(සටහන සහ ඡායාරූප - දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
මධ්‍යම සංස්කෘතික අරමුදල ඉතා රහසිගතව චීන සමාගමක් සමඟ එක්ව සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් කේබල් කාර් යෙදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන සිද්ධියක සුලමුල හෙළි කරගැනීමට හැකිවිය.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ සිට පහළම කම්කරුවා දක්වා මෙම ව්‍යාපෘතිය සඳහා ඉතා රහසිගතව දින තුනක් තිස්සේ සීගිරිය ප්‍රදේශයේ අධ්‍යයන කටයුතු කළ බවට තොරතුරු වාර්තා විය. පසුව එම තොරතුරු ඔස්සේ සිගිරි ව්‍යාපෘති කාර්යාලය සහ ඒ අවට ප්‍රදේශවල සංචාරය කිරීමෙන් පසුව චීන සමාගමේ නියෝජිතයින් සමඟ එක්ව මෙම කේබල් කාර් යෙදීම සඳහා අවශ්‍ය කටයුතු කරන බවද අනාවරණය විය.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ සිට පහළම කම්කරුවා දක්වා ම මෙම සිද්ධිය මාධ්‍යයෙන් සැඟවීමට දැරූ උත්සාහයන් ද වීඩියෝගත කර ගැනීමට එහි තොරතුරු සොයා ගිය මාධ්‍ය කණ්ඩායම් වලට හැකියාව ලැබිණි.
කේබල් කාර් යෙදවීමේ තොරතුරු මත දඹුල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ප්‍රියරංජන කුමාර මහතා මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කළමනාකාර වරයා මුණගැසීමට එහි ගියද ඒ වනවිටත් ඔහු ස්ථානයේ නොසිටියේය. පසුව ඔහුව ජංගම දුරකථනයෙන් සම්බන්ධ කරගෙන විමසීමේ දී කියා සිටියේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන්ගෙන් තමන්ට ලැබුණු අවසරය මත චීන සමාගමකට මෙම ස්ථානයේ මැනුම් කටයුතු කිරීම සඳහා සහ අධ්‍යනය කිරීම සඳහා අවසර දුන් බවය.
එමෙන්ම ඒ සඳහා තම කාර්යාලයේ නිලධාරීන් යෙදවූ බව ද හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් ඔහු කියා සිටියේ මෙය අධ්‍යයනයක් පමණක් බවය. පසුව එම ස්ථානයේ වැඩ බලන ව්‍යාපෘති කළමනාකාර වරයා සහ අනෙකුත් සේවක සේවිකාවන් මධ්‍යවේදීන් සිටි ස්ථානයට පැමිණ මෙම සිද්ධිය වසන් කිරීම සඳහා දැඩි උත්සාහයක නිරතවන අයුරු ඉතා රහසිගතව කැමරා ගත කර ගැනීමටද හැකියාව ලැබිණි.
එහි වැඩබලන ව්‍යාපෘති නිලධාරියා බව කියූ අය කියා සිටියේ පුරාවිද්‍යා අංශයේ නිලධාරින් හා නිලධාරීනියන් තිදෙනෙකු මේ වන විටත් චීන ජාතිකයන් සමඟ එම ගවේෂණයේ නිරතව සිටින බවය.
පසුව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් තොරතුරු අනාවරණය වූයේ සීගිරි ව්‍යාපෘති කාර්යාලයේ ඉහළ නිලධාරිනියන් සහ පහළ නිලධාරීන් සමඟ චීන ජාතිකයන් හබරන දඹුල්ල ප්‍රධාන මාර්ගයේදී දීගම්පතහ ප්‍රදේශයේ සංචාරක හෝටලයක මත්පැන් සාදයක් පවත්වන බවය. .
