(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය,ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බාලවයස්කාර දැරියක මෙහෙකාර වෘත්තියේ යෙදවීම හා කෘරත්වයට පත් කළැයි කියන මන්ත්‍රී රිෂ්ඩ් බදියුඩීන්ගේ බිරිය ඇතුළු තුනක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත් අජිත් රෝහණ මහතා පවසයි.
අත්අඩංගුවට පත්වූ වන් අතර මන්ත්‍රී බිරියගේ 76 හැවිරිදි පියා සහ මියගිය බාලවයස්කාර දැරිය මෙහෙකාර වෘත්තියට යෙදවීමට තැරැව්කරුවකු ලෙස කටයුතු කළ ඩයගම 60 හැවිරිදි පුද්ගලයකු ද සිටින බව පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා කීය.
අත්අඩංගුවට ගත් පිරිස පැය 72ක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතය.
COMMENTS
වෙන මොනවා කරන්නද? වැඩේ ඒ තරමට බරපතලයි. දැන් වැරැදිකරුවන්ට නිසි දඬුවම් දෙමු.
මේ රටේ වැදගත් මිනිස්සු ඉන්දැද්දී මේ වගේ අය දේශපාලනයට ගෙනත් ප්‍රවර්ධනය කරපු අපේ මෝඩ පාලකයෝ...
රිෂාර්ඩ්ගේ කට්ටියට නම් ඇප ලැබෙනවා ශුවර්... මොකද රිෂාඩ්ගේ පක්ෂයේ අය කියලා ගනියි.
හොඳ නිවුස් එකක්...
බදුරුදීන්ගේ පවුලේ කවුරු හරි වැරදි කාරයෙක් වෙලා හිරේ ගියාට පස්සේ එයාට මොන සංස්ථා සභාපතිකම හම්බවෙයි කියලද හිතන්නේ...?
අවසානයේ මේ තැරැව්කරු වැරදිකරු වේවි. පල්ලෙහායින් තමයි ජලය ගලා යන්නෙත්.
‘‘ගොඩාක් පින්‘‘ ඔබ සියලු දෙනාටම බුද්ධිය හා ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා...!!!
අර කලින් අවුරුදු 15ක ගැහැණු ළමයාගේ ප්‍රශ්නේ රිෂාඩ්ගේ ප්‍රශ්නෙන් ගානට වහලා දැම්මා නේද සර්ලා එකතු වෙලා.. දැන් රිෂාඩ්ගේ ප්‍රශ්නය අමතක කරන්න අලුත් ප්‍රශ්නයක් හදන් එයි හෙට අනිද්දාටම.. සර්ලා තමයි හොඳටම කරන්නේ...
දඟගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්... සභාපති කමකට මා පත්කරපන්... රට විකුණන සර් මා පත්කරපන්...!!!
හරි නං මේ ගෑනු කෙනා ඇරෙස්ට් කරන්න තිබ්බේ ඒ ගැහැණු ළමයා මැරිච්ච දවසේ. සාක්කි හොයන්න තිබ්බේ හොස්පිටල් ඉද්දී. මෙච්චර කාලයක් DNA සාක්කි තියාගන්න ඒ අයට පිස්සු නෑනේ...
මෙන්න දේශපාලන පළිගැනීම් කරනෝ...
ප්‍රමාද වී හෝ මේ සිද්ධියට සම්බන්ධ අයව අත්අඩංගුවට ගැනීමට හැකිවීම අගය කළයුතු දෙයක්. ඒත්, නීතියද නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට වෙර දරන්නේ නම් තමයි වැඩිය හොඳ. මෙවන් තව තවත් දරුවන් මේ රටේ මේ අයුරින්ම මෙහෙකාර සේවයේ යෙදවීම හා දූෂණය කිරීමේ අවස්ථාවන් නීතියේ දැළට කොටුකර ගැනීමට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරමු...
ටීවී එකේ සභාපති කියනවා ළමා අපචාර වලට අවුරුදු 20 -30 හිරේ දාන්න පුළුවන් කියලා. ඊළඟ පුවතේ කියනවා අත්අඩංගුවට ගත්තු ළමා අපචාර වලට අත්අඩංගුවට ගත්තු අයට උසාවියෙන් ඇප දුන්නා කියලා. නිකන් දැම්මේ... අනේ මන්දා මේවා..!!!
ඔය පරීක්ෂණ පටන් ගන්න තිබුණේ දරුවා මිය යන්න කළින්...
"දුප්පත් කමට ඉපදී අගහිඟ කමට... වැඩකරනා පිණිස ආවෙමි මේ නගරයට ... මිනිස් වෙසින් සිටි සලෙළුන් චරිතයට... කළ හානියට වැගිරෙනවා කඳුළු කැට... "
"නදිය කෙතරම් සුන්දරද.? ශාන්තව ගළායන... විටෙක බියකරුය. රුදුරු ගල්පර අතරමග හමුවෙන හසූවුවොත් දරුණු සුලියකට, ජීවිතය නදියක් නොව, කඳුලු ගංඟාවකි මරණයෙන් කෙළවරවෙන.."
මේ ඔක්කොම එකතු වෙලා අවුරුදු 70 ක් අපේ මව්බිම විනාශ කළා.. නුඹලට පිං අයිති වෙයි, දැන්වත් අපෙ මව්බිම විනාශ කරන එක නවත්තලා රටට යහපතක් කරන්න පුළුවන් එකෙකුට දීපල්ලා.. නුඹලා ඔක්කොම එකතු වෙලා කරපු ටික හොඳටම ඇති... කටාර් වල අපි...!
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත (1998 අංක 50) අප රටේ ක්‍රියාත්මක වන්නේ 1998.11.12 දින සිටයි. ඒ දින සිට රටේ ළමුන් කීදෙනෙක් එම පනතට එරෙහි කටයුතු සඳහා යොදා ගෙන ඇත්ද? මෙම සිද්ධියට මෙතරම් ප්‍රචාරයක් දෙන්නේ දේශපාලකයෙක්ගේ නිවසෙහි සිදුවූ සිද්ධියක් නිසාවෙනි. බාලවයස්කාර දරුවන් ළමා මෙහෙකාර සේවයේ යෙදවීම සහ නොයෙකුත් හිංසනයන්ට ලක්වීම අද ඊයේ සිදුවූ දෙයක් නොවේ. අධිකාරියට පනත සම්මත කළ දින සිට නෛතික බලතල ලැබී ඇත. අධිකාරිය එම බලතල නිසි පරිදි ක්‍රියාවේ යෙදවූයේ නම් පසුගිය දිනවල මාධ්‍ය මගින් වාර්තා වූ සිද්ධින් ඇති විය නොහැකිය. තමන් සතු බලතල ක්‍රියාවේ නොයොදවා හිටි අඩියේ අධිකාරිය අළුගසා නැගීසිට කටයුතු කරන බවක් පෙනේ. තවද පසුගිය දිනවල සිදුවූ සිදුවීම් පිළිබඳව විමසා බැලීමේදී පොලිසිය, ළමාරක්ෂක අධිකාරිය සහ ජනමාධ්‍ය සීමාවන් ඉක්මවා එම සිද්ධීන් සම්බන්ධව පුළුල් ප්‍රචාරයක් ගෙන යන ලදී. එමගින් වින්දිතයින්ට බරපතල හානි සිදුවු බවක් පෙනීයයි. සමහර අවස්ථාවල එම දරු දැරියන්ගේ නම් ගම් සහ ලිපින මෙන්ම ඔවුන් ඉගෙනුම ලැබූ පාසල් සහ සැකකරුවන්ගේ නම් ගම් සහ ඡායාරූප ප්‍රසිද්ධ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් පෙන්වන ලදී...