තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
අධිකරණ නියෝගයක් ක‍්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි කියන චෝදනාව සම්බන්ධයෙන් සැප්තැම්බර් මස හත් වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි අභියාචනාධිකරණය අද (08) උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් මහතා ඇතුළු තුන්දෙනෙකුට නොතීසි නිකුත් කළේය.
මෙසේ කරුණු දක්වන මෙන් නොතීසි නිකුත් කරනු ලැබූ සෙසු පළාත් අමාත්‍යවරුන් වන්නේ ආනන්දි සසිදරන් සහ කේ.සිවනේසන් යන අයයි.
අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් උතුරු පළාත් හිටපු අමාත්‍යවරයෙකු වන එස්.ඩෙනීෂ්වරන් මහතා ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් පසුව කුමුදුනී වික‍්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල විසින් නොතීසි නිකුත් කිරීම සිදු කර තිබේ.
ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයා සිය මෝසම මඟින් සඳහන් කර සිටින්නේ තමන්ව අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවමින් අභියාචනාධිකරණය ඉකුත්දා අතුරු නියෝගයක් නිකුත් කළ බවය.ඒ අනුව තමන්ව නැවත අදාල අමාත්‍ය ධූරය පිහිටුවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළ බව ද ඩෙනිස්වරන් හිටපු අමාත්‍යවරයා පෙන්වා දේ.
නමුත් එම නියෝග ක‍්‍රියාත්මක කිරීමට උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා පැහැර හැරීම තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවද හිටපු අමාත්‍යවරයා සිය මෝසමෙන් අධිකරණයට පෙන්වා දේ.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අධිකරණයට අපහාස කිරීම ගැන විමසන්න විග්නේෂ්වරන් උසාවි කැඳවයි
amila Wednesday, 08 August 2018 12:12 PM
පුළුවන් නම් අවුරුදු 20කට විතර හිරේ යවන්න.
nuwan Wednesday, 08 August 2018 09:57 PM
පුලුවන්නම් නීතිය සැමට සාධාරනයි කියලා පෙන්වන්න. අර හාමුදුරුවන්ව අවුරුදු 6 කට හිරේ දැම්මනම්. බලමු යහපාලන නීතිය සාධාරනද කියලා නැත්නම් ….
Bamunuarachchi Thursday, 09 August 2018 03:58 AM
මෙයත් කරලා තිබෙන්නේ උසාවියට අපහාසයක්නම් මෙයත් අවුරුදු 6 ට හිරේ යාවිද කියා බලමු.