පුරාවිද්‍යා නිලධාරීන් තමන් පැමිණි කාරනය වසං කිරීමට දැඩි උත්සාහයක නිරතවන අතර පුරාවිද්‍යා නිලධාරිනිය වාහනයේ නොමැති බව පැවසුවද ඇය වාහනය තුල සැගවී සිටියාය. ඇය පසුව කියා සිටියේ ඉහළින් ලැබුණු නියෝගයක් මත මෙය ක්‍රියාත්මක කළ බවය. චීන ජාතිකයන් සමඟ පුරාවිද්‍යා ගවේෂණයක් කළ බවද ඇය වැඩිදුරටත් කීවාය. එහි සිටි අනෙකුත් පුරාවිද්‍යා නිලධාරීන් තමන් පැමිණි කාරණය වසන් කිරීමට දැඩි උත්සාහයක නිරතවන අයුරුද දැක දැකගැනීමට හැකියාව ලැබිණි.
එම සියලු දෙනාම සිද්ධිය වසන් කිරීම නිසා එම ස්ථානයේ සිටම මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රිෂාන්ත ගුණවර්ධන මහතාව දුරකථනයෙන් සම්බන්ධ කරගෙන කරුණු විමසීමේදී ඔහු එකවරම කියා සිටියේ කේබල් කාර් යෙදීම සඳහා සාකච්ඡාවක් පැවැති බවත් එය අධ්‍යයනයකින් පසුව කරන බවත්ය. මේ වන විට සාකච්ඡා වට දෙකක් පැවැත්වූ බවත් හෙතෙම සඳහන් කළේය.
පසුව ඔහු වෙනත් කතාවක් කියන්නට වූයේය. දෙවැනි වර ඔහු කියා සිටියේ තමන් චීන ජාතිකයන් මෙම ස්ථානයට පැමිණි බව නොදන්නා බවය. කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය සිදුකිරීමට ඉඩ නොදෙන බවද හෙතෙම පැවසීම විශේෂත්වයකි.
කෙසේ වෙතත් අවස්ථා දෙකකදී ඔහු කළ ප්‍රකාශ දෙකම පරස්පරය. චීන ජාතිකයන් කැඳවාගෙන ආවේ ශ්‍රී ලාංකිකයෙකු බවද ඔහු සිටින බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
ඔහුගෙන් ප්‍රශ්න කිරීමට ගිය ද හෙතෙම කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා යන අයුරු පටිගත කර ගැනීමට හැකියාව ලැබිණි. එ් අවස්ථා වන විටත් අධ්‍යක්ෂ ජනරාල්වරයා ජංගම දුරකථනයෙන් සම්බන්ධව සිටීම ද තවත් විශේෂ කරුණකි.
පසුව මේ පිළිබඳව සීගිරිය පුරාවිද්‍යා නිලධාරීන් ගෙන් විමසීමට ගිය අවස්ථාවේ දී එහි ද කිසිදු නිලධාරියෙකු නොසිටියේය. කම්කරුවන් පමණක් සිටි නිසා අප ජංගම දුරකථනයේ නිලධාරියෙකු සම්බන්ධ කරගෙන කරුණු විමසීමේ දී කියා සිටියේ මධ්‍යම සංස්කෘතික අරමුදල සහ ඉහළ නිලධාරීන් විශේෂ සංචාරක ව්‍යාපෘතියක් බව පවසමින් කණ්ඩායමක් එවා තිබුණු බවය.
මෙම සිද්ධිය සැඟවීම නිසාම ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියරංජන කුමාර මහතාගේ ජංගම දුරකථනයෙන් සීගිරි ව්‍යාපෘති කළමනාකාරවරයාට උපක්‍රමශීලීව ඇමතුමක් ලබාගෙන මේ පිළිබඳව කරුණු විමසන්නට වූයේය . එහිදි ව්‍යාපෘති කළමනාකාර වරයා කියා සිටියේ චීනයේ ෂැංග්‍රිලා නැමති ආයතනයකට සීගිරියේ කේබල් කාර් යෙදීම සඳහා අවශ්‍ය මැනුම් කටයුතු සහ මුලික අධ්‍යනය සඳහා අවශ්‍ය පියවර ලබාදී තිබුණු බවයි. එහෙත් සියල්ලටම සඟවා මෙය සිදු කරන්නේ ඇයිද යන්න හෙතෙම හෙළි නොකළේය.
පසුව සංචාරක හෝටලයේ චීන ජාතිකයන් සමඟ මත්පැන් සාදයේ සිටි මධ්‍යම සංස්කෘතික අරමුදලේ පහල නිලධාරියෙකු අහම්බෙන් සීගිරිය ප්‍රදේශයේ දී හමුවිය. සේවකයාගෙන් කරුණු විමසීමේ දී කියා සිටියේ තමන් එම සංචාරක හෝටලයට ගියේ වතුර රැගෙන යෑම සඳහා බවය.
ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියරංජන කුමාර මහතා කිවේ මෙය ක්‍රියාත්මක කළහොත් තමන් සිගිරි ගලෙන් පැන සියදිවි තොරකර ගන්නා බවය .



COMMENTS
සීගිරියත් ගල්කොරියකට බදු දෙන දිනය වැඩි ඈතක නැත.
ලෝකයේ පෞරාණික වටිනාකමක් ඇති ස්ථාන සියල්ලගේම වගේ ඒවා නැරඹීමට පැමිණෙන්නන්ගේ පහසුව සඳහා සුදුසු මාර්ග සහ වෙනත් සේවාවන් සකස් කර තිබීම සාමාන්‍ය දෙයක්. එවැනි කටයුතු වලදී එම ස්ථාන වල තිබෙනා වටිනා කම වටහාගෙන ඒවාට අංශු මාත්‍රයක හෝ හානියක් සිදු නොවන ආකාරයට පහසුකම් සකස් කිරීම මේ තැන්වලදී දැකගත හැකි දෙයක්. යුරෝපයේ, ඊජිප්තුවේ, ජපානයේ, චීනයේ, ඉන්දියාවේ, මෙක්සිකෝවේ, පේරු රටේ බොහෝ පුරාවිද්‍යා සිහිවටන වල මෙවැනි දේවල් දක්නට පුළුවන්. සිගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයින් සඳහා හරි හමන් වැසිකිළියක්වත් හදාගන්න බැරි අපේ රටේ මෙවනිදෙවල් ක්‍රියාත්මක කිරීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතු බව කිවයුතුයි. මොකද අපේ මිනිස්සු මේ තැන්වල වටිනාකමට තේරුම් ගෙන ඒවා ආරක්ෂා කර ගැනීම මුල් තැනෙහි තබාගෙන කටයුතු කරනවාට වඩා ඒවායින් කියක් යටි මඩි ගහගන්න හැකිද කියන එක ගැන තමා වැඩියෙන් හොයා බලන්නේ. හොඳම උදාහරණය ලෝක උරුමයක් ලෙස ගණන් ගන්නා රන්ගිරි දඹුල්ල ලෙන් විහාරස්ථානයට යන ඉපැරණි ගමන් මාර්ගය වෙනස්කර මුදල් ඉපිම පමණක් පෙරදැරි කරගෙන ඉදිකර ඇති අටමඟලයෙන් තේරුම් ගන්නට පුළුවන්.
කේබල් කාර් එකක් දාන එක වරදක් නෙවි ශ්‍රීපාදයටත් කෙබලේ කාර් වියාපෘතියක් දාන්නා ඕනේ එකම දේ මුදුනටම නොවී ටිකක් පහතින් යන්න බැරී අයට වුනත් යන්න පුළුවන් වෙන්න ඒ වගේම සම්ප්‍රදායික පාරත් තියෙන්න ඕනේ
ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න නම් මෙවැනි පහසුකම් ඇති කළ යුතුයි. මෙවැනි ව්‍යාපෘතීන් "රහසිගත ව්යාපෘති" ලෙස හඳුන්වා දීමෙන්ම මේ පුවතේ අරමුණ පැහැදිලි වෙනවා.
සීගිරියට කේබල් කාර් අවශ්‍ය නැත. තිබෙන පඩිපෙළ නවීකරණය කර, පිරිසිදු වැසිකිලි පහසුකම් පමණක් සැපීම ප්‍රමාණවත්ය. ශ්‍රී ලංකාවේ පුරාණික සිද්ධස්ථාන නැරඹීමට සංචාරකයන්ට ගෙවිය යුතු මිල අධික ගාස්තු ගැන යුරෝපයේ තිබෙන සෑම සංචාරක මගපෙන්වීමේ පොතකම පිටුවක් වෙන්කර ඇත. එමනිසා බොහෝ සංචාරකයන් මේවා බලන්නට නොපෙලඹේ. සමහරු මෙම මිලගණන් දැක්කම ලංකාවට එන්නේද නැත. මේවා බලන්න සංචාරකයෙකුගෙන් රුපියල් 500- 1000 අතර මුදලක් ගැනීම ප්‍රමාණවත් බව මගේ අදහසයි. එවිට වැඩියෙන් සංචාරකයන් මේවා බලන්න එන නිසා මේවා අපේ රටේ සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු වේවි... ප්‍රංශයේ අයිෆල් කුලුන හෝ ඉතාලියේ පිසා නගරයේ ඇති ඇලවෙන කුලුණ නැරඹීමට ගන්න ගාස්තුව වගේ දෙගුණයකට වැඩි ගාස්තුවක් අපේ සීගිරිය නැරඹීමට ගැනීම අනුමත කළ නොහැක.
මේ මිනිස්සුන්ට පිස්සුද හැටිද? ජනාධිපති මන්දිරේ ඔප්පු පරික්ෂා කරොත් හොදය සමහරවිට එකත් චිනෙකුට විකුනලාද දන්නේ නැහැ.
ලංකාවේ සමහරුන්ට ගල් යුගයේ හැමදාම සිටින්නට හැකි නම් ඊට වඩා දෙයක් නැහැ. වර්තමානයේ ඇති නවීන තාක්ෂනය යොදා සීගිරියේ කේබල් කාර් යෙදවීමේ වරද කුමක්ද? ලංකාවේ දූපත් මානසිකත්වයෙන් පෙලෙන අයට හැර, ලෝකයේ අන් සියලු රටවල වෙසෙන්නන්ට කේබල් කාර් අලුත් දෙයක් නොවේ. මා සිතන්නේ සීගිරිය පමණක් නොව, ශ්‍රී පාදය, පිදුරුතලාගල වැනි ලංකාවේ උසින් පිහිටි සියලු ස්ථාන සියල්ල සංචාරකයින් හට නැරඹීම සඳහා කේබල් කාර් සවි කිරීමේ කිසිම වැරද්දක් නැහැ කියයි.
මේක අපේ ජාතික වස්තුවක්... මේවා කරන්න ප්ලෑන් කරන මිනිස්සු කරන්නේ ජාතිද්‍රෝහී වැඩක්... ඒ විතරක් නොවෙයි තමන්ගේ දෙමව්පියන් විකුණගෙන කනවා වගේ වැඩක්.. මේවට අනුබල දෙන අයට විතරක් නෙවෙයි කරන අයටත් හෙන ගහවි.
ශ්රී පාදස්ථානයට කේබල් කාර් පද්ධතියක් ආරම්භ කළොත් එම ප්‍රදේශයේ ඇතිකරන පරිසර දූෂණය 90% කින්ම වළක්වා ගන්න පුළුවන්. ගමනට යන කාලය ඉතාම අඩු නිසා ඉතාම සුළු කෑම ප්‍රමාණයක් තමයි. ගෙනියන්න අවශ්‍ය වුණත් ගෙනියන්න වෙන්නේ. ඒ වගේම ඉතුරුවන කාලය මිනිස් පැය ගණන හිතන්න. සෞඛ්‍යය තත්ත්වය දුර්වල අයට වුවත් ශ්‍රී පාද වන්දනා කරන්න යන්න පුළුවන්. වැඩිහිටියෝ බොහෝදෙනා කියනවා නේද? ඉස්සර නම් නැග්ගා.. දැන් වාරු නැහැ. මේ අයටත් නැවත අවස්ථා සලසා දෙන්න පුළුවන්. පයින් යන්න කැමැති වන්දනාකරුවන්ට දැනට යන ක්‍රමයට පයින් යන්න පුළුවන්. දඹදිව ගිජ්ජකූට පව්වට කේබල් කාර් සේවයක් ආරම්භකළා.. දැන් දශක ගණනාවක් වෙනවා.. අදට, කාලයට ගැලපෙන විදිහට වැඩකරන්න ඕනෑ.
