(නිමල කොඩිතුවක්කු)
අගොස්තු මාසය අවසන් වනවිට සමෘද්ධි ප‍්‍රතිලාභ හිමිවිය යුතු සෑම පවුලකටම සමෘද්ධිය ලබා දෙන බව ප‍්‍රථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා කොළඹදී පැවසීය.
දේශපාලන භේදයකින් තොරව සමෘද්ධිය හිමිවියු යුතු නියම සුදුස්සන් තෝරා ගැනිම වෙනුවෙන් ගම් මට්ටමින් කමිටු පිහිටුවන බවත් අමාත්‍යවරයා බවත් සදහන් කළේය.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවනාගාරයේ අද(07) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රථමික කර්මාණ්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා මෙසේ ද කීවේය.
‘‘මම ඉස්සෙල්ලම අයවැයෙන් මුදල් ඉල්ලුවා ලක්ෂ හයකට සමෘද්දිය ලබා දෙන්න. දැන් මේකට ගොඩක් අය දොස් කියනවා දුප්පත් කම වැඩිකරනවා කියළා. එක්සත් ජාතික පක්ෂයෙන් ජනසවිය පටන් ගත්තේ අවුරුදු දෙකකට සමෘද්දිය ලබා දීලා අවුරුදු දෙකක් ඇතුළත ඔවුන්ව සවි බල ගන්වයි. නමුත් ගිය රජය මේක දේශපාලන ව්‍යාපාරයක් කරගෙන ලක්ෂ 14කට සමෘද්ධිය ලබා දුන්නා.
සමහරු අවුරුදු 21ක් තිස්සේ සමෘද්ධිය ලබා ගන්නවා. සියයට 83ක්ම අවුරුදු 15ක් තිස්සේ සමෘද්ධිය ලබා ගන්නවා. මේ බොහෝ දෙනෙක් එක්ක කතා කරහම ඒ හැමෝන්ටම තියෙන්නේ රජයෙන්ම යැපෙන මානසිකත්වයක්. සංගණනයක් කරලා බලපුවහම ඇත්තටම සමෘද්ධිය ලැබිය යුතු උදවියට නෙමෙයි සමෘදධිය ලැබිලා තියෙන්නේ.
ප‍්‍රදේශීය ලේකම්වරුන්ගෙන් සමෘද්ධිය හිමිවිය යුතු අයගේ ලයිස්තුවක් අරගෙන අපි දැන් වෙනකොට ලක්ෂ හයකට ආසන්න ප‍්‍රමාණයකට සමෘද්ධිය ලබා දීලා තියෙනවා.
තවත් අසාධාරණයට ලක්වූ පිරිස් ඉන්නවා. තමන්ට සමෘද්ධිය ලැබිය යුතුයි කියලා හිතන ඒ හැම කෙනෙක්ම සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්තුමන්ට ලිපියක් යොමු කළ යුතුයි. දැනට අයදුම්පත් ලක්ෂ තුනහමාරක් මට ලැබිලා තියෙනවා. ගම්මට්ටමින් කමිටු පත් කරලා ඇත්තටම සමෘද්දිය හිමිවය යුතු අයට අගෝස්තු අන්තිම වෙන්න කලින් සමෘද්ධිය ලබාදීමට කටයුතු කරනවා’’ යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.
COMMENTS
හෙන වීරකමක් නේ කියන්නේ....
ඔව් ඉතින්, ඊට පස්සේ මැතිවරණයක් එනවනේ. අපි දන්නේ නැද්ද ඔය ලණු දෙන්නේ මොනවටද කියලා?
නිකම් කන්න දෙන මේ ක්‍රමය නැතිකරලා මිනිස්සුන්ට හම්බකරගෙන කන්න පුළුවන් පරිසරයක් හදන්න. දේශපාලකයා කැමති නෑ රටේ දුප්පත්කම නැතිවෙනවට, යුද්ධ නැතිවෙනවට. මොකද එ්ක තමයි මිනිස්සුන්ට වැඩිපුරම දැනෙන දෙය. මෙයාලා හැමදාමත් කලේ මිනිසුන්ව ගොනාට අන්දලා තමන්ට කතිරය ගස්සවා ගත්ත එක... අපේ මෝඩ මිනිස්සුත් ඉන්නවා "කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ" කියල හිතන... ඉතින් තව පරම්පරා ගානක්ම ඉගෙන ගනියි" ශ්‍රී ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටකි" කියලා...
ඔව් ඉතින් සමෘද්ධිලාභීන් ඉන්නකම් ඉතින් ගොඩනේ. දේශීය හිඟන්නෝ විදේශීය හිඟන්නන්ගෙන් ආධාර උපකාර ගන්නවා.
සමෘධියෙන් යැපෙන්නේ වැඩිවෙනවා කියන්නේ රටක් තවතවත් දුප්පත් වෙනවා. දුප්පතුන් වැඩිවෙනවා යන්නයි රටකට මෙය හොඳද?
ඒ අතරේම හිමිවිය යුතු සෑම "ජනතා නියෝජිතයෙකුටම" තීරුබදු රහිත වාහනත් දෙන්න යනවලු නේද..?
ලෝකයේ රටවල්... අලුත් ක්‍රමයට හදලා රැකියා දෙනවා. අපේ රටේ සමෘධිය දෙනවා. මෙහෙමත් යුගයක් ...
පුදුම අම්බරුවෝ ටිකක් තමයි මේ... තාමත් මිනිස්සුන් රවට්ටන්න තමයි හදන්නේ...
සමෘද්ධිය ලබා ගන්න සමෘද්ධි ලාභීන් කලින් මුදල් ගෙවන්නත් ඕනේ. මාස්පතා මුදල් ලැබෙන්නෙත් නැතිලු. මාසික රැස්වීමට නොගියොත් සමෘද්ධිය දෙන්නේ නැතිලු. මාසෙකට කණ්ඩායම් ගාස්තු කියලා රුපියල් 300/- ක් ගෙවන්න ඕනේ, ආයෙමත් කොඩියකට කියල 100/- ක් දෙන්න ඕනේ. තවත් මොන මොනවද කියල රුපියල් 200/- ක් අයකරනවා කියල සමෘද්ධි ලාභීන් මැසිවිලි නගනවා. ඇමතිතුමනි, සමෘද්ධිය ගන්න සමෘද්ධිලාභියා ගෙවිය යුතු මුදලක් තිබේද? තිබේ නම එම මුදල කීයද කියල දැනුවත් කරන්න. නැත නම් මේ සමෘද්ධි වැඩේ අසාර්ථක වෙනවා. දැනටත් එහෙමයි.