(ලහිරු හර්ෂණ)
හෝමාගම අධිකරණයේ දී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට බැන මරණ තර්ජනය කිරීමේ චෝදනාවට වරදකරු වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ මීට සුළු වේලාවකට පෙර උසාවියට පැමිණියහ.
හෝමාගම අධිකරණ සංකිර්ණයේ මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබේ.
ඥානසාර හිමියන්ට සහය පළකරමින් භික්ෂුන් වහන්සේලා සහ දායක පිරිස් අධිකරණ සංකීර්ණය ආසන්නයේ මේ වන විට රැදී සිටිති.
මෙම සිදුවීම වාර්තා කිරීම සඳහා මේ වන විට දෙස් විදෙස් මාධ්‍යවේදීන් ද අධිකරණ සංකීර්ණයේ රැස්වී සිටියි.
සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ද අධිකරණ සංකීර්ණයට පැමිණියාය.








COMMENTS
මහා සංඝරත්නය මෙපමණද වැඩම කරලා ඉන්නේ?
බෞද්ධ චීවරයට අත තියපු අයගේ පරම් පරා හතක් විනාස වෙනවා ! ආදීනව දැන ගෙන වැඩ කරන්න .
නිදා උන් ජාතියක් අවදිකළ අපේ කාලයේ මහා සඟරුවනක් ! අනන්ත බුදු බලයෙන් ඔබ වහන්සේට යහපතක්ම වේවා !!
ජිනිවා ගීහින් කරපු බොරු හෙළි දරව්වට නඩු නැද්ද ? රටකට ගිය කලක් .