IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආණමඩුව හෝටලයට ගිනි තැබු 7 දෙනා රිමාන්ඩ්


 
ජුඩ් සමන්ත
 
ආණමඩුව නගරයේ පිහිටි  මදීනා හෝටලයට පෙට්‍රල් බෝම්බ තබා ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7 දෙනා මෙම මස 19 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට ආණමඩුව වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් ජයවර්ධන මහතා අද (13) නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් ගත කරන ලද්දේ ආණමඩුව සහ ඒ අවට පදිංචිව සිටි තරුණයින් 7 දෙනෙක් වේ. ඔවුන් වයස අවුරුදු 18 - 22 වියේ පසුවන්නෝ වෙති.

පසුගිය 11 වැනි දා අලුයම 3.00 ට පමණ යතුරු පැදි  තුනකින් පැමිණ ඇති සැකකරුවන් මුලින්ම හෝටලය ඉදිරිපිට පෙට්‍ට්‍රල් වක් කර පසුව පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව විමර්ශන වලදී හෙළි වී ඇත.

ප්‍රහාරය සඳහා යොදා ගත් යතුරු පැදි 3 ක්ද පොලිස් බාරයට ගෙන ඇත.

සිද්ධිය වූ මදීනා හෝටලය අසල ඇති වෙනත් වෙළඳසලක සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතියක දර්ශණ උපයෝගී කරගෙන එක් සැකකරුවෙකුව අත්අඩංගුවට ගැනීමෙන් පසු සෙසු සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත.



අදහස් (0)

ආණමඩුව හෝටලයට ගිනි තැබු 7 දෙනා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 153 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site