තියෙන වැඩේ ඊටත් වඩා නිහීනයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site