අංජුල මහික වීරරත්න
ප්‍රධාන පෙළේ ඖෂධ 100ක හිඟයක් ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය.
එම ඖෂධ වලින් ඖෂධ 60ක් ඉතා අත්‍යවශ්‍ය ඒවා බවද ඔහු කීය.
සේනාරත්න මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
“මේ වනවිට මහනුවර රෝහලේ පිළිකා ඖෂධ කිසිවක් නැහැ. පිළිකා ඖෂධ ගන්නා විට රෝගීන්ගේ සුදු රුධිරාණු අඩු වෙනවා. සුදු රුධිරාණු වැඩි කිරීමට ගන්නා තවත් ඖෂධයක් තිබෙනවා. ඒ ඖෂධය නැති වුණොත් විෂබීජ වලට ප්‍රතිචාර දැක්වීමේ ශක්තිය නැතිව රෝගියා මිය යනවා. ඒ ඖෂධයත් නැහැ. ජලභීතිකාව සඳහා පාවිච්චි කරන කිසිදු එන්නතක් නැහැ.
මේ මොන අපරාධයක්ද? පිළිකා රෝගීන්ට රජයේ රෝහල්වල පිළිකා ඖෂධ නැති වූ විට බාහිර ඖෂධශාලා වලින් ඒවා මිලදී ගන්න කිසිම වත්කමක් නැහැ. එක එන්නතක් රුපියල් ලක්ෂයකට වඩා වැඩියි.”
දොස්තර රාජිත සේනාරත්න මහතා කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ අදහස් පැවසීය.

COMMENTS
එකතමා මේ දඟලන්නේ
සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ ලබාගැනීම කරන්නේ ප්‍රසම්පාදන කැඳවා. මේ සඳහා වසරක පමණ කාලයක් ගතවෙන්වා. පසුගිය වසරේ වැඩි කාලයක් මෙම අමාත්‍යාංශයේ ඇමති ලෙස වැඩ කලේ මෙතුමයි. ඉතින් මේ හිඟයට වග කියන්න ඕනේ කවුද කියල දැන් තේරෙනවා ඇතිනේ.
මේ විදිහට මාසයක් ඇතුළත හිඟයක් ඇති වුණානම් හිටපු සෞඛ්‍ය ඇමැති වශයෙන් තමුන්නාන්සේ ඒ වගකිම බාරගත යුතුයි. තමුන්නාන්සේලාගේ අවස්ථාවදී දේශපාලනය නිසා කට තිබුණ පලියට කියවන්න එපා. ඔබතුමා ඉන්න කාලයෙදි තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රය නැත්තටම නැති වුණේ කියලා මතක තියාගත්තොත් හොදයි.ඊට කලින් සෞඛ්‍ය සේවය සම්බන්ධ කිසිම ආයතනයක් මහා පාරට බැහැලා මෙතරම් ඉල්ලීම් ඉල්ලලා රටවටේ උද්ඝෝෂණය කලේ නැහැ .
දවස් 7 ක් ඉවසන්න..... කියන්න. ජනාධිපතිතුමා මෙම අර්බුදය කරනකම්.
මේ.. වෙනකන් ඔලුව අස්සෙ ඔබාගෙන හිටපු... රාජිතට දැන් තමයි ඖෂධ ගැන මතක් වෙලා තියෙන්නේ...
අනාගත අගමැති හෝ ජනපති වෙන්න ඉන්න කෙනෙක් වත්ද?
මොනවා කරන්නද...? දැන් ඉතින් "කොමිස්" ලැබෙන්නේ නැහැනේ කොම්පනිවලින්.. අර මාරක බෙහෙත් හදන රුසියානු කොම්පැනියෙන් එහෙම..
සමහර අත්‍යාවශ්‍ය බෙහෙත් ගේන සමාගම් කීපයක් මෙතුමා සහ පවුල සතුය. හිතාමතාම වෙළඳපළට නිකුත් කිරීම ප්‍රමාදකර බෙහෙත් හිඟයක් ඇතිකරනවා විය හැකිය.
මෙයා වෘත්තියෙන් දත් දොස්තර කෙනෙක්. නමුත් කතාකරන්නෙම පිළිකා රෝගීන් ගැන... පසුගිය කාලයේ පිළිකා රෝහලේ විශේෂඥයින් අනුමත නොකරන බෙහෙතක් මෙයා රුසියාවෙන් ලංකාවට ගෙන්නුවා. ඒ බෙහෙත තවමත් පරීක්ෂණ තත්වයේ තිබෙන බෙහෙතක්. එය භාවිතාකළ පළමුවැනි රට ලංකාවයි. අපේ රටේ සිටින දක්ෂම පිළිකා විශේෂඥයින් මේ බෙහෙත සුදුසු නැතිබව කීවාම මේ දත් දොස්තර එය පිළිගත්තේ නැහැ. පිළිකා රෝගය ගැන කතාකරන්න මෙයාට අවශ්‍ය සුදුසුකම්වත් නැතිකොට තවත් මොන කතාද..? මොනවා හරි කරලා කොමිස් ටිකක් කන්න නම හරිම ආසයි මෙයා...
හැබැයි සිංගපුරු එලිසබෙත් රෝහලේ නං හිඟයක් නැත.
කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ නේද 'හිටපු ඇමතිතුමෝ ? ඕකම නේද කාලයක් තිස්සේ හැමෝම කිව්වේ ? ඔබතුමා ඕක පිළිගන්න එක හොඳයි වගකියන්න ඕන කවුද කියලා මෙහි ඒකමතිකව දක්වපු අදහස් වලින් පැහැදිලියි