IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ව්‍යාජ ගුවන්ගමන් බලපතක් සමග ශ්‍රී ලාංකිකයෙක් කොටුවෙයි

ව්‍යාජ මැලේසියා ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයකු  කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අද(12) අත්අඩංගුවට ගනු ලැබීය.

එම පුද්ගලයා ඕමානයේ මස්කට් නුවර සිට අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මැලේසියා ගුවන්ගමන් බලපත්‍රයක් අතැතිව පැමිණීමේ පර්යන්තයේ පිහිටි ආගමන විගමන කවුළුව වෙත නිෂ්කාශන කටයුතු සඳහා පැමිණි මොහොතේ මතු වූ සැකයක් මත ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී ඔහු සතු මැලේසියා ගුවන්ගමන් බලපත ව්‍යාජ එකක් බව තහවුරු කර ගැනුණු පසු මොහුගේ අනන්‍යතාව ද තහවුරු කර ගැනිණි.

මැලේසියානු ගමන් බලපතෙහි තිබූ ඡායාරූපය මොහුගේ වුවත් නම සහ අනෙකුත් විස්තර මොහුගේ නො වන බවත් සන්ජේ කලෛචෙල්වන් නමින් පෙනී සිටි මොහුගේ සැබෑ නම සිවරාජන් මුතුරාමන් බවත් පසුව අනාවරණය කර ගනු ලැබූ බව ප්‍රධාන ආගමන විගමන නිලධාරී ඩී.ජේ.වීරසිංහ මහතා පැවසීය.

ඉකුත් සැප්තැම්බර් 9 වැනි දා තමාට අයත් ශ්‍රී ලාංකික ගමන්බලපත්‍රයෙන් ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති අතර එහිදී තැරැව්කරුවකු මාර්ගයෙන් ව්‍යාජ මැලේසියා ගමන්බලපතක් ලබාගත් මේ පුද්ගලයා මැලේසියාව බලා පිටත්ව ගොස් ඇත.

යුරෝපා රටකට පැනයාමේ අරමුණින් ගමන්ගත් මෙම මගියාගේ ඊළඟට ගමනාන්තය වී ඇත්තේ ඕමානයේ මස්කට් නුවරයි. එතැනින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවරට පැමිණි මොහොතේ දී එරට ආගමන විගමන නිලධාරීන් විසින් මෙම පුද්ගලයාට එරටට ඇතුළු වීමට අවසර ලබා නො දී නැවත ඔහු පැමිණි මස්කට් නුවරට හරවා එවනු ලැබ ඇති අතර මස්කට් නුවර සිට මොහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත.



අදහස් (4)

ව්‍යාජ ගුවන්ගමන් බලපතක් සමග ශ්‍රී ලාංකිකයෙක් කොටුවෙයි

Rocky Sunday, 12 November 2017 07:32 AM

ඉතින් මොකද? ඕක එච්චර දෙයක්යැ? ඕකට `කොටුවුණු` කෙනෙක් පාර්ලිමේන්තුවේත් ඉන්නේ...

:       43       72

Bamunuarachchi Sunday, 12 November 2017 08:22 AM

කළොත් ගමන් බලපත්‍ර වංචාවක් ඒ දෙමළ අයෙක්ම තමයි. ලෝකෙටම ශාපයක් වෙලා...

:       2       59

නොදනී Sunday, 12 November 2017 09:53 AM

දවසකට අාගමන, විගමන නීති උල්ලංඝනය කරන ලද සිද්ධින් 10ක් 15ක් සීඅයිඩී වෙත යොමු කලත් ඒවායින් කීයක් උසාවි යවනවද?

:       0       8

Ashan Sunday, 12 November 2017 09:55 AM

ඇයි බමුණුආරච්චි අපේ දේශප්‍රේමියයි, බිරිඳයි අමතක වුණාද?

:       4       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 710 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site