
(ඩී.ජී. සුගතපාල)
රෝද පුටුවක සිටි 71 හැවිරිදි ආබාධිත කාන්තාවක් රෝද පුටුවේම ගිනි ගෙන අද (21) දහවල් මියගොස් ඇතැයි පොද්දල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පෝද්දල අපේගම පදිංචිව සිටි ආබාධිත කාන්තාවකි.
මෙම කාන්තාවට අයත් ගාල්ල නගරයේ ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් බදු දිමෙන් මසකට රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ලැබෙන බවත් සිද්ධිය වන අවස්ථාවේ ඇයගේ පුතා සහ බිරිඳ නිවසේ සිට ඇති බවත් අනාවරණයවී තිබේ.
පුතා පවසා ඇත්තේ මව සිටි කාමරයෙන් දුමක් පිටවනු දැක බැලිමේදි රෝද පුටුවේම ගිනි ඇවිලි සිටි බවය.
මියගිය කාන්තාවගේ මරණ පරික්ෂණය හෙට කරාපිටිය රෝහලේදි පැවැත්විමට නියමිත අතර පෝද්දල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd