හර්ෂණ තුෂාර සිල්වා
විදෙස් ආයෝජකයන් ඔක්තෝබර් 26 වැනි දා සිට ගතවූ සති තුනකට ආසන්න කාලයේදී රුපියල් බිලියන 30කට වැඩි මුදලක් වෙළෙඳපොළෙන් ඉවත් කරගෙන ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔක්තෝබර් 26 වැනි දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමත් සමඟ ඇති වූ දේශපාලන අස්ථාවරත්වයක් සහ අවිනිශ්චිත තත්ත්වය මෙසේ ආයෝජන ඉවත් කරගැනීමට හේතුවූ බව විශේෂඥ පෙන්වා දෙන බවද රොයිටර් වාර්තා සඳහන් වේ.
මේ අතර නොවැම්බර් 14 වැනි දා වන විට ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.2ක් වූ බවත් මේ වසර අවසාන වනවිට එම ප්‍රමාණය බිලියන 7.8ක් දක්වා ඉහළ යනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගිය සතියේදී පැවැසීය.
ලබන වසරේ සිට ශ්‍රී ලංකාවට වසරකදී සාමාන්‍ය වශයෙන් ගෙවීමට ඇති ණය ප්‍රමාණය පමණක් එක්සත් ජනපද ඩොලර් බිලියන 4 ක් වන බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.
මේ අතර සඳුඳා (19) ශ්‍රී ලංකා රුපියල තවදුරටත් වාර්තා ගත ලෙස පහත වැටුණු අතර එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 178.26 ක් ලෙස දැක්විණි.
COMMENTS
මේ මිනිස්සු රට විනාශ කරනවා. උගතුනි පෙරට එන්න රට බේරගන්න.
ජයවේවා! ඔහොම යන්.. ඔහොම යන්..
රටක් එකපාරට දියුණු කරන්නවත් එකපාරට වට්ටන්නවත් බැහැ සුළු සිදුවීමක් නිසා. රටක ආර්ථිකයක් වැටිලා ඒ ගැන විශ්වාසයක් නැති වෙනවා කියන්නේ ඒ රටේ ශක්තිමත් ආර්ථිකයක් තිබිල නැහැ කියන එකයි. ඒකට වග කියන්න ඕන පසුහිය කාලවල රටේ ආර්ථිකය හසුරුවපු පිරිසයි. ඒ පසුගිය අවුරුදු තුනේ විතරක් නෙමෙයි ඉන් පෙර සිටම බලයේ උන් උදවිය.
බමුණුආරච්චි මහත්තයෝ කොහොමද ගැම්ම.
ඉතාම හොඳ ප්‍රවණතාවයක්!! ඔහොම යං!!! ඔය විදේශ ආයෝජකයින්ව මොකටද? මේ ගෝත්‍රික යටත් වැසියන්ට... දෙන දෙයක් කාලා, රජ්ජුරුවන්ට වැඳගෙන සතුටින් අපි ජීවත් වෙනවා හැර අපිට වෙන සතුටක්ද?
ආණ්ඩුවක් නැති රටක නුගතුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන රටක මුදල් ආයෝජනය කරන්න තරම් ආයෝජකයො මෝඩ නැහැ.
කව්ද මේ රටටම පිළිලයක් වෙලා තියෙන්නේ?
එළ එළ...
සිරිසේන රට විනාශකරලා ඉවරයි. රජකමට සුදුස්සන් පත්වෙන්න ඕනෑ.
මහින්දගේ අගමැතිකමට ජයවේවා !!!
ජනාධිපති විසින් තමන්ගේ පුද්ගලික ප්‍රශ්න රටේ පොදු ප්‍රශ්න බවට පත් කිරීම මගින් මේ තත්වය උදා වී ඇත. රටේ ජනතාව මේ දෙස දේශපාලන කෝණයක් ඔස්සේ බැලීම තුළින් ප්‍රශ්නය උග්‍රවනු ඇත.
පින්වන්ත රජවරුන් පහළ වූ විට රටට සෞභාග්‍යය උදාවී කිරියෙන්, පැණියෙන් ඉතිරේ. අද දක්නට ඇත්තේ එහි අනිත් පැත්තයි...
මේ වගේ නිව්ස් රටේ බහුතරයකට තේරෙන්නේ නෑ. එයාලට ඕනේ එදා වේල කාලාඉන්න. එහෙම හිතද්දී අපේ රටේ ජනතාවගේ බුද්ධි මට්ටම ඉතාම පහළ අඩියක තියෙන්නේ...? සාක්ෂරතා අගය 98% කියලා හැමදාම රවට්ටන් ඉන්නේ... මිනිස්සු පක්ෂගාමී නොවී ස්වාධීනව රටට වෙලා තියෙන දේ දකින කම් අපි හැමදාම දියුණු වෙමින් පවතින (ලෝකෙට ණය වුන) ජාතියක් වෙයි.
දැන් සැපද කියලා අපි අපෙන්ම අහගන්න ඕනෑ.. හාමුදුරුවනේ...!!!
අතිවිශිෂ්ටයි ජනාධිපතිතුමනි, "මම පෙරට, රට අගතියට" ..
ඔබට සතුටුයිද දැන්, පාර්ලිමේන්තු පොරේ දැක්කම ඔලුවක් තියෙන කෙනෙක් ආයෝජනය කරනවද මේ රටේ.
හරිම අගෙයි. ජය වේවා.!
තව තව රටේ විරෝධතා , දේශපාලන අස්ථාවරභාවය , බලු පොර, රාජ්‍ය සේවයේ අස්තිරභව, පගාවට පිල් මාරුකිරීම් කලහම , කොටින්ම ලෝකයා ඉදිරියේ පාලකයින්ගේ නොමනාකම් ඉදිරිපත් කලාම ලෝකයේ ඉන්නා ආයෝජකයෝ ටික මේ රටට එයිද? වැට උඩ ඉඳගෙන ආයෝජනය කරන්නේ සමාජ විරෝධී කටයුතු කරන අය කලුසල්ලි නිත්‍යානුකුල කරන්න. අවොත් ආවා. ගියොත් ගියා කියලා හිතලා සුදූ ආයෝජන. එවැනි ව්‍යාපාර වල ස්ථිරත්වයක් නොමැත.
පාලකයින් අනුවන තීන්දු ගැනීම නිසා ජනතාව පීඩනයට පත්වෙනවා සමගම රජය අස්ථාවරවීම නිසා ආයොජකයින් වෙනත් තැන්වලට යොමුවීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙනෙවා.
ආ.. ඕවා නම් ප්‍රශ්නද...? මහින්ද ආවනේ... විදේශ ආයෝජකයින්ට රඟන්න දෙන්න බැහැනේ...
මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා. අනේ මන්දා...?
ඒ අය යවන්නමයි ඕනේ... එනව මෙතන අපේ රටේ කඩ දාන්න....
මේවා තේරුම් ගැනීමට තරම් බුද්ධියක් ග්‍රාමසේවක කෙනෙක්ට නැහැ.
දේශපාලකයන්ට අවශ්‍ය බලය විතරයි රටට ඕනදෙයක් වෙද්දෙන්...
එතකොට අර කුලියාපිටියේ තිබන වෝක්ස් වැගන් කාර් ගරාජයත් ඉවත් කරලද?
ආයෝජකයන්ට ආයෝජනය කරන්නට සුදුසුම දකුණු ආසියානු රට වුයේ ලංකාවයි. ඒ තත්වය කණපිට හැරුණේ 2015 -01 -08 දිනයේ සිට බව සාක්ෂරතාව අතින් ඉහල තැනක සිටින ශ්‍රි ලාංකීය ජනතාවට කියා දීමට අවශ්‍ය නොවේ. රට මේ තත්වයට ඇද වැටුණේ , රට සංවර්ධනය වීම හමුවේ ඔවුන්ගෙ ද්‍ෙශපාලන ජිවිය සෝදාපාලුවට ලක්වන බව වැටහුණු දේශපාලඥයින් සමග අත්වැල් බැඳගත් විදෙස් බලවෙග නිසයි.
ඔය කාලකණ්ණින්ට පුළුවන් ගැලරිය වහන්නයි, රෙද්ද වහන්නයි විතරයි.
හරිම කණගාටුයි...