(තරිඳු ජයවර්ධන සහ සිරාජ් හසීම්)
යාපනය පුංකුඩිතිව් හි ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ සාක්කි ලබාදුන් යාපනය හිටපු මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්වීටර් පෙරෙයිරා අද (04) දිවා විවේක කාලයේදී අධිකරණ රෙජිස්ටර්වරයා භාරයේ තබන ලෙස ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළේය.
ඔහු සාක්කි ලබාදීමේදී යම් යම් කරුණු වසන් කරන බවට නිරීක්ෂණය වූ නිසා විනිසුරු මඩුල්ල එලෙස නියෝග කළේය.
මෙම නඩුවේ නව වැනි සැකකරු වන ස්විස් කුමාර් නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස යාපන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා දුන් නියෝගය ක්‍රියාත්මක නොකළේ ඇයිදැයි අධිකරණය විමසීය.
ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට සාක්ෂි නොතිබූණු බවට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය.
යාපනය හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සම්බන්ධය වසන් කරමින් සාක්කි දෙනවා දැයි විමසූ අධිකරණය ඉහත නියෝගය කළ අතර ඔහු සාක්කි ලබාදුන් ආකාරය ගැන දැඩි දෝෂාදර්ශනයට ලක් කළේය.
COMMENTS
මීට අවුරුදු තිහ හතලිහ කට පෙර පොලිස් නිලධරීන් හැඳින් වුයේ කුම්බලාවුන් යන අන්වර්ථය නාමයෙනි දැනටත් ඔවුන්ට ඒ නම ගැලපෙන්නේ නැද්ද
මේ වගේ ජරා පොලිෂ් කාරයන්ට නම් උපරිම දඬුවම් දෙන්න ඕන.
එතකොට එතුමා ඒ කලේ ඉදලම නීතිය නවලද?
මෙතන තියෙන්නේ උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර කතාවක්. දුෂිත නිලධාරීන් ඉහල ඉන්නකොට පහල නිලධාරීන් හට වෙනදේ. කියනවිදියට වැඩ නොකොළොත් උසස්වීම් නැහැ. සමහර අවස්ථාවල බොරු චෝදනා එල්ල කරලා විනය දඬුවම් කරනවා. මේවගේ සිද්ධීන් නිතර ඔය දෙපාර්තුමේන්තුවේ සිද්ධ වෙනවා , අහන්න ලැබෙනවා. කියවන්න ලැබෙනවා.
මහා එක නීතිය නවන්න කතාකරන කොට පොඩි අය හිටන් නවන්න පටන් අරගෙන