(නිමන්ති රණසිංහ)
පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් විදුලි බිල්පත අය කරනු ලබන්නේ පාවිච්චි කරන ලද විදුලි ඒකක ප‍්‍රමාණයට අනුව පමණක් බව විදුලිබල බලශක්ති අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කරන්නේ, විදුලිබිලට අමතරව කිසිදු ගාස්තුවක් අය නොකරන බවත්, විදුලි බිල්පත් ගෙවීම සදහා ප‍්‍රමාණවත් කාලසීමාවක් ලබාදීමට පියවර ගන්නා බවත්ය.
විදුලි බිලට කිසි`දු අමතර ගාස්තුවක් එකතු නොකරන ලෙසත් කිසිසේත්ම විදුලිය විසන්ධි කිරිම ස`දහා රතු බිල් නිකුත් කිරීමට පියවර නොගන්නා ලෙසත් අමාත්‍ය විදුලිබල හා බලශක්ති, ප‍්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවද එම නිවේදනයේ සදහන් වෙයි.
ඇ`දිරි නිතිය ලිහිල් කර නොමැති ප‍්‍රදේශවල විදුලි පාරිභෝගිකයින්ට මෙතෙක් විදුලි බිල්පත නොලැබෙන බැවින් මාස දෙක තුනක බිල්පත් එකතු කර අමතර ගාස්තුවක් සහිතව එකවර විශාල මුදලක් ගෙවීමට සිදුවෙතැයි එම ජනතාව බියවී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇතැයි ද අමාත්‍යාංශය පවසයි.
දැනට ඇ`දිරි නිතිය ලිහිල් කර ඇති ප‍්‍රදේශවල ජනතාවට වුවද විදුලි බිල එකවර ගෙවීම වෙනුවට කොටස් වශයෙන් ගෙවීමට අවස්ථාව සලසන ලෙසත් අදාළ නිලධාරීන්ට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇතැයි ද සදහන් වෙයි.
විදුලි බල මණ්ඩලය, මේ වන විට විදුලි පාඩු ලබමින් යන රාජ්‍ය ආයතනයක් බැවින් මණ්ඩලයෙන් ලබාදී ඇති මෙම සහන ලබාගන්නා අතරම, හැකි ඉක්මනින් විදුලි බිල ගෙවීමට වගබලා ගන්නා ලෙසටද අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

COMMENTS
අපි නම් චන්දය දුන්නේ පොහොට්ටුවට. අපිට රුපියල් 5000ක් නම් ලැබුනා. කෑමට, කිරිපිටිවලට, බෙහෙත් වලටම පන්දාහ ඉවර උනා. දැන් වතුර බිලට සහ පාවිච්චි කරන විදුලි ඒකක ප්‍රමාණයට බිල අය කරන්න තීරණයක් අරගෙනලු. ඉස්සර අපී ජිවත් වුනේ රුපියල් 25.000ක ආදායමෙන් දැන් 5000 ජිවත් වෙන්නේ කොහොමද මේ බිලුත් ගෙවලා? රජය මොනවා හෝ දෙයක් කරාවි කියල අපි හිතනවා. තව ගොඩක් දෙනෙකුට 5000 ලැබිලා නැහැ...
ජනාධිපතිවරු තුන් දෙනෙක් යටතේ වැඩ කරපු මොහු දැනුයි වැඩ පෙන්වන්නෙ
ඇමතිතුමනි අපට පරණ ඒකක ගණන (අවසන් බිලෙන්) නව ඒකක ගණන (මීටරයෙන්) බලා ඇතුලත් කල විට විදුලි බිල ගණනය වී පෙන්වන ක්‍රමයක් විදුලි බල මණ්ඩලයේ වෙබ් අඩවිය හරහා ලබා දුනහොත් අපට බිලේ ගණන බලාගෙන මාර්ගගත ක්‍රමයට විදුලි බිල ගෙවා දමන්න පුලුවන්. අපි බිල් ගණනය කිරීම වැරදි ලෙස කර ගනී යැයි හිතනවා නම් අවසාන බිලෙයි, මීටරේ ෆොටෝ එකකුයි උඩුගත (අප්ලෝඩ්) කරාට පසු විදුලි බිල විද්යුත් තැපෑලෙන් එවන ක්‍රමයක් සාදනවා නම් ස්ථිරවම බිල සනාථ කරන්න පුලුවන් ගෙවීමට පෙර.
දැනට නවතා ඇති විදුලි බිල්කරණය වෙනුවට මාස් පතා කෙසේ හෝ බිල් ගණනය කර පාරිභෝගිකයාගෙන් අයකර ගැනීමයි සුදුසු. නැතිනම් පසු කාලීනව එකවර ලොකු විදුලි බිලක් එකවර ගෙවීමට පාරිභෝගිකයාට සිදු වුවහොත් එය දරා ගැනීම අපහසුයි. ඒ වගේම මාසික ආදායම් නො ලබමින් විදුලිබල මණ්ඩලය පවත්වාගෙන යාමත් අපහසු වෙනවා.
ලෝකයේ විදුලි ඒකකයකට වැඩියෙන්ම අයකරන රට ලංකාවයි. එහෙම වෙලත් පාඩු ලබනවලු. අධික පඩි සමග අතිරික්ත සේවකයින් නඩත්තු කරන්නේ අහිංසක පාරිභෝගික අපියි.
වෙනදත් බිල් ගෙව්වේ පාවිච්චි කරපු ඒවාට නැතිව පාවිච්චි නොකළ ඒවාට ගෙවන්නේ නැහැ...
අපි ජල විදුලියට ගත්තු නය ගෙවල ඉවරයි.. දැන් බැරිද ජල විදුලිය නිකම් දෙන්න? නඩත්තු වියදම් තාප විදුලියෙන් ආවරණය කරගමු. ජලය මේ රටේ මිනිස්සුන්ගේ අයිතියක්... තෙල් තියෙන රටවල් වල තෙල් මුදලින් කොටසක් හෙම රට වැසියටම බෙදනවා. අපිත් ජලයේ වටිනාකම විදුලිය විදියට එක නිවසකට ඒකක 10 නොමිලේ දෙමු මේ කාලේ ...
විදුලිය නිපදවන ජලාශ උතුරා යනවාලු... ලෝක වෙළදපොලේ තෙල්මිල රින තත්වයෙන්ලු... ඒ වුනාට මණ්ඩලයට පාඩුලු. මොනවද මේ කථා...? අමාත්‍යාංශය ඒකක ගණනට අයකරන්න කියන. අතර මණ්ඩලයෙන් කෙටි පණිවුඩ එවනවා පෙබරවාරි බිලට සමාන මුදලක් ගෙවීමට කාරුණික වෙන්න කියල....
මෙ තත්වය මත මුලු බිලටම සියයට 50 අඩුකිරීම ලබාදෙන්න. එය ඉතාමත් හොදයි.. ඇදිරි නීතිය නිසා ඔවුන්ට වැඩ කිරීමටත් නොහැකිය.
ඔබතුමන්ලත් මේක පාඩුයි කියලා කියනවා මිසක්, කිව්වා මිසක් මේකට එහෙම වෙන්නේ මොකද කියලා හොයන්නේ නැහැ. ඒකට හේතුව දන්නා අය දන්නවා. ඒ එකක්වත් ගැන මම මෙතන කියන්නේ නැහැ. නමුත් ලෝකෙන් වැඩිම විදුලි බිලක් අය කරන රටක් මේක. කර්මාන්ත කරන අයගේ හෘදස්පන්දනය වැඩිවෙන දවසක් තමයි මාසේ විදුලිබිල එන දවස. මේවට පිළියම් නොයොදා ජනතාවට විදුලිබිල ගෙවන්න කියල ඉල්ලන එක වැඩ නැති දෙයක්.