IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෝවිඩ් පරීක්ෂණ ධාරිතාව 25,000කින් වැඩිකිරීමට පාකිස්තානය සැරසෙයි

අප්‍රේල් මාසය වනවිට දිනකට කළ හැකි ‘කොවිඩ්-19’ පරීක්ෂණ ධාරිතාව සිවු ගුණයකින් 25,000 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇතැයි පාකිස්තාන රජය ප්‍රකාශ කරයි.

පරීක්ෂණ ධාරිතාව පහළ බැවින් පාකිස්තානයේ ආසාදිතයන්ගේ නිශ්චිතව වාර්තා වී නැතැයි විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

අප්‍රේල් 9 වැනිදා සිට වෛද්‍යවරුන්ට ලබාදෙන පෞද්ගලික ආරක්ෂණ උපකරණ කට්ටල යනාදිය වැඩි කරන බවත් පළාත් ආණ්ඩුවලට නොව ඒවා සෘජුවම රෝහල්වලට ලබාදීමට පියවර ගන්නා බවත් පාකිස්තානයේ සැලසුම් අමාත්‍ය අසාද් උමාර් පැවැසීය.

අද පස්වරු වනවිට පාකිස්තානයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 4,072ක් දක්වා ඉහළ ගොස් තිබිණි. එරටින් වාර්තා වූ කොරෝනා මරණ ගණන 58කි. පාකිස්තානයේ කොරෝනා ආසාදනය වී සුවය ලබා ඇති සංඛ්‍යාව 467ක් වූ බව ද එරට රජය නිකුත් කළ දත්තවල දැක්විණි.

පාකිස්තානය තුළ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ පෙබරවාරි මස අගදීය .

අල්ජසීරා/ඒ.එෆ්.පී. 

055 



අදහස් (1)

කෝවිඩ් පරීක්ෂණ ධාරිතාව 25,000කින් වැඩිකිරීමට පාකිස්තානය සැරසෙයි

thush Thursday, 09 April 2020 03:54 AM

හොද මාර්ගයක්. එම ධාරීතාව වැඩි කිරීමෙන් එම රට තම අවස්ථාව තේරුම් ගෙන ඇති බව හොදට පෙනේ. අපත් අපගේ පරීක්ෂණ ධාරීතාව ගැන වහා පියවර ගත යුතුව ඇත. ඇත..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site