IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


කැබිනට් රැස්වීමේදී විරෝධතාකරුවන්ට සහන

අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී පසුගිය දිනවල විවිධ විරෝධතාවන්ට සහභාගි වූ පිරිස් සඳහා සහන රැසක් ලැබී තිබේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විවිධ ශ්‍රේණිවල නිලධාරින්ට දැනට ගෙවන දීමනාව වෙනුවට රුපියල් 15,000 ක පොදු දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය අද (1) තීරණය කර ඇත. ඊට අමතරව යුද්ධයෙන් මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට රණවිරු මුලික වැටුප විශ්‍රාම වැටුපක් ලෙසින් ගෙවීමට අනුමැතිය දුන් කැබිනට් මණ්ඩලය ගුරු සේවයේ  සහ විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැටුප් විෂමතා විසඳීමට තීරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (1) පැවැති කැබිනට් රැස්වීමේ දී මේ සඳහා අනුමැතිය ලැබී තිබේ.

රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සොයා බැලීම සඳහා පත්කරන ලද ඇමැති අනු කමිටුව ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය සමඟ ද සාකච්ඡා කිරිමෙන් අනතුරුව පරිපාලන සේවා නිලධාරීන්ට දීමනාවක් ගෙවීමට තීරණය කර තිබේ.

ගුරු සේවයේ සහ විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් විෂමතා රනුක්ගේ වැටුප් කමිටුවේ නිර්දේශ අනුව විසදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

මේ අතර දුම්රිය සේවය සංවෘත සේවයක් කිරීමටද කැබිනට් මණ්ඩලය අද තීරණය කළේය. එ් අනුව ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වැටුප් වැඩි කිරීමේදී සෙසු අමාත්‍යංශ වල වැටුප් වැඩි කිරීමට අවශ්‍ය නොවනු ඇත. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවද මේ වන විට සංවෘත සේවයක් බවට පත්කර තිබේ.



අදහස් (12)

කැබිනට් රැස්වීමේදී විරෝධතාකරුවන්ට සහන

ලක්ශාන් Tuesday, 01 October 2019 07:03 PM

දුම්රිය වර්ජකයෝ සදුදා වෙද්දි වැඩට ආවෙ නැත්තම් බලාගමු කියල අර එක්කෙනෙක් කිව්වෙ මේකට වෙන්නැති....

:       0       0

kapila Wednesday, 02 October 2019 01:53 AM

ඔක්කොම සංවෘත කරන්න අපි විතරක් හැම ප්‍රශ්නයකටම විවෘත කරන්න.

:       0       0

lalithm Wednesday, 02 October 2019 03:07 AM

මෙහෙම සාමාන්‍ය මිනිසුන් පලිහක් කරගෙන ප්‍රභාකරන් කරපු වැඩේම තමා ඔය හැමෝම කරන්නේ. ත්‍රස්තවාදියෝ.ඔය විදියට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරනකොට රටේ ජීවන වියදම නිකන්ම ඉහළ යනවා. රටේ තියෙන්නේ මෙගා රාජ්‍ය සේවාවක් නිසා. පුද්ගලික අංශයේ සහ ස්වයං රැකියා කරන මිනිසුන්ට කියන්නේ වස බොන්නද?

:       0       1

sagara Wednesday, 02 October 2019 04:45 AM

මේ රට ඉවරයි. දැන් ඉතින් සියලු දෙනාම සංවෘත සේවා හදා ගන්න උත්සාහ කරාවි. හැමෝම රටේ ජීවත් වෙන්න ඕන. රජයේ පත්වීම් ලැබෙන්නේ බොහෝ වෙලාවට දේශපාලනය උඩ. දොස්තරලා, විශ්ව විද්‍යාල ආචර්‍යවරුත් හිතන්නේ මහජනතාව ඒ අය වෙනුවෙන් සියලු දේ කළ යුතුයි කියලා.වැඩි වැටුප් ගත්තත් පාසල් ගුරුවරයකු තරම් වත් වැඩ කරන්නේ නෑ. දුම්රිය සේවකයෝ හිතන්නේ ඒ ගොල්ලෝ තමයි කෝච්චි හදන්නෙත් කියලා. විදුලි සේවකයෝ හිතන්නේ ඒ ගොල්ලෝ විදුලිය හොයාගෙන තමා අපට දෙන්නේ කියලා. මේ පාලන ක්‍රමයට එරෙහිව ගොස් ක්‍රියා කරන නායකයකු ඉදිරි මැතිවරණයේ දී පත්කර ගනිමු. මිනිසුන්ට බරක් නොවන පාලන තන්ත්‍රයක් සකස් කර ගනිමු.

:       216       304

දිමුත්Wednesday, 02 October 2019 10:36 AM

ඇයි බයවෙලා? ඔය පරිපාලන සේවයේ උදවිය තමයි ඔය වගෙ කතා කියන්නේ. ඔවුන්ට වඩා වෘත්තියමය කුසලතා සහ සුදුසුකම් ඇති උදවිය ඔවුන්ට වඩා අඩු පඩි ගන්නවා. පරිපාලන සේවයේ ඉන්න අය බලන්නේ තමන් සියලු වරප්‍රසාද ගනිද්දි අනිත් අයව යටපත් කරගෙන ඉන්න.

:       0       26

හංසිකා කුමාරි ජයවර්ධන Wednesday, 02 October 2019 06:14 AM

ඉස්සර කම්කරු පංතිය වැඩ වර්ජන කළේ ඔවුනට දෑත බැදි යදම් හැරෙන්නට නැති වන්නට වෙනත් කිසිවක් නැති නිසයි. ඔවුන් සටන් කළේ ජීවත් වීම සඳහා සාධාරණ වැටුපක් ඉල්ලලයි. නමුත් අද දුම්රිය සේවකයෝ වර්ජනය කරන්නෙ ඔවුන්ට රුපියල් ලක්ෂ ගණන් වැටුප් ලැබිල තියෙද්දියි. ගුරුවරුන්ට විශාල වැටුප් වැඩිවීම් ලැබිල තියෙද්දියි. ලංකාවෙ ඉන්න එදිනෙදා ජීවිතය ගැටගහගන්න කුලී වැඩ කරන අහිංසක ජනතාව දවසින් දවස වැඩිවන ජීවන වියදමට මුහුණ දෙන්නෙ මොන තරම් අමාරුවෙන්ද ? ඒ අයට සහන දෙන්නෙ කව්ද ? මේ අහිංසක ජනතාවට දොස්‍තරලා වර්ජනය කරලා ප්‍රතිකාර නොකරන කොට මේ අයගෙ දරුවන්ට ගුරුවරු උගන්වන්නෙ නැතිව වර්ජන කරන කොට මේ අය කොයිතරම් අසරණ වෙනවද ?

:       48       157

sandy123Wednesday, 02 October 2019 07:30 AM

මමත් 100% ක් එකඟයි ඔබේ අදහසට. මේ හැම කෙනාම මේ හැම දෙයක්ම කරන්නේ තමන්ගේ පුද්ගලික ධනයෙන් නෙවෙයි.අපි දුක් මහන්සියෙන් හම්බ කරන මුදලින් ගෙවන බදු වලින්. දෙන අයටත් ගන්න අයටත් යා දෙන්නේ නැහැ ඒ අපේ ගින්දර නිසා.

:       1       12

Ruwan Wednesday, 02 October 2019 06:18 AM

රාජ්‍ය සේවකයෝ කොහොම හරි එයාලගේ ඉල්ලීම් ලබාගන්නවා.මහ ජනතාවගේ බදු මුදල් වැඩි කරලා.ඔවුන්ගේ ඉල්ලීම් වලට කන් දෙන්න කවුරුත් නෑ.

:       24       42

nima Wednesday, 02 October 2019 07:14 AM

රජයේ සේවකයෝ උද්ඝෝෂණ කරලා පඩි වැඩි කර ගන්නවා. දේශපාලකයෝ යෝජනා සම්මත කරලා වැඩි කරගන්නවා. ඡන්දෙට උදව් දෙන අය කොන්ත්‍රාත් අරන් පාරවල් බෝක්කු බාගෙට හදලා ගසා කනවා. ඒකෙන් තව අයට කුට්ටි යනවා. තමන්ට වැඩ කළ ජනතාවට බැංකු ණය අඩු පොළියට අරන් දෙනවා. වැරදි කරලා අහුවෙන අය පොලීසියට පගා දෙනවා. මේ මොකුත් නොකරන කවුරු හරි ලංකාවේ ඉන්නවා ද? ඔක්කොම හොරු?

:       5       19

Sunil Wednesday, 02 October 2019 07:36 AM

කොන්ද පණ නැති රටම විනාශ කළ ආණ්ඩුව ඉක්මනින්ම ගෙදර යවමු.

:       5       82

sandy123Wednesday, 02 October 2019 12:20 PM

යහළුවා... විශේෂයෙන් මෑතකදී හිටපු හැම ආණ්ඩුවක්ම එහෙමයි.

:       0       52

සත්‍යපාල Wednesday, 02 October 2019 10:17 AM

අපේ රටේ පළමු පුරවැසියා පටන් රටට සේවය කරන්න කියලා එන අය ඔක්කොම දූෂිත දේශපාලකයෝ. රටට හරි යාවිද? මේ ඔක්කොම ක්‍රමවේදය වැරදියි. මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. එහෙම වෙයිද? දූෂිත බලලෝභී බඩගෝස්තරවාදියන් ඕවට කැමති වෙන එකක් නැහැ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 613 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 819 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 353 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site