මෙය ඉතා හොඳ යෝජනාවක්. මොකද දහස් ගනන් ජනයාගේ පාදවලට මෙහි ඇති පෞරාණික ගඩොල් ස්ථම්භ හා වෙනත් ස්ථානයන් දිනපතා පෑගීම නිසා ඒවාට වන හානිය වළක්වාගත හැකි එකම ක්‍රමය දියුණු රටවල් අනුගමනය කරන මෙවැනි උපක්‍රමයි. මාධ්‍ය මඟින් ජනතාව උසිගැන්වීමේ බිය නිසා මෙය මධ්‍යයට වසන් කරන්න උත්සාහ කරන්න ඇති. අපේ රටේ කරුමෙ මේකයි. කිසිම වැඩක් කරන්න බෑ ඒකෙන් දේශපාලන වාසි ගන්න හදනවා.
මේක ජේ. ආර් ජයවර්ධන කරන්න හදපු දෙයක්... දැන් බෑනා කරන්න හදනවා. දැනගන්න මේ සිංහල ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන රටක් කියලා.
ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා තැබිය හැකි ඉතාමත් හොඳ පියවරක්.. අපි දැන්වත් ගල් යුගයෙන් මිදී නවීන ලෝකය හා එක්විය යුතුයි. එහි පෞරාණික නටඹුන් වලට හානියක් නොවන සේ ස්ථාපිත කිරීමෙහි කිසිම වරදක් මා දකින්නේ නැත.
ඔය චීනුන් ළංකරන් ලැහැස්තිවෙන්නේ රාවණා රජු සීගිරිය ගල තුළ සැඟවූ වටිනා නිධන් වස්තුවලට වැඩේ දීමටයි. ඒ අතර දඹ රත්‍රන් සෝපානයක්ද වෙනවා.
ඊජිප්තුවේ පිරමිඩ අවට කිලෝමීටර ගාණක් කිසිදු ගොඩනැගිල්ලක් නැත්තේ පෞරාණිකතත්වයට හානි වෙන නිසා, එ්කටත් එක්ක දඹුල්ලේ පන්සල මොඩි ෆයි කරලා. ඒ විශාල බුදු පිළිමය ගොඩනැගිල්ල වෙන තැනක හදන්න තිබුනේ. සීගිරියට නොවෙයි කේබල් අවශ්‍ය ශ්‍රී පාදයටයි.
මේකත් සෑහෙන ගානකට දෙන්න පුළුවන් කියා රහසිගත සාකච්චා වෙනවා ඇති...
මේක කොච්චර හොඳ දෙයක්ද? මේවා තමයි කරන්න ඕනේ දේවල්... ලෝකේ නොදන්නා අය මේවට කමති නැහැ.
අයිෆල් කුළුනේ විවිධ ස්ථාන සඳහා විවිධ මිල ගණන් අය කරනවා. වැඩිම මුදල යූරෝ 60.00 ක්. ඇමෙරිකන් ඩොලර් 68.00 ක් පමණ. පීසා කුළුණට යූරෝ 22.00 ක් පමණ අය කරනවා. ඒ කියන්නේ ඇමෙරිකන් ඩොලර් 26.00 ක් පමණ. යුරෝපයේ සහ ඇමෙරිකාවේ බොහෝ තැන්වල ඇතුල්වීම සඳහා මේවගේ මුදලක් තමා අය කරන්නේ. පේරු රටේ මාචු පීචු සඳහා විදේශිකයින්ගෙන් ඇමෙරිකන් ඩොලර් 70.00 ගන්නවා. මෙක්සිකෝවේ චිචින් ඉත්ළ පිරමීඩය බලන්න ඇමෙරිකන් ඩොලර් 55.00 ක් ගන්නවා. ඊජිප්තුවේ ගීසා පිරමීඩය නැරඹීමට ගන්නේ ඇමෙරිකන් ඩොලර් 5.00 පමණයි. චීන මහා ප්‍රාකාරයට කේබල් කාර් එකටත් එක්ක ගන්නේ ඇමෙරිකන් ඩොලර් 12.00.යි. වික්ටෝරියා දිය අල්ල නැරඹීමට ගන්නේ ඇමෙරිකන් ඩොලර් 30.00 යි. කැනඩාවේ නයගරා දිය අැල්ල නැරඹීමට මුදල් අයකරන්නේ නැහැ. නමුත් මුදල් ගෙවා බෝට්ටු සවාරි, හෙලිකොප්ටර් සවාරි වගේ දේ කල හැකියි. මම දන්නා අන්දමට සීගිරිය සඳහා විදේශිකයෙකුගෙන් ඇමෙරිකන් ඩොලර් 30.00 ක් අයකරනවා. නමුත් සීගිරියේ ලෝකයේ අනෙක් තැන්වල වගේ පහසුකම් ඇත්තේම නැහැ.
මෙවැනි නවීන ව්‍යාපෘතියක් වැරදි වැඩක් විදියට පේන්නේ මොකද කියලයි මං මේ කල්පනා කරන්නේ...
මෙය හොඳ දෙයක් වන නමුත් කළ යුත්තේ ගල පිටුපසින් ගලේ දර්ශනයට කිසිම හානියක් නොවන පරිදිය. මෙයින් විවිධ වයස්වල සංචාරකයන් සියල්ලටම උඩට යාමට හැකිවෙනවා. ලංකාවේ දූපත් මානසිකත්වයෙන් පිරුණු මිනිස්සු නම් මෙයට විරුද්ධ වෙයි.
"සුපිරි වෙනස ..සුපිරියටම මුළු රටම විකුණනවා "" "යහපාලනයට ජයවේවා ...", මේ දුෂ්ට පාලකයෝ නුදුරේදීම ලංකාවේ තියෙන රක්ෂිත වනාන්තර සියල්ලත් විකුණා දමනවා නියතයි.
කේබල් කාර් දාන්න කලින් සීගිරියට කල යුතු දේ: හොඳ වැසිකිළි පහසුකම් සෑදීම, ටිකට් කවුන්ටරය කාටත් යෑමට පහසු ස්ථානයක ස්ථානගත කිරීම, වාහන නැවතීමේ පහසුකම වැඩිදියුණු කිරීම, ගයිඩ්ලායයි කියන ගසාකන්නන් එලවා දැමීම...
කාංචන කුමාර ආරියදාස කියන්නේ මා දුටු සැබෑ මානවහිතවාදී මාධ්‍යවේදියෙක්.
ලාල් මහත්මයාගේ යෝජනාවට මමත් එකඟ වෙනවා. මේවා අඩු වියදමකින් කල හැකි අත්‍යවශ්‍යම දේවල්.
ඇයි දඹුල්ල කාංචන කුමාර ආරියදාස කියන්නේ මේක රහසිගත ව්‍යාපාරයක් කියලා? මේ ඉතා කාලෝචිත ව්‍යාපෘතියක් නේද?
සිරිමල් මයාට වැරදීමක් අයිෆෙල් කුලුනේ මුදුනට යුරෝ 25 යි සෝපානයේ යන්න අයකරන්නේ.සීගිරියට සෝපානයේ ගිහින් ලෝකයේ ප්‍රථම උයන් නිර්මාණය ඇතලත් අටපට්ටම හැඩය පිහිනුම් තටාකය රජතුමාගේ කුටියේ වතුරෙන් නිර්මාණය කල වායු සමීකරණ
හොඳ වෙලාවට අපේ රටේ වගේ මනුස්ස කොට්ඨාශයක් ප්‍රංශයේ බිහි නොවුනේ, නැත්නම් ඉතින් මේ කොදෙව්වන් කියාවි අයිෆල් කුළුනත් පඩි පෙලින්ම නැගිය යුතුයි කියලා. සමහරක් පලකොට ඇති අදහස් දැක්කාම, අපේ රටේ අධ්‍යාපනයට වඩා ගොඩක් ඉදිරියෙන් ජානවල බලපෑම තිබෙනවා කියා මට නම් හිතෙනවා.
මීට අවුරුදු ගණනාවකට පෙර ක්රියාත්මක කල යුතුව තිබු අගනා යෝජනාවක් මේක. නමූත් මේකට සම්බන්ධකර ගන්නා රට පිලිබදව නම් ප්රශ්ණයක් තියනවා බාල බඩුවලට වගේම වංචාවට දූෂණයට නම් දරලා තියන රටක් සම්බන්ධ කර නොගෙන අඩුම තරමේ ජපානය හෝ කොරියාව වගේ කාර්මික හා තාක්ෂණිකව ඉහල හැකියාවන් සහිත රටක සාහය ලබා ගැනීම ඉතා වැදගත්.සිගිරියෙන් වසරකට කෝටි ගණනක ආදායම ලැබෙන නිසා මේ වගේ වයාපෘතියක් උසස් තත්වයෙන් කිරිමට දුෂ්කර නැත.
ලංකාවෙත් ගෝටාබය වගේ කෙනෙක් ජනාදිපති වුනොත් හොදයි කියල හිතෙන්න මේ වෙලාවට තමයි. එතකොට විරුද්ද කාරයෝ සද්දයක් වත් කරන්න බයයි.
සිගිරිය කියන්නේ මුළු ලෝකයම හොල්ලාපු රාවණා රජ්ජුරුතුමාගේ මාලිගාව තිබුණ ස්ථානය කියනවනේ . උන්නැහේ ඕකට රූන් ගාල යන්ඩ ඇත්තේ දඬුමොනරෙන්. ඒ ආසියන්තර සාස්තරේ විස්තර මොකද්ද ඉන්දියානු පොතක තියනවා කියල සුරිය ගුණසේකර මහත්තය ලියපු ලිපියකින් පෙනුණ. ඒ ගැන හොයලා බලලා .. ආසියන්තර කොම්පැනියකට දඬුමොනර නිෂ්පාදන ඕඩර් එකක් භාර දුන්නොත් හොඳට ඇඟට දැනෙන කොමිස්පාරකුත් ගහගන්න බැරි වන එකක් නැහැ!
සීගිරියට වඩා උස මීටර 2430ක් වන පේරු රටේ මාචු පීචු නැරඹීමට කිලෝමීටර් 3ක් පමණ ඇවිදීමට කන්ද උඩට යන්න සිදුවේ. මේ සඳහා කේබල් කාර් දමා නැහැ. හොඳ ගමන් මගක් සාදා තිබෙනවා වසරකට මෙය නරඹන්න මිලියන් 2ක් පමණ පැමිණෙනවා. ඉතින් බලන්න ඕනේ නම් ප්‍රශ්නයක් නොවේ.
මා මීට අවුරුදු 8කට ඉහත සීගිරියට ගියෙමි. එම මොහොතේදීත් කේබල් කාර් සේවාවක් දැක ගත්තා. එය ස්ථාපිත කර ඇත්තේ උඩම ඇති දිය පොකුණේ අවසානයේ පහළට වන්නය. ගූගල් වල ඡායාරූපද ඇත. වර්තමානයේ ඇති නවීන තාක්ෂණය යොදා සීගිරියේ කේබල් කාර් යෙදවීමේ වරද කුමක්ද? මෙවැනි ව්‍යාපෘතීන් "රහසිගත ව්යාපෘති" ලෙස හඳුන්වා දීමෙන්ම අරමුණ පැහැදිලි වෙනවා.
කේබල් කාර් දැම්මට පසු මොඩ් නගරයක් වගේ වෙනවා. ප්‍රෞඩත්වයට විශාල හානියක්. ඕනෙම නම්.. ප්‍රතිවිරුද්ධ පැත්තෙන් සෝපානයක් යෝජනා කරමි.