IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොරෝනා ආසාදනයෙන් බ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකිකයින් 25 දෙනෙකු මිය ගිහින්

( තිළිණි ද සිල්වා )

කොරෝනා වයිරසය. සීඝ්‍රයෙන් ව්‍යාප්තව පවතින තත්ත්වයක් තුළ එම ⁣වයිරසය ආසාදනය වීමෙන්, බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු මේවනවිට මිය ගොස් ඇතැයි එරට ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග සදහන්  කරයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කාලයක පටන් බ්‍රිතාන්‍යයේ වාසය කරන ලාංකික ප්‍රජාවට අයත්  පිරිසක් යැයිද ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග වලින් පැවසේ.

එම වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය ලාංකිකයින්ට ගෞරව දැක්වීමක් ලෙස බ්‍රිතාන්‍යයේ  ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජාප සිරිසේන මහත්මිය පසුගිය දිනවලදී මිය ලාංකිකයින්ගේ පවුල් වල සාමාජිකයන් අමතමින් සිය කනගාටුව පළ කල බවදපපැවසේ.
එමෙන්ම බ්‍රිතාන්‍යයේ කෙරෝනා වයිරස ආසාදිත සංඛ්‍යාව ඉහළ යමින් පවතිද්දී එරට සිටින තවත් ලාංකිකයින්  900 දෙනෙකු නැවත ලංකාවට පැමිණීමේ බලාපොරොත්තු පසුවෙන බවද ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිට්.

මෙසේ ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන්නන් අතර, ආචාර්ය උපාධිය සදහා එරටට ගිය ශිෂ්‍යයන්, වැඩිදුර පුහුණුව සදහා එරටට ගොස් සිටින මෙරට වෛද්‍යවරු සහ එංගලන්තයේ සංචාරය සදහා ගිය ලාංකිකයින්ද  සිටින බව ශ්‍රී  ලංකා මහකොමසාරිස් කාර්යාලය සදහන් කර සිටී.



 

 



අදහස් (6)

කොරෝනා ආසාදනයෙන් බ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකිකයින් 25 දෙනෙකු මිය ගිහින්

Amula Monday, 27 April 2020 04:14 AM

බොහොම කණගාටු දායක පුවතක් සියලු දෙනා සමාදානයේ සැතපේවා...

:       0       0

පිටිගල මිලානෝ Monday, 27 April 2020 04:24 AM

ලෙඩකට බයේ රටකින් පනින්න බලා ඉන්න වෛද්‍යවරු ගැන කවර කතාද? මම නම් ඇහුවාමයි. මේ අයගේ වෛද්‍ය ලියාපදිංචියත් අවලංගු කරන්න ඕනේ අචාර ධර්ම වලට පටහැනිව ක්‍රියා කිරීම නිසා. මේ අය මිලානෝ හිටියානම් කොරෝනා හීනෙන් දැකලා ඇඳත් තෙමාගෙනම ස්වර්ගස්ථ වෙනවා මෙහෙ රෝගීන් මිය ගිය විදියට...

:       0       0

Siri Monday, 27 April 2020 06:47 AM

ඔවුන්ව ශ්‍රී ලාංකිකයන් කියා හැඳින්වීම වැරදියි. ඔවුන් දැන් බ්‍රිතාන්‍ය ජාතිකයන්.(ඉගෙනීමට සහ සංචාරයට ගිය අය හැරෙන්න)

:       0       11

නෙවිල් Monday, 27 April 2020 08:04 AM

කොරෝනා නාවානම් ආචාර්ය උපාධිය සඳහා ගිය ශිෂ්‍යයින් සහ වැඩිදුර අධ්‍යාපනය සඳහා ගිය වෛද්‍යවරු එක්කෙනෙක්වත් ආපසු එන්නේ නැහැ. වෛද්‍යවරු සහ විශ්වවිද්යාල ආචාර්ය මහාචාර්යවරු කී දෙනෙක් මෙහෙම කට්ටි පැන පැන ඉන්නවාද? දැන් තමයි ආපසු එන්න මතක්වුණේ..

:       0       11

Nihal Monday, 27 April 2020 08:38 AM

විදෙස් රටක මියයාම ශෝකජනක වැඩිය. සියලු දෙනාට නිවන් සුව පතමි !

:       0       1

Swarna Monday, 27 April 2020 09:10 AM

අපේ ලංකිකයෝ හරිම ආත්මාර්තකාමීයි .හැමකෙනාම නොවෙයි. වැඩි හරියක් එහෙමයි. අපි ඉන්න මේ ඉතාලියේ සමහර කට්ටිය බයේ ලංකාවට පැනලා ගියා. දැන් ලංකාවේ දවසින් දවස ආසාධන කට්ටිය වැඩිවෙන නිසා ආපසු ඉතාලියට එන්න හදනවා. ඒ බව පුවත් පත් වලින් දැක්කා. අපේ ලංකික අය තරම් ආත්මාර්තකාමී මිනිසුන් මේ ලෝකයේම නැති තරම්. අපි නම් ලංකාවට එන්න හිතුවේවත් නැහැ .ඒ මන්ද අපේ ශ්‍රී ලංකාව රැක ගතයුතු නිසා. බුදු සරනයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31256 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13431 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10984 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 86 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 921 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 276 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site