මහින්ද නිශ්ශංක
දුම්රිය වැඩ වර්ජනය අවසන් කිරිමට දුම්රිය රියදුරු, නියාමක, පාලක, ස්ථානාධිපති හා දුම්රිය අධීක්ෂණ කළමණාකරුවෝ අද (7) තීරණය කළහ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ අද (7) උදේ සිදුකළ සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිතුමාගේ උපදෙස් මත වැටුප් කොමිසම සමඟ කළ සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය වර්ජනය අවසන් කිරිමේ තීරණයට එළැඹී බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් ජනක ප්‍රනාන්දු මහතා පැවසීය.
දුම්රිය වර්ජනයට අදට දින 12 කි.
COMMENTS
ෂා !! තැඹිලි වීදුරුවක් නොමිලේ ලබාගන්න තිබුණු අවස්ථාවක් මගහැරුනා.
මේ දින දොළහට පඩි ගෙවන්න එපා.
ඡන්ද ටික ගන්න දෙන්නම් කියන්න ඇති සේරම. අනික ඕක දෙනවනම් දවස් 12ක් තිස්සේ පව් දුන්නේ මොකටද ?
අනේ අපරාදේ අපි කාපු කට්ට , දැන් මෙගොල්ලෝ වැඩට එන්න දගලනවා වගෙයි , අපහු මිනිස්සුත් එක්ක සෙල්ලම් කරන්න, ගන්න එපා වැඩට, සේවය අතහැර ගියා සේ සලකන්න , පාඩමක් උගන්වන්න, සැමට ආදර්ශයක් වෙන්න.
මොවුන්ව ගෙදර යවන්න තිබුණු අන්තිම අවස්ථාව ලොක්කා කෙලෙව්වා. ආයෙත් දවසක අපිව අනාත කරනවනේ... කාලකන්නි බල්ලන් ගෙදරම තමයි තියන්න ඕනෑ.
ආයෙත් වැඩට ගන්නවා නම් ගිවිසුමක් අත්සන් කරගන්න මේ වගේ දේවල් නොකරන බවට... වැඩ අත්හැරලා ගියාසේ සැලකුවා නම් කොහොමද ආයෙත් ගන්නේ?
පැයෙන් දෙකෙන් විසඳන්න තිබ්බ ප්‍රශ්නයක් දවස් 12ක් වෙනකන් ඇඳන් ගියේ, ජනපති පත්තරේ බලලා තිබ්බේ නැද්ද? රටේ අහිංසක ජනතාව විඳින දුක ගැන ඇයි මේ දේශපාලුවන්ට පොඩි හරි හැඟීමක් නැත්තේ? අර ප්‍රවාහන ඇමති දවස් 12ක් තිස්සේ බයිලා ගහගහ හිටියා. ප්‍රශ්න විසඳන්න විෂය භාර ඇමතිට පුළුවන් කමක් නැත්නම් ඇමතිව අයින් කරලා විෂය ජනපති යටතට ගත්තානම් ඉවරයිනේ, අපරාදේ දෙන්නෙක්ට පඩි ගෙවන අපේ සල්ලි...
මේ විදිහටම යන්. ඔය ඔක්කොම එලවලාම දාන්න ඕන.
සත 5 ක් වත් දෙන්න හොඳ නැහැ.
අපි කාපු කට්ට අනේ..... අපේ රටට ගිය කලක්.......
සේවය හැරගියා සේ සලකපු අයත් එක්ක සාකච්ඡා කරන්නේ මොකටද? ජේ.ආර් ආයෙමත් ගේන්නම ඕනේ. රටේ මිනිසුන් පලිහක් කරගන තම ඉල්ලීම් දිනාගන්න යන කෙනාට සළකන්න ඕනේ ත්‍රස්තවාදියෙක් ලෙසයි. විනාශ කළ යුතුමයි.