වෙලින්ටන්හිදීය (රොයිටර්)
තම පළමු දරුවට උපත ලැබීමෙන් සති හයකට පසු නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඞ්න් තම බිළිඳා සමඟ රාජකාරියට පැමිණියාය.
අගමැති ධූරය හොබවමින් සිටියදී මාතෘ නිවාඩු ගත් පළමු නවසිලන්ත අගමැතිනිය වන්නේ ද ජසින්ඩා ආඞ්න්ය.
නවසීලන්ත අගමැතිනිය ගර්භණී සමයේදීද අගමැති ධූරයේ වගකීම් දරමින් කටයුතු කිරීම කාන්තා නායකත්වයේ ප්‍රගතිය පෙන්නුම් කිරීමේ සංකේතයක් යැයි බොහෝ දෙනා පෙන්වා දී තිබිණි.
ධුරය දරමින් දරුවකුට උපත දුන් දෙවැනි අගමැතිනිය වන්නේ ද ජසින්ඩා ආඞ්න්ය. ඊට පෙර බෙනාසීර් බූතෝ 1990 වසරේදී අගමැති ධූරය දරමින් සිටියදී දරුවකුට උපත දුන්නාය.
“දිනපතා දරුවාට කිරි දීම, නිදි කිරීම සහ දරුවගේ ඇඳුම් ගැන මම හැමතිස්සේම වද වෙනවා. සමහර වෙලාවට කිසිදු උනන්දුවක් නැති දේවල්වලටත් දැන් උනන්දුවක් ඇතිවෙලා. මං මේ දේවල් කරන්නේ පළවෙනි පාරට. හැම අම්මා කෙනෙක්ම මේ අත්දැකීමට මුහුණ දෙනවා. ඊට පස්සේ එය සාමාන්‍ය දෙයක්” යැයි රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමින් නවසීලන්ත අගමැතිනිය පවසා තිබිණි.
055
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම
බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.
විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ
පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ
ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නවසීලන්ත අගමැතිනිය බිළිඳා සමඟ රාජකාරියට
Appuhami Thursday, 02 August 2018 05:43 PM
ආඩම්බරයි අම්මේ ඔබ වැනි මව්වරුන් ගැන අසන්නට ලැබීමත්
Nandalal DE SILVA - Franceo Thursday, 02 August 2018 06:24 PM
අන්න එකට අපේ රටේ අම්මලා! අපේ ගමේ අම්මා කෙනෙක් දරුවෙක් ලැබිලා සති තුනකට පස්සේ ඔක්කොම දාලා අවුරුදු දෙකක කොන්ත්‍රාත් එකක් ලැබිලා රට ගියා.
DasunThursday, 02 August 2018 09:52 PM
ඒ ගියේ මුදල් තන්හාවට පමණක්මද අනික ඇයගේ කැමත්තෙන්මද. එහෙම අහන්නේ සමරවිට සැමියාට තිබෙන මුදල් අවශ්‍යකමට හෝ අන්ත නැති බැරිකමටත් දරු සෙනෙහස යට කරන්න වෙන නිසා.
Shyama ArachchigeFriday, 03 August 2018 01:28 AM
නවසීලන්ත අගමැතිනියට නිවාඩු හිටිය කියල අගහිඟ කම් ඇතිවෙන්නේ නැහැ, ගෙදර අනෙක් අයට කෑම බීම හිඟ වෙන්නේ නැහැ. බිල් ගෙවන එක කරදයක් වෙන්නේ නැහැ, ගෙවල් කුලී, අනෙක් දරුවන්ගේ පාසල් වියදම් වලට ප්‍රශ්න නැහැ. ඔය කියන අම්මට දරුවෙක් ලබා දීලා එයාව හම්බ කරන්න රට යැව්ව දරුවාගේ තාත්ත මොකද ඔය ගැන කියන්නේ..?
Nalika Thursday, 16 August 2018 04:00 AM
ඇය දිරිය මාතාවක් .තම රාජකාරිය දේව කාරිය කරගත්ඇය සියල්ල ඉටුකිරිම ට චිත්ත ධර්‍ය ශක්තිමත් ව තබා ගැනිම වටිනා බවත් මෙය ලාංකිය කාන්තාවට සහ විශේෂයෙන්ම රජයේ රැකියා කරන කාන්තාවන් ට ආදර්ශයකට ගත හැකි.
piyalFriday, 03 August 2018 05:41 AM
ඒක දුප්පත්කම හා සම්බන්ද දෙයක්නේ මහත්තයෝ.
ඇත්ත සත්‍යපාලFriday, 03 August 2018 12:14 PM
පියල් ඔබ හරි. අපේ රටේ මිනිසුන්ගේ මානසිකත්වය මේ පුවතින් හොදින් තේරුම් ගත හැකියි. පිටරට නම් සියල්ල මහා ඉහලින් අගයනවා. අපේ රටේ කොයි තරම් අම්මලා දරුවා කොක්කනියක දාගෙන හේනට කුඹුරට ගල් වැඩපලට ගිහින් වැඩ කරනවද. අනිත් කරුණ රටේ දේවල් ගැන පුවත් රැසක් තිබෙද්දී වැඩිම පිරිසක් කියවූ පුවත මේක. "පිට රට දේ සිරි සැප දේ" වෙලා.මේක තමයි රටට ලොකුම හෙනේ.
ubamama Thursday, 02 August 2018 07:49 PM
මව් පදවිය අති උතුම් නමුත් පොවන්නේ දෙනුන්ගේ කිරි...
Ravi Thursday, 02 August 2018 08:19 PM
අපොයි අපේ සමහර අම්මලාට නම් මහගෙදර ඉන්න ඔක්කොම බවලතුන් ගෙන්නා ගෙන අහල පහල කාන්තාවන්ගේනුත් අතට පයට වැඩ කරවා ගත්තත් මදි. අපි මව් පදවියට ගරු කරන නමුත් පුළුවන්කම තිබියදීත් එදිනෙදා පුංචි වැඩක් කර ගන්න බැරි මව්වරු ඉන්නවා. මගේ නෝනාගේ නංගි ගෙදර හැමෝම හුරතල් කරලා බන්දලා දුන්නා. අන්තිමේ බබා ලැබුනාම අපේ නැන්දම්මා ගිහිල්ලා උදව්වට නැවතුනා මදිවාට අපේ නෝනා දවස ගානේ ගිහින් උයලා දීලා එනවා. නිකනුත් නෙවෙයි උදේට වැඩට එන්න පරක්කු වෙනවා කියලා කාර්යාල ප්‍රධානියාගෙන් බැනුම් අහගෙන.
Raveendra Friday, 03 August 2018 03:11 AM
ඇත්තෙන්ම අප මෙතුමියට සුබ පතනවා මෙලොව තිබෙන උතුම්ම සම්පත සමග තමන්ගේ මවුබිම වෙනුවෙන් තම යුතුකම ඉෂ්ටකිරීමට මෙසේ ක්‍රියා කිරීම පිළිබඳව. මේ තමයි නියම දේශපාලඥයින් යන වැදගත් වචනයේ අර්ථයෙන්ම ක්‍රියාකාරන උතුම් මිනිසුන්. අප රටේ දේශපාලඥයින් කියන්නේ මුළු රටම විනාශ කරන දේශපාලුවන්වීම මොනතරම් පාපයක්ද??? අවසාන වශයෙන් අප ඔබතුමියට ප්‍රර්ථනා කරනවා ඔබට ලැබුණු උතුම් දරු සම්පත සමග තමන් උපන් මවුබිමට එහි උන්නතිය සදහා සේවය කිරීමට සියලු ශක්තින් ලැබේවා !!!!
siri Friday, 03 August 2018 03:19 AM
අපේ රටේ බබාලගෙ තාත්තලා, සීයලා පාර්ලිමේන්තු ගිහින් නිදි.
Indhika Friday, 03 August 2018 06:38 AM
අපෝ ඕක මොකක් ද. ලංකාවේ මුළු පාර්ලිමේන්තුවේම ඉන්නේ බිළිදුන්නේ.
dumudu kariyapperuma Friday, 03 August 2018 07:24 AM
අපේ පාර්ලිමේන්තුවට හොඳ ආදර්ශයක්....
kalani Saturday, 04 August 2018 10:08 AM
නවසිලන්තේ අම්මා වගේම අපේ ඈත ගම්මානවල අම්මලා අලුත උපන් බිලිඳා රැගෙන හේනේ, කුඹුරේ වැඩට යනවා. වෙනසකට ඇත්තේ ඔවුන් පිටුපස යන්නේ නැති එක. දුප්පත්කම, දේශපාලන බලය සහ අධිපති මතවාදය පිටුපස අපි යනවා.
L.T. upali weerasinghe Thursday, 16 August 2018 08:18 AM
ගෙදර බුදුන් අම්මා කියන්නේ මෙවැනි අයටයි....