(ඩයනා උදයංගනී)
යුද හමුදාවේ බලය සියයට 25කින් අඩුකර, දෙමළ ඩයස්පෝරාවට හා ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට රජය සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය.
ඒ යටතේ ලබන ජූලි 1 වැනි දා වන විට හමුදා බලඇණි 33ක් අහෝසි කර ඒ යටතේ සිටින හමුදා නිලධාරීන් 1000ක් සහ සෙසු නිලයන් 23,266ක් ඉවත් කරන හා උතුරු පළාතේ ඇති ඉතා වැදගත් හමුදා කඳවුරු 100ක් ඉවත් කෙරෙන යුද හමුදා නියෝගයක් මේ වන විටත් නිකුත් කර තිබෙන බව ද සමරවීර මහතා සඳහන් කළේය.
මන්තී‍්‍රවරයා මේ බව පැවසුවේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමරවීර මහතා මෙසේ ද කියා සිටියේය.
‘‘මේ යහපාලන ආණ්ඩුවේ හිටපු විදේශ කටයුතු ඇමැතිවරයාව සිටි මංගල සමරවීර මහතා, අපේ හමුදාවෙන් පළිගැනීම සඳහා සෙයිඩ් අල් හුසේන් කුමාරයා ගෙනා 30/1 ප‍්‍රකාශයට අත්සන් තබා අද ඒ යෝජනාව අනුව කටයුතු කරමින් සිටිනවා. ඒ යෝජනාවේ වගන්ති ඉස්පිල්ලක්, ඇලපිල්ලක්, පාපිල්ලක්, කොමාවක්, නැවතීමේ තිතක් නෑර ක‍්‍රියාත්මක වෙන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා.
අපේ ත‍්‍රිවිධ හමුදාවෙන් පරිපාලනමය වශයෙන් පලිගැනීමේ යෝජනාවක් එහි තිබුණා. අද ඒ අනුව 2018 ජූනි මස 14 වැනිදා, අධ්‍යක්‍ෂ ජනරාල්, මාණ්ඩලික ප‍්‍රධානී, මේජර් ජනරාල්, ඞී.ජී.අයි කරුණාරත්න විසින් නිකුත් කළ යුද හමුදා නියෝගයක යුද හමුදාව තුළ ක‍්‍රියාත්මක සංස්ථා යථායෝග්‍ය ප‍්‍රමාණය කිරීම ගැන සඳහන් වෙනවා. මෙය ජූලි මාසය අවසන් වීමට මත්තෙන් ක‍්‍රියාත්මක කරන්න කියා හමුදාව දැනුවත් කර තිබෙනවා.
ඒ යටතේ හමුදා බලඇණි 33ක් අහෝසි වෙනවා. ඒ 33 යටතේ නිත්‍ය බලඇණි 14ක් සහ ස්වේච්ඡා බලඇණි 19ක් තිබෙනවා. ඒ වගේම ඒ යටතේ හමුදා නිලධාරීන් 1000ක් සහ සෙසු නිලයන් 23,266ක් ඉවත් වෙනවා. මෙයින් යුද හමුදාවේ බලය සියයට 25කින් අඩුවෙනවා.
මේ යටතේ ඉතාම වැදගත් මර්මස්ථානවල පිහිටි හමුදා කඳවුරු 100කට ආසන්න සංඛ්‍යාවක් ඉවත් වෙනවා. උදාහරණයක් ලෙස නන්දිකඩාල්, පුදුකුඩිඉරිප්පු, යාපනය, ඉරණමඩු, මුලතිව්, තලෙයිමන්නාරම, මැණික්ෆාම්, පේදුරුතුඩුව, වව්නියාව, පුනරීන්, කිලිනොච්චිවල හමුදා කඳවුරු 4 බැගින් ඇතුළුව කඳවුරු 100ක් පමණ මෙසේ ඉවත් වෙනවා.
මේ යහපාලන ආණ්ඩුව තමන්ගේ කාලය අවසන් වන්නට හා 2019 පැවැත්විය යුතු ජනාධිපතිවරණය පවත්වන්නට මත්තෙන් තමන් බලයට පත්කරන්න උදව් කරපු බෙදුම්වාදී ඩයස්පෝරාවට හා විජාතික බලවේගවලට දුන් පොරොන්දු නිසි පරිදි හරි ආකාරව ඉටුකරන්නයි මේ සූදානම. ’’ යැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘හමුදාවේ බලය සියයට 25 කින් අඩු කිරිමට සැරසෙනවා’
කුමාර් (Gulf) Thursday, 21 June 2018 09:17 AM
එල්ටීටිය පරාජය කරපු පසුගිය රජය, දුෂණය හා භීෂණය නොමැතිව සාධාරණව රට පාලනය කරානම් මේ වැනි ප්‍රශ්න කවදාවත් එන්නේ නෑ. එහෙනම් අපේ හමුදාව අද රජවරු වගේ ඉන්නවා.
mahinda Thursday, 21 June 2018 09:29 AM
මේ දේශපාලකයෝ තවමත් ජාතිවාදය මතින් තම පහත් අරමුණු ඉටු කර ගන්න ජනතාව රවටනවා.
sirimal Thursday, 21 June 2018 09:30 AM
හිට්ලර් වගේ කෙනෙක් බලයට පත්කලානම් රටම හමුදාවක් කරයි. නරක නෑ නේද?
මල්ලි Thursday, 21 June 2018 09:52 AM
හමුදාවට ඉන්න තිබුණු තැන චීනට විකුණුවාට පස්සේ, හමුදාව ඉන්නේ කුලියට...
rocky Thursday, 21 June 2018 09:59 AM
ප්‍රශ්නයක් නැහැ මහත්තයෝ......... රටේ දැන් මහා විශාල ඒ වගේම මහා බල සම්පන්න දේශපාලක හමුදාවක් ඉන්නවනේ.
siva Thursday, 21 June 2018 10:56 AM
හමුදාව ගැන මොනවා දැනගෙනද කතාකරන්නේ? දන්නේ නැත්නම් ගෝඨාබය රාජපක්ෂ මහතාගෙන් අහගන්න.
Raveendra Thursday, 21 June 2018 11:22 AM
අපරාදේ 25% ඕක 100% ම කලා නම් ඉවරයිනේ.. මොකටද අඩුවෙන්... හැමතැනම සාමකාමී බව දෝරේ ගලනවනේ...
වයිරන් Thursday, 21 June 2018 04:03 PM
මෙයාලට රට දුන්න නම් හරි දැන්.. එතකොට අපේ රටේ හමුදාව ශක්තිමත් කරලා ඇමරිකාවට ඉන්න හම්බෙන්නෙත් නෑ