( විනීතා එම් ගමගේ)
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියට අදාලව තමන්ගෙන් ද ප‍්‍රකාශ සටහන් කර ගැනීම සහමුලින්ම දේශපාලන උවමනාවන් මත සිදුවුවක් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය.
ආණ්ඩුවේ ප‍්‍රධානීන් නොදැන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට තමන් හමුවී ප‍්‍රකාශ සටහන් කර ගන්නට නොහැකි යැයි ඒ අනුව මේ ප‍්‍රකාශ සටහන් කර ගත්තේ ඔවුන්ගේ උවමනාව මත යැයි පෙනෙන බව ද රාජපක්ෂ මහතා කීය.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වදහිංසා කිරීමේ සිද්ධිය පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් රාජපක්ෂ මහතාගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීම සම්බන්ධව මාධ්‍ය වෙත කරුණු දක්වමිනි. එහි දී රාජපක්ෂ මහතා මෙසේ ද පැවැසීය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පස්දෙනෙක් ප‍්‍රකාශ සටහන් කර ගන්න ආවා. පැය තුනක් විතර ප‍්‍රකාශ සටහන් කර ගත්තා. ඇහුවේ කරු ජයසුරිය කථා කළා ද කියලා. ඔහු කතා කළාට පස්සේ කීත් නොයාර් නිදහස් කළා ද කියලා. කරු ජයසූරිය කතා කළා ද කියල මට මතක නැහැ. කී දෙනෙක් නම් කථා කරනවා ද?
මේවා දේශපාලන උවමනාවන් ඉටු කරන්න කරන දේවල්. මේ රටේ තත්ත්වය තමයි මේ. මේ ආණ්ඩුව දේශපාලන පළිගැනීම් වල ස්වරූපයයි මේ. ආණ්ඩුවේ නායකයින් නොදැන මේ වගේ සී අයි ඞී එකට මා ගාවට එන්න බැහැනේ. ඒ අයට මෙහෙම වෙන්නේ නැහැ කියල හිතාගෙන ඉන්නේ. මේක පළි ගැනීමක්. මේ වගේ පළිගැනීම් හිර කිරීම්, සිත් රිදවීම් අනන්තව තියෙනවා. ආණ්ඩුව කියනවා අපි පහර දුන්නා කියල. මගෙන් ඇහුවා නිලධාරින් විවේචනය කරල පත්තරේක තිබුණ ද කියල නිලධාරියෙක් ඇහුවා.
ඒව හැමදාම තියෙන දේවල් නේ. කරු ජයසූරිය මහත්තයා මට ඒ කෝල් එක දුන්නට පස්සේ කීත් නොයාර් නිදහස් වෙලා ගියාලූ. ඉතින් නිදහස් වෙලා යන එක වැරුද්දක් ද?
කොහොම වුණත් එක හොඳක් තිබුණා. කරු මට කථා කරාය කියල කියන්නේ රෑ 11.20 ටලූ. එයාලයි කියන්නේ. ඒකෙන් පේනවා මම රෑ 10 ට නිදාගන්නේ නැති බව.’’ යැයි ද රාජපක්ෂ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් නිදහස් වෙලා යන එක වැරුද්දක්ද? අපෝ නැහැ ඔහෙලා ඔක්කොම එකතුවෙලා එයාගේ ඇටකටු තලාපු එක තම වරද, ඔහේ බබා මොකුත්ම දන්නේ නැති , අනේ මට කියන්නකෝ ලොකු පුතා කොහොමද නීති විද්‍යාලේ විභාග සමත් වූ හැටි කියලා... කටේ නරිවාදම්.. රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ ඕවටයි.
අනේ ඔව්. ඒ කාලේ කරපු කියපු කිසිම දෙයක් නීතියෙන් පිට සිද්ධ වුණේ නැහැනේ. අපි දන්නේ නැද්ද ඉතින්...? අර ශ්‍රී ලන්කන් යානා අරගෙන යාලු මිත්‍රයෝ පුරවා ගෙන ලෝකේ පුරා රවුම් ගහපුවා, කොටි ගණනක් වියදම් කරලා වෙසක් බලන්න මැතිණිය ප්‍රංශයට යවපු ඒවා, පවුලේ උදවිය සහ ගෝල බාලයෝ ලෝකයේ සියලුම තානාපති කාර්යාලවල පුරවපු හැටි, පුතා එංගලන්තයේ ඉන්න කාලේ එයාගේ දුක සැප බලාගන්න තව පවුලක් තානාපති නිලධාරී තනතුරු දීල එහාට යවපු හැටි, අනිත් පුතා එක්ක ආපහු එන්න ආසන දෙන්න බැහැ කිව්වාම හිටපු සභාපති එළවලා මස්සිනාට රස්සාව දුන්නු හැටි, හිස් යානාවක් එංගලන්තයට ගන්වාගෙන පවුලේ කට්ටිය ආපහු ආව හැටි, ඡන්දෙ දිනුවට පස්සේ මැතිවරණ කොමසාරිස් තානාපති තනතුරක් දීලා රට පටවපු හැටි, රස්සාවක් වත් නැතුව හිටිය හිච්චි පුතාට රුපවාහිනි සