IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දුම්රිය වැඩ සංකේත වර්ජනයට ගත් තීරණය අත්හිටුවයි

 

(මහින්ද නිශ්ශංක)

දුම්රිය රියදුරු, නියාමක ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් අද (22) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු සංකේත වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව 'ලොකෝමෝටිව් ඔපරේටින් ඊංජිනියර්ස්' රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.

මහව - ඕමන්තේ දුම්රිය මාර්ගය සම්පුර්ණයෙන් ගලවා නැවත ඉදිකිරීමට ගෙන ඇති තීරණය වහා නතර කරන ලෙස බලකරමින් මෙම දුම්රිය වර්ජනය අද ම්‍යධම රාත්‍රීයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබිණි.

මෙම ගැටලුව සම්බන්ධව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අද (23) පෙරවරුවේ සාකච්ඡාවක් ලබාදීමට පොරොන්දු වු බැවින් වර්ජනය අත්හිටුවීමේ තීරණයට එළැඹි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

කිලෝ මීටර 131 ක් පමණ දුරුති එම මාර්ගය සම්පුර්ණයෙන් ගලවා වසරක කාලයකින් පමණ පසු නැවත ඉදිකිරීම ජාතික අපරාධයක් බවත් එමනිසා එම ව්‍යාපෘතිය වහා නතර කොට මහව - පොල්ගහවෙල දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඉන්දික මහතා කීය.



අදහස් (0)

දුම්රිය වැඩ සංකේත වර්ජනයට ගත් තීරණය අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site