IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘කොවිඩ්-19’ වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 13,861කට මහ බැංකුවෙන් බිලියන 28 ක්

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාර සඳහා සියයට 4 පොලී අනුපාතිකයක් යටතේ ව්‍යාපාර 13,861ක් සඳහා රුපියල් බිලියන 28ක මුදලක් අනුමත කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර පුනර්ජීවනය කිරීම හා රටේ ආර්ථික කටයුතු යළි ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්ඩුව හා ඒකව සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ නව ව්‍යාපෘතියක් ලෙස ‘‘සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන’’ ප්‍රතිමූල්‍ය පහසුකම මාර්තු මස 24 වැනිදා ප්‍රකාශයට පත් කළේ යැයි ද එම බැංකුව කියයි.

එම ණය යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ ව්‍යාපාර 13,861ක් සඳහා රුපියල් බිලියන 27.9ක මුදලක් අනුමත කර ඇති බවත් අද (24) දින වනවිට බැංකුවලින් දිවයින පුරා ඇති ව්‍යාපාර 7,274ක් සඳහා රුපියල් බිලියන 14.8ක් මුදාහැර ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සියයට 4ක සහනදායී වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ මාස හයක සහන කාලයකට යටත්ව මාස 24කින් ආපසු ගෙවා නිම කළ හැකි වන පරිදි මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කර ඇත.

මෙහි දෙවනි අදියර යටතේ රුපියල් බිලියන 120ක මුදලක් සියයට 1ක වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ වාණිජ බැංකු වෙත ආපසු ලබාදෙන බවත් එම අරමුදල් බැංකු පද්ධතිය හරහා කොරෝනා ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර යළි ගොඩනැංවීම සඳහා සියයට 4ක සහනදායී පොලී අනුපාතිකයක් යටතේ මුදා හැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි.

 

055



අදහස් (3)

‘කොවිඩ්-19’ වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 13,861කට මහ බැංකුවෙන් බිලියන 28 ක්

Binkunndaa Wednesday, 24 June 2020 07:49 PM

බොරු... , මේ සල්ලි ඔක්කොම පොහොට්ටුවේ හෙන්චයියලාට...

:       0       0

athula Thursday, 25 June 2020 06:59 AM

අපි දුක් මහන්සි වෙලා හම්බකරපු සොච්චම ද ෆිනෑන්ස් එකේ ස්ථිර තැන්පතුවක් ලෙස අායෝජනය කරලා යන්තම් දෙවසරයි. දැන් අාණ්ඩුව එම ඉපැරණි වටිනා සම්පත අාරක්ෂාකර යම්කිසි සහයෝගයක් දීලා එම අායතනයේ රැකියාව කළපිරිසගේ ජිවන තත්වය ගැන හිතලා මෙම අායතනය නැවත පණගන්වන්න සහයෝගය දියයුතුයි... එහෙම නැතුව බන්දුල ගුණවර්ධනගේ පිළිකුල් සහගත ප්‍රකාශ දැවි දැවී ඉන්න අසරණ ජනතාවගේ ලේ කුපිත කරවයි.

:       2       60

Sanath Kandy Thursday, 25 June 2020 08:15 AM

මේකටත් සුදුස්සන් තෝරන්නේ පොහොට්ටුවේ අපේක්ෂකයන් වෙන්න ඇති. 5000 දෙන්න සුදුසු අය තේරුවා වගේ..

:       0       52

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site