(අංජුල මහික වීරරත්න)
දීර්ඝ කාලයක් අරගලකරුවන් රැඳී සිටීම නිසා ගෝල්ෆේස් භූමියට සිදුව ඇති හානිය ඔවුන්ගෙන්ම අයකර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
අරගලකරුවන් ලෙස හදුන්වා ගන්නා කණ්ඩායම එම ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වී අයුතු ජන රාශියක් සිදු කර තිබෙන බව කී අමාත්‍යවරයා නීති විරෝධී පදිංචියක් ස්ථාපනය කර හා එම පදිංචිය තහවුරු කරගැනීම සඳහා ලිපිනයන් පවා ලබා ගැනීමට කටයුතු කර තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළේය.
නාගරික සංවර්ධන ප්‍රදේශයක යම් සංවර්ධන කටයුත්තක් තාවකාලික ඉදි කිරීමක් සිදු කරන්නේ නම් 1982 අංක 04 දරණ නාගරික සංවර්ධන අධිකාරි (සංශෝධන) පණතේ 8(ඒ)1 වගන්තිය ප්‍රකාරව ඒ සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
එතකොට දේශපාලකයින්ගෙන් රටට සිදුවූ හානිය කාගෙන්ද අය කර ගන්නේ?
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් , ශ්‍රී ලංකා ටෙලිකොම් පුද්ගලීකරණය කරන්න යන්නේ.- ඒවා ලාභ ලබන හින්දද? මේ රටට වෙච්චි පාඩුව ආත්ම ගණනක් ගෙව්ව්වත් නිම කරන්න බැහැ
සාධාරණයි, තමන්ගේ නොහැකියාවට අහිංසක මිනිස්සු පෝලිං වල රස්තියාදු කරපු කාලයටත් සාධාරණ වන්දියක් අයකරගත හැකිනම්
අම්මපා, මේ කඳයි බඩයි හදා ගත්තු අයට කියන්න වචන සිංහල භාෂාවේ නැහැ...
තමන් ගැන ටිකක් පොඩිදරුවෙක්ගෙන් අහලා බලන්න. කැරැට්ටුව කොහොමද කියලා. පාලු පිට්ටනිය වගෙද. රටයි ජනතාවයි. ඔබගෙ අර බලහත්කාරයෙන් අසරණ පවුලකගෙ වටිනා ඉඩම්. බලෙන් ගත්තු නඩුව ඉවරද. ටිකක් බලන්න බඩ ලොකු ඔලුව නති උන් ගොඩාක් කරන්නෙ ඔවා. හැම ජරා වැඩෙම කරලා. ජනතාව වැරදි වැඩක් කෙරුවොත්. 250 හෙ මහා එකා ඉන්දලා. කැගහන්න ගන්නවා. රටවැසියා හදන්න කලින් තමුන් ඇතුළු පවුලෙ කට්ටියහරි මග යන්න ඔය නඩේට කවදාවත් මිනිසුන්ට ඇඟිල්ල දික් කරන්න බැහැ. නිතිය ඔන විදියට හදා ගෙන සේරම දූෂිත වැඩ කරමින් ජනතාවට නිතිය උගන්වනවා.
අය කරගන්නේ කප්පම්ද?
තණකොළවල වටිනාකම දන්නේ උලාකන අය
අවුලක් නෑ, ඒක කොටි ඩයස්පෝරාවෙන් ගෙවයි.
මේවට කියන්නේ යක්කු පිරිත් කියනවා කියලා. කප්පම් කාලා උසාවියෙනුත් වැරදිකාරයා වෙච්ච මිනිහෙක් නේද මේ නීති ගැන කථා කරන්නෙ?
අනේ යන්න.. ඔබ කප්පම් කාරයකු කියලා දඬුවම් ලැබුවා. කප්පම් ගන්න පුළුවන්. උද්ඝෝෂණ කරන්න බැහැ.
ඉස්සෙල්ලා කප්පම් ගන්න එක නතර කරන්න
ඔහුට බඩගිනියි. කරුණාකර ඔබට තණකොළ ටිකක් එවන්න පුළුවන්ද?
මිලියන ගණනක් හොරා කාලා අහුවෙලා දැන් අප පිට ඉන්න හොරෙක් කියන කතා. අරගල භුමිය මහජනතාවගේ.... ඒක අමතක කරන්න එපා. මොවුන්ගේ ගෙවල් ගිනි තියලා මදි. මොවුන්වත් ඇතුලට දමලයි ගිනි තියන්න තිබුණේ.
තමුන්ගේ පවුලේ හැමෝම දේශපාලනෙන් හොරාකාලාම බඩ වඩා ගත්තු අය. අනුන්ට එක ඇඟිල්ලක් දික්කරනකොට තමුන්ගේ පැත්තට ඇගිලි හතරක් හැරෙන බව දන්නේ නැද්ද .
ජනාධිපති ගෝඨාභය ඇතුළු ඔබ සැමගෙන් රටට සිදු වූ හානිය ගැන කුමක් කිව හැකිද?
තොපි මෙතෙක් කල් රටට කල හානිය අයකරගන්නේ කාගෙන්ද බොල
ගෙවල් ගිනි තියා කරපු හානිය වාහනවලට හානිය. ඒවත් අයකරගන්න. ගෙයක් දොරක් රැකියාවක් නැති රස්තියාදු සෙට් එක තමයි ඔතනට සෙට් උනේ. ඔය හිඟන්නන්ට පුලුවන්ද ඕවට ගෙවන්න.
මේවගේ අයට ඡන්දය දෙන්න එපා... අද රටට මෙහෙම වෙලා තියෙන්නේ වැරැදි මිනිස්සුන්ට ඡන්දය දීපු එක. පක්ෂ, පාට බලන්නේ නැතිව හරි මිනිස්සු නායකත්වයට පත්කරන්න.
කප්පම් ගන්න හොඳද?
රට බංකොලොත් කර ජනතාවට කල හානිය පෝහෝට්ටුවේ හොරනඩයෙන් හා බත් බැලයන්ගෙන් මුලින්ම අයකර ගත යුතුයි.
අපරාධකාරයෙක් අරගලකරුවන්ගේ වැරැදි හොයනවා.