රටේ ඕනෑම පෙදෙසක කලබලකාරී තත්ත්වයක් ඇතිවුවහොත් එය පාලනය කිරීම සඳහා උපරිම බලය යොදවන බවත්, අවශ්‍ය වුවහොත් හදිසි තත්ත්වය මත ඇති බලතල අනුව වෙඩි තැබීමට වුවද පියවර ගන්නා බවත් යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා කියයි.
වයඹ පළාතේ ඊයේ (13 වැනිදා) ඇතිවූ තත්ත්වය සැළකිල්ලට ගනිමින් විශේෂ ප‍්‍රකාශක් කළ යුද හමුදාපතිවරයා එසේ කියා සිටියේය.

යුද හමුදාපතිවරයාගේ සම්පූර්ණ ප‍්‍රකාශය :
”වයඹ පළාතේදී ඊයේ සිදුවූ සිදුවීම් නිසා, (ඒ කියන්නේ හලාවතින් පටන්ගෙන කුළියාපිටිය, හෙට්ටිපොල සහ අනෙකුත් ප‍්‍රදේශ වලට පැතිරුණු සිදුවීම්) ඊයේ සවස ඇඳිරි නීතිය පනවන්න අපට සිද්ධ වුණා. දේපළවලට හානි කිරීමටත් විනාශයට පත්කිරීමටත් කිසියම් තරුණ පිරිසක් සම්බන්ධ වී තිබෙනවා.”
”මේ නිසා, දේපල හානි කිරීමට හෝ රජයේ හෝ ආරක්‍ෂක හමුදාවල අවවාද නොතකා හැරීමට කිසිවකු සූදානම් වෙනවා නම්, ඔවුන් මර්දනය කිරීම සඳහා උපරිම බලය යෙදීමට පියවර ගන්නා බව, යුද හමුදාපතිවරයා වශයෙන් මා මේ අවස්ථාවේදී අවවාද කර සිටිනවා.....මා නැවතත් කියා සිටින්නේ, හදිසි තත්ත්වය යටතේ පැවරී ඇති බලතල අනුව, ඔවුන් ග‍්‍රහණයට ගැනීමට, අත්අඩංගුවට ගැනීමට හෝ අවශ්‍ය වුවහොත් වෙඩි තැබීම දක්වා අවම බලයේ සිට උපරිම බලය යෙදවීමට පසුබට නොවන බවයි.
”රට නැවතත් උන්මන්තකයන්ගේ හෝ ත‍්‍රස්තවාදයේ ප‍්‍රචණ්ඩත්වය කරා යොමු වීම වැළැක්වීමට අපි අවශ්‍ය සියලූම පියවර ගන්නවා. කරුණාකර මෙම නීතිවිරෝධී කටයුතු සඳහා සම්බන්ධ නොවී සිටීමට ඔබ සියලූ දෙනාම වගබලාගන්න”
”එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් එය පාලනය කිරිමට සහ මැඬපැවැත්වීම සඳහා ආරක්‍ෂක හමුදා සියලූම බලය යොදවනවා. රටේ ඕනෑම පෙදෙසක ඇතිවිය හැකි ප‍්‍රචණ්ඩත්වය මර්දනය කිරීම සඳහා ආරක්‍ෂක හමුදා ඉතාමත් ශක්තිමත් ස්ථාවරයක සිටිනවා.”
”නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට පොලිසියට සහාය වීම සඳහා අප මේ වන විටත් යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව යොදවා තිබෙනවා. මා, ඉතා ඕනෑකමින්, මේ තරුණ ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ ප‍්‍රචණ්ඩත්වය ඇති කිරීමෙන් ආරක්‍ෂක හමුදා සමඟ නොපැටලෙන ලෙසයි. එසේ වුවහොත් අපේ බලය පාවිච්චි කරන්න අපට සිද්ධ වෙනවා” යැයිද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ඊයේ (13 - සඳුදා) විශේෂ ප‍්‍රකාශයක් කළ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේ රටේ සාමය බිඳ දමන්නන්ටත්, හදිසි නීතිය හා ඇඳිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්ෂක අංශ වෙත පවරා දී තිබෙන බවයි. නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් කටයුතු කිරීමට ආරක්ෂක අංශ සියලූ පියවර ගන්නා බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කීවේය.
COMMENTS
තදින් ක්‍රියා කරන නිසාද වැල්ලම්පිටියේ බෝම්බ කාරයන් නිදහස් කලේ...?
මුලින්ම මේ ප්‍රශ්නයට එළිපිටම සම්බන්ධ මුස්ලිම් ඇමැතිවරුන්ට විරුද්ධව ගත්තා නම් අද මෙහෙම වෙන්නේ නැහැ. නමුත් කළේ සැකකරුවන් සහ නඩු භාණ්ඩ හොරපාරෙන්ම එළියට දැම්ම එකයි.
හැමෝම උපරීම බලය පෙන්වන්නෙ සිංහල අපිටම තමා. අනිත් අයට තියා ත්‍රස්ථවාදීන්ටත් උපරිම සැප නිදහස කාට කියන්නද මෙව්වා...
ඔබ සියලු දෙනාම උපරිම බලය පාවිච්චි කරන්නේ සාමාන්‍ය ජනතාවට මිස වැරදි කරුවන්ට නොව. මිනිසුන් මේ තත්වයට ඇද දමා ඇත්තේ රජය සහ මුස්ලිම් දේශපාලකයන් ඇදබාන පට්ට කෙබර නිසා සහ පොලිසිය ගැන තිබෙන විස්වාසය බිද වැටීම නිසා. පුලුවන්නම් එක පාර්ලිමේන්තුවේ සිටින වැරදි කර ඇති දේශපාලකයෙකුට උපරිම බලය පාවිච්චි කරන්න අන්න එදාට මනුස්සයෝ ඔබල ගැන විස්වාස කරවී. ඔබට එසේ කරන්නට ඔවුන් ඉඩ නොදේනම් එය සම්බන්දව ජනතාව දැනුවත් කරන්න ජනතාව දේශපාලකයන්ට උත්තර දීමට සුදානම් ඔවුන්ට එකම අඩුව අවංක නායකයෙක් නැතිකම. ඔබට එම හිස්තැන පිරවීමට හැකිනම් මේ රටේ බොහොමයක් ගැටළු විසදිය හැක.
උපරිම බලය පාවිච්චි කරලා ත්‍රස්තවාදීන් විනාශ කරනවා කියලා මෙතුමා කවදා හරි කිව්වද?
දැන් බලාගෙන යනකොට පල්ලිවලට බෝම්බ ගහලා තියෙන්නේ අපිනේ , මුස්ලිම් ත්‍රස්තයෝ නොවේනේ
මෙයාගේ ෂෝ සිංහල අපිට තමා.....
ඔය උපරිම බලය අර ත්‍රස්තවාදය ඇති කරපු මුස්ලිම් දේශපාලකයන්ටත් යොදවන්නකෝ මහත්තයෝ
අපිට ඕනේ ඔබ වැනි නායකයෙක්... ත්‍රස්තවාදයයි, ජාතිවාදයයි මේ රටෙන් තුරන් කරලා සාමය ඇතිකරනු මැනවි.
අර පල්ලි පරික්ෂා කරන කොට උපරිම බලයක් තිබෙන බව පෙනුනේ නෑනේ
ඈයි මේකේ කොටන අයට තේරෙන්නෙ නෑත්තේ විනාශ කරන දේපල වලට රජය ගෙවන්නේ අපේම බදු මුදල් බව ඔය විදියට විසදන්න කොහොමත් බෑහෑ ඔලුවෙන් වෑඩ කරනවා මිසක්.
අපිට රජය ගැන කිසිම විස්වාසයක් නැහැ. හෙට අනිද්දා අපි පාරට බහින්නේ දේශපාලකයෝන්ට විරුද්ධව.
උපරිම බලය යොදවන්නේ රටට ආදරේ කරන සිංහල මිනිහට පමණි. රටේ නීතිය කඩන ඉස්ලාම් අන්තවදියන්ට යොදවන උපරිම බලය කොහෙද. ඔවුන්ව රකින්නනම් සිංහලයට විරුද්දව උපරිම බලය යොදවේ. ...
කතාව නම් තවත් එපා වැඩයි ඕනේ.
රටට ඇති ආදරයක් මෙතන නැහැ. බලන් ඉන්නේ අරාජිකත්වයෙන් රජවෙන්න. මේක හැමෝගෙම රට
රටේ සිංහලු මේවා කරන්නේ නේ නැ මේවා ජඩ දේශපාලකයෝ සිංහලු උනත් මේවා කොරොත් අනිවා වෙඩි තියන්න ඕන. අහිංසක මුස්ලිම් මිනිස්සු පලි නැ ඕවට
ඔබතුමා උපරිම බලය යොදල ඕන දෙයක් කරන්න, අහිංසක මිනිස්සු බේරලා. ඔය ගැටුම් වලින් වෙන්නේ සාමාන්‍ය ජනයාගේ ජීවිත අවුල් වෙන එක. පිට පළාත් වලින් ඇවිල්ල ගහල ගියාට ප්‍රශ්න එන්නේ ඒ පළාත් වල ඉන්න ජනයට නේ, මේක අර රැලට තේරෙන්නේ නැනේ.
ඔය ඔක්කොම අපිටනේ. වැරැද්ද කරේ අපිද. වැරැද්ද මුල හදන්න මහත්තයෝ.. අපි ........ නෙවෙයි...
මේවා පිටිපස අදිසි බලවේගයක් තියනවා. දේශපාලන උවමනා එපාකම් පිරිමහගන්න ළදරුවන් පාසල් යවන්නේ නැහැ. නුගේගොඩ ගම්පහ පුද්ගලික පන්ති වල 1500-200 එක තැන ඉන්නවා. කිසිම ආරක්ෂාවක් නැතුව. දෙමව්පියෝ ඉස්කෝලේ නොයවා එතනට යවනවා. මට තේරෙන්නේ නැහැ මොකද ඒ කියලා. මෙගේ දරුවෝ ඉස්කෝලේ යවන්න උත්සහ කලත් අනෙක් දරුවෝ නැතිව උගන්නනේ නැති නිසා මමත් ඇත ඇරලා දැම්මා
නවසීලන්තේ දෙවස්තානේ වෙඩි තිබ්බම කව්රුවත් ක්‍රිස්තියානි ආගමට බන්නේ නැහැ. කොටි ගැහුවම එකට හින්දු ආගමට කව්රුවත් බැන්නේ නැහැ , මුස්ලිම් උන් කරාම එකට වෙනම නිර්වචනයක් සහ ආගමත් එකට පලි ?
මේවයින් වෙන්නේ ත්‍රස්තවාදය ජයග්‍රහණය වේවි පෝෂණය කරන එක. අපේ දේශපාලකයෝ බොර දියේ මාළු බාන ගමන් මේවට උල් පන්දම් දෙනවා. රට අගාදයට යන එක කාටවත්ම වලක්වන්න බැහැ. මේ 226 බදා ගන්න කව්රුවත් නැහැනේ. අපේ පරමාධිත්‍ය කතිරය වුනත් වැඩක් වෙන්නේ නැහැ මිත්‍යා දුෂ්ටික පාට කණ්නාඩි බත් බැලයෝ ඉන්නා තාක්කල්.
මේ මෑතක ඉදන් වෙන්නේ පොඩි පොඩි සිද්ධි දුරදිග යනවා ඒ හැම දෙයක්ම වැටෙන්නෙ අයිසිස් ලගෙ වැඩ ගානට මනිස්සු මීට වඩා ඉවසන්න ඕන
ගරු යුධ හමුදාපතිතුමනි, ඔබත් උපරීම බලය පෙන්වන්නේ සිංහල අපිටම තමයි. අනිත් අයට තියා ත්‍රස්තවාදීන්ටත් උපරිම සැප නිදහස.. ඔවුන්ට ඕනේ දේ ඔවුන් කරගන්නවා. දේශපාලකයන් උසිගන්වන අය පොලිසියෙන් අල්ලා ගත්තම උන් ඇවිත් අරන් යනවා. මේවට ඔබතුමා මොකද කරන්නේ? හැකිනම් කියන්න කිසිම දේශපාලකයෙකුට කිසිම පොලිසියක ඇවිත් බාධා කරන්න තහනම් කියලා... වයඹ අත්අඩංගුවට ගෙන බේරාගත් අයවලුන් යලි අත්අඩංගුවට ගන්න ඔබතුමා කාටද මේවා කියන්නේ? අහිංසක ජනතාවටද? මේක දේශපාලන උසිගැන්වීම් මත සිදුවන දෙයක්... අඩු තරමින් ඔබතුමාවත් මේක අවබෝධ කරගන්න රට අස්ථාවර කර බලෙන් රජය පෙරලීමට ජනපති ඇතුළු ඒකාබද්ධ විපක්ෂය කරන වැඩක් මේක... මේකට අහිංසක මුස්ලිම් මිනිස්සු රැවටුණා.
මේක වුණාට පසු පාලනය කරනවට වඩා වෙන්න කලින් පාලනය කළා නම් නේද හොඳ..? මේවට තමයි බුද්ධි අංශ යොදවන්න ඕනෑ. විශ්ව විද්‍යාලවල ළමයි පෙළපාලි එන්න කලින් වතුර බව්සර්, මාර්ගබාධක ලෑස්ති කරගන්න පුළුවන් නම් ඇයි මේවා සංවිධානය වෙන වෙලාවල් කලින් දැනගෙන වළක්වා ගන්න බැරි...
සිරිසේන ගිය පසු දැන් සුක්කානම රනිල්ට ලැබී ඇත. උපරිම බලය යොදවා දේශපාලන වුවමනාවන් කරගනිමින් සිටියි...
කෝ අපේ රාජපක්ෂ මහත්තයා...
ත්‍රස්තවාදී සැකකරුවන් නිදහස් කරලා ඔයා සිංහල මිනිස්සුන්ට විරුද්ධව උපරිම බලය යොදවන්න... බුදුසරණයි..!
මෙයා හමුදාපති කරේ දේශපාලකයින්... ඉතින් ඔවුන්ට ඕනෑ විදිහට තමයි මෙයා වැඩ කරන්නේ...
මෙයාල ඔක්කොම එකයි. අල්ලන අය ගෙන් ප්‍රශ්න කරල ඉවර වෙනකොට මේ රටේ තව ප්‍රශ්නයක් ඇති වෙලා ඉවරයි. එතකොට මේ ඔක්කොම අමතක වෙලා ඉවරයි. කරන දෙයක් ඉක්මනට කොරන්ඩ.
මේ දෙසපාලුවන්ගේ කටු කන හැත්ත හින්ද රටේ පෙර තිබුණු වගේ අඳුරු යුගයකට මුහුණ පාන්න සිදු උනොත් එහි අනිටු ප්‍රතිවිපාක විඳින්න සිදුවෙන්නේ මේ කිසිවකට සම්බන්ද නැති අහිංසක මිනිසුන්ට හා ඔය බත් බැළයන්ටම මිස ඕව පිටුපස ඉන්න දෙසපාලුවන්ට වත් ඔවුන්ගේ පවුල් වල අයටවත් නොවන බව මේ ගොන් රැලට තේරෙන්නේ නැති හැටි. මුන්ගේ මොලේ පාදන්න ත්‍රිවිධ හමුදාවට ශක්තිය ලැබේවා !!
හමුදාපතිතුමනි, මේ කලහකාරීන් තමන්ගේ පටු අරමුණු කරා මෙහෙයවන, දේශපාලන නායකයින් (පක්ෂ, විපක්ෂ), අන්තවාදී නායකයින්, පාතාල කල්ලි මෙහෙයවන්නන්, කූට ව්‍යාපාරිකයින් ඔබලාගේ බුද්ධි අංශ නිසිලෙස යොදවා, හැකි ඉක්මණින් ඒ අයට විරුද්ධව උපරිම නීතිය ස්වාධීනව හා නිවැරදිව ක්‍රියාත්මක කලොත්, මේක ඒ හැටි දෙයක් නොවේ. මොකද, මේ සියලු කලබල පිටුපස සිටින මහමොලකරුවන් වන්නේ මොවුන් මිස, මේ කිසිදෙයක් නොතේරෙනකමට කාගේ බසට රැවටෙන අහිංසක තරුණයින් නොවේ...
නීතියට ගරු කරන්නේ නැති හින්දා තමයි උපරිම බලය පාවිච්චි කරන්නේ.. එ්කවත් තේරුම් ගන්න බැරි මිනිස්සු තමයි ඉන්නේ...
අවස්ථාවාදී කුඩා කණ්ඩායම් එකතුවෙලා රටේ ජාතින් අතර අසමගිය ඇති කරන්න දඟලනවා. මෙවැනි අයෙක් දෙන්නෙකුට වෙඩි තිබ්බා නං මේක නවතිනවා. මීගමුවේ අච්චර දෙයක් වෙලත් එම ජනතාව සාමකාමීව ඉවසීමෙන් ඉන්නවා නං.. ඇයි රටේ අනිත් අයට බැරි?
හමුදාපතිතුමනි! ඔබේ හමුදා මූලස්ථානය ස්ථාපිත කළයුතු හොඳම ස්ථානය සහ වේලාව උදා වී ඇත.
නීතිය අතට ගෙන අහිංසක මිනිසුන්ට ගහන, ගෙවල් ගිනිතියන හැමෝටම නීතිය තදින්න ක්‍රියාත්මක කරන්න. රටේ අනාගතය අඳුරට ඇදදාන්න දෙන්න එපා.
මෙතුමා ඊළඟ ඡන්දයට එනවා ශුවර් එකටම.... මංගලතුමා සහ සුළු ජාතික ඡන්ද බලාගෙන...
බෝම්බ පුපුරලා සාමාන්‍ය මුස්ලිම් ජනතාව තමන්ගේ පැත්තට ගන්න සහරාන්ට බැරි වුණා. මේ ජාතික වීරයෝ ඒ දේ ලස්සනට කරලා දෙයි. මෙතන දාලා තියෙන කමෙන්ට් වලින් ඒක හොඳට පේනවා.
උඹලගේ ඔය උපරිම බලය යොදවාපන්... මුලින්ම මේ රටේ ත්‍රස්තවාදය සමූල ඝාතනය කරලා මේ රටේ සාමය ස්ථාවර තත්වයට ගේන්න මහේෂ් මහත්තයෝ... එන්න ඒකයි ඔක්කෝටම කලින් වෙන්න ඕනි. වෙන වෙන දේවල් නෙවෙයි.
නීතියට ගරු කරන්නේ නැති හින්දා තමයි උපරිම බලය පාවිච්චි කරන්නේ... එ්කවත් තේරුම් ගන්න.
අර ගෙනෙන්න යන පනත අත්‍යාවශ්‍ය බව පෙන්නන්නනේ මේ සේරම කරවන්නේ...
ඇප දීපු එවුන් අයෙත් නඩු දිනේදී ආවේ නැත්තම් ........අපි උන්ව දැන් ට්‍රැක් කරගෙනද ඉන්නේ පොලිසියෙන්. නත්නම් ඇප දීපු එක්කෙනා හොයන්න අරින්න ඕන ..
කිසිදු පුද්ගලයකුට තව පුද්ගලයකුගේ ජිවිත, දේපළ විනාශ කිරීමට අයිතියක් නැහැ. එසේ කිරිමට පෙලඹෙන්නන්, අනුබල දෙන්නන් උපරිම බලය යොදා විනාශ කල යුතූය.
මදුරුවෝ කන කන තැනට තට්ටු දාන්නේ නැතුව හොයාගෙන ගිහින් බෝවෙන තැනම නැති කෙරුවනම් නේද හොඳ ? කිසිම සැලසුමක් නැහැ ...! වැඩපිළිවෙලක් නැහැ ...! පාලනයක් නැහැ ...! අවංක කමක් නැහැ ...! දේශපාලන මැරකම්, තක්කඩිකම්, ගොන්කම් විතරයි අපට රටේ පෙන්න තියෙන්නේ ?
ඔච්චර කියනවා ලොකුවට බලය පාවිච්චි කරනවා කියලා අපි දැක්කා ටීවී එකේ ආයුධ නැති, පණ නැති පොලිස් අයව දාලා තිබ්බේ. එයාලගේ ඉදිරිපිටම තමයි ගෙවල් කැඩුවේ. පොලිස්පතිගේ අණ පරිදිද ඒවා වැඩ කලේ...? ඔය සංවිධානත් තහනම් කළා නම් තමයි හොඳ.. කෝ කාදිනල් පියතුමාට යෝජනා කරන්න බැරිද?
ඔබතුමාගේ ප්‍රකාශය අගය කරනවා. ඔබතුමාගේ සම්පූර්ණ බලය යොදවන්න ඕනේ.. සිංහලයාට විතරද? එතකොට කෝ අසාද් සාලිට..., කෝ බදූර්දීන්ට..., කෝ හිස්බුල්‍ලාට..., කෝ මුස්ලිම් පල්ලිවල කඩු කිනිසි තුවක්කු තියා ගත්ත එවුන්ට... ඔවුන් ඒවා තියා ගත්තේ කැලෑ කපන්නලු.... එතකොට තුවක්කු කෝ? උඩගෙඩි දෙන අවජාතක මැති ඇමතියන්ට. ඔය වගේ ආයුධ ගොඩක් පන්සල් වලින් හරි, කතෝලික පල්ලි වලින් හරි හම්බ වුණා නම් මේ වෙද්දි මොනවා වෙලා තියෙයිද? මුස්ලිම් පල්ලිවලට ආයුධ ගිහින් දැම්මේ සිංහල අපිද? කතෝලික පල්ලිවලට මරාගෙන මැරෙන බෝම්බ ගැහුවේ සිංහලයින්ද? මේ ප්‍රශ්නේ පටන් ගත්තේ සිංහලයින්ද? ඇයි මේ සිංහල බෞද්ධ රටට ශරියා නීති... මොකටද මද්‍රාසා පාසල්. ඇයි අන්තවාදී ඉස්ලාම් පාසල්? සිංහලයට ක්‍රියාත්මක වෙන නීතිය... ඇයි අන්තවාදීන්ට නැත්තේ... සිංහල ජාතියට පක්ෂව කතාකොරොත් ජාතිවාදයලු. ඒක සිංහලයට විතරද!!! සිංහල අපි අසරණ වෙලා වගේ අපිට දැනෙනවා බුදු හාමුදුරුවනේ!!!