(යොහාන් භාසුර)
කොටහේන, බෙනඩික් මාවතේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවස ඊයේ (8) කොල්ලකෑමේ සිද්ධියට කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ඊයේ පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
එම පුද්ගලයන් සතුව තිබී රුපියල් 18,800,000 ක් පමණ වටිනා ස්වර්ණාභරණ සහ රුපියල් ලක්ෂ 15 ක පමණ මුදල් සොයාගත් බවත් කොල්ලය සැළසුම් කළ බවට අත්අඩංගුවට පත්ව සිටින කාන්තාවන් දෙදෙනා නිවෙස් හිමි කාන්තාවගේ මිතුරියන් බවත් එම පොලිස් නිලධාරියා කීය.
ඇමති ආරක්‍ෂක කොට්ඨාසයේ නිලධාරීන්ගේ ඇඳුම්වලට සමාන ඇඳුමෙන් සැරසී අත්මාංචු යුගළක් සහ පිස්තොල්යක් අතැතිව කොල්ලය කළ යැයි කියන කඳාන සහ තොටළ ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයන් දෙදෙනකු ද අත්අඩංගුවට පත්ව සිටින බවත් කොල්ලකෑ මුදල්වලින් රුපියල් ලක්‍ෂ 5 ක් පමණ ඔවුන් වියදම් කර ඇති බවත් පොලිසිය වැඩි දුරටත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකමට සම්බන්ධ සියල්ලන් අත්අඩංගුවට ගැනීම ගැන පොලීසිය වෙත අපගේ විශේෂ ස්තුතිය. ජනතාවගේ පැත්තෙන් බලා අප පොලීසිය සම්බන්ධ විවේචනාත්මක දේ ඉදිරිපත් කළද, අපරාධකරුවන් හා හොරුන් මැරයන් තම අත්අඩංගුවට ගැනීමේදී පොලීසිය කරනා කැපවීම ගැනද අපි කරුණු දන්නා බවත්, එම සේවය අගය කරනා බවත් පොලීසිය වෙත කාරුණිකව දන්වනු කැමැත්තෙමු.
ඊයේ කරපු හොරකම අද වෙනකොට හොරු අල්ලලා, පොලිස් නිලධාරින් හට ප්‍රණාමය...!