IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


මරාගෙන මැරුණු ඊබ්‍රාහිම්ගේ ඉඩම හොර ඔප්පුවකින් ලියාගත් 5දෙනා රිමාන්ඩ්

(*** නිමන්ති රණසිංහ)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේදී මරාගෙන මැරුණු මොහොමඩ් ඉබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් නමැත්තාට අයත් කොල්ලුපිටියේ පිහිටි රුපියල් කෝටි 18ක් වටිනා නිවසක් ව්‍යාජ ඔප්පු සකසා පවරාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නීතිඥවරයකු සහ කෝටිපති ව්‍යාපාරිකයකු ඇතුළු පස් දෙනකු ලබන 24 වැනිදා තෙක්  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (17) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බම්බලපිටියේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන ශිවපාදන් වාකීෂන්, නීතිඥ නදීල් දුෂාන්ත මාලගොඩ, ආමර්වීදියේ පදිංචි රාමයියා පරිමාල් අලගන්, කොච්චිකඩේ පෝරුතොට පදිංචි ඒ.එම්.එම්. අමානුල්ලා සහ රාජරත්නම් රාජලිංගම් නමැත්තන්ය.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගනිමින් මියගිය මොහොමඩ් ඊබ්‍රාහීම් ඉන්සාෆ් අහමඩ් නමැත්තාට අයත් අංක 35, 10 වන පටුමග කොල්ලුපිටිය ලිපිනයෙහි පිහිටි රුපියල් කෝටි 18කට අධික වටිනාකමකින් යුත් නිවස සහ ඉඩම මෙම සැකකරුවන් විසින් ව්‍යාජ ඔප්පු සකස් කොට පවරාගනු ලැබ ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

මෙම සිද්ධියට අදාළව තවත් නීතිඥවරයකු වන ජයන්ත සිරිවර්ධන නමැත්තෙක් සම්බන්ධයෙන් ද මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් මෙම තැනැත්තා මෙහි සැකකාර නීතිඥවරයාට පළමු සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා හඳුන්වා දී ඒ වෙනුවෙන් රුපියල් මිලියන 3ක මුදලක් ලබාගෙන ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙම සිද්ධියේ පළමු සැකකරු මහල් නිවාස ව්‍යාපෘති ඉදිකර අළෙවි කරනු ලබන මෙරට ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයකු බවත්, ඔහු මෙම ඉඩම ව්‍යාජ ලෙස ඔප්පු සකස් කර ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 90කට අධික මුදලක් වැය කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

මෙහි සිව්වැනි සැකකරු වන ඒ.ඒ.එම්. අමානුල්ලා නමැත්තා මෙම ඉඩමේ ඔප්පුව ලබාදී ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 12ක මුදලක් චෙක්පත්‍ මගින් සහ රුපියල් ලක්ෂ 10ක මුදලක් ද ලබාගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

මෙහි දෙවැනි සැකකාර නීතිඥවරයා ව්‍යාජ ඔප්පු සකස් කිරීම සඳහා රුපියල් මිලියන 4ක මුදලක් පළමු සැකකාර ශිවවාදන් වාකීෂන් යන අයගෙන් ලබාගෙන ඇති බවත්, මුද්දර ගාස්තු නොගෙවා මෙම ඉඩම සකස් කර ඇත්තේ 2019 පෙබරවාරි මස 28 වශයෙන් දින සඳහන් කිරීමෙන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. එසේම, මෙම ව්‍යාජ ඔප්පුව සකස් කර ඇත්තේ ඉකුත් මාර්තු මාසයේ දී බවත් පාස්කු ප්‍රහාරයට පෙර දිනයක් යොදා එය සකස් කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සඳහන් කළේය.

මෙහි පළමු සැකකරු සන්තකයේ තිබී මරාගෙන මැරුණු ඉන්සාෆ් අහමඩ්ට අයත් සමාගමක් වූ කොලෝසියස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයාගේ නිල මුද්‍රා දෙකක් ව්‍යාජව සකස් කර තිබියදී අත්අඩංගුවට ගත් බවත් එය නඩු භාණ්ඩ වශයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පැවසීය.

මෙම සැකකරුවන් කූට ලේඛන සැකසීම, වංචා කිරීම, ආධාර අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම, මුද්දර ගාස්තු නොගෙවා වංචා කිරීම, නොතාරිස් ආඥා පනත යටතේ ගැනෙන වැරදි සිදුකිරීම මත අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේය.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂිකා දීපානි මැණිකේ, උපපොලිස් පරීක්ෂක සුමිත් හේමන්ත, උපපොලිස් පරීක්ෂක කන්නන්ගර, පොලිස් කොස්තාපල් (82229) ඩයස් යන නිලධාරීන් අධිකරණය හමුවේ  කරුණු ඉදිරිපත් කළ අතර, සැකකරුවන් වෙනුවෙන් නීතිඥ අසේල රැකව, නීතිඥ ජයන්ත ඩයස් නානායක්කාර, නීතිඥ ශාන්ත හේරත් යන මහත්වරුන් ඇතුලු නීතිඥ මඩුල්ලක් පෙනී සිටියහ.

 



අදහස් (2)

මරාගෙන මැරුණු ඊබ්‍රාහිම්ගේ ඉඩම හොර ඔප්පුවකින් ලියාගත් 5දෙනා රිමාන්ඩ්

Nuwan Friday, 18 September 2020 07:12 AM

ඔය ඉඩම අන්තිමට නවතින්නේ රජ දරුවෙක්ගේ දේපළක් වෙලා. බොරු නම් බලන්න.

:       259       248

MalikaFriday, 18 September 2020 08:55 AM

ඔබ හරියට හරි...

:       238       161

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 193 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 376 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site