IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


වැස්සෙන් කැඩී ගිය යාලේ වැව්- මාර්ග පද්ධති පිළිසකර කරයි

(එම්.කේ.නන්දසේන)

පසුගිය වසරේ අධික වර්ෂාව හේතු කරගෙන කැඩී බිඳීගිය යාල ජාතික වනෝද්‍යානයේ වැව් පද්ධතිය සහ මාර්ග පද්ධතිය මේ දිනවල කඩිනමින් පිළිසකර කරමින් පවතින බව ඌව කලාපය බාර වනජීවී සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසීය.

මෙම වැව් පද්ධතියෙන් පලටුපාන වැව, බුතව වැව, ගෝනගලවැව, දළුක්කඩ වැව, ගිණි කසය වැව අලුත්වැඩියා කටයුතු මේ වන විටත් නිමවෙමින් පවතින බවද කීය.

මීට අමතරව පළටුපාන සිට යාල පිවිසුම් දොරටුව දක්වා ඇති කිලෝමීටර් 16 ක් දුරැති ප්‍රධාන මාර්ගයේ ද අලුත්වැඩියා කටයුතු ආරම්භ වී ඇති බවත්, අභ්‍යන්තර මාර්ග පද්ධතියේ ද බුතව පාර, ආකාශ චෛත්‍යය පාර, ඌරනිය පාර, වරහන පාර, ජඹුරාගල ඇතුළු කිලෝමීටර් 122 ක් දුරැති මාර්ග පද්ධතියේ අලුත්වැඩියා කටයුතු ද නිම වීමට ආසන්න බවත් කියා සිටියේය.

උද්‍යානය ඇතුළත පිහිටි වරහන, මහාශීලව, ඔන්ඩචිචි, තල්ගස්මංකඩ යනාදී නිවාඩු නිකේතන ද අලුත්වැඩියා කළ බවත් කීය.

කොරෝනා වසංගතය හේතුවෙන් යාල උද්‍යානය වැසී තිබූ කාලසීමාවේ ද සමස්ත කාර්ය මණ්ඩලයේ කැපවීම මත මෙම කටයුතු ඉටුකිරිමෙන් බොහෝ ව්‍යාපෘති නිම කිරීමට හැකිවූ බව නියෝජ්‍ය උද්‍යානයභාර නිලධාරී අජිත් වසන්ත කුමාර මහතා පෙන්වා දුන්නේය.    

 



අදහස් (0)

වැස්සෙන් කැඩී ගිය යාලේ වැව්- මාර්ග පද්ධති පිළිසකර කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 131 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 978 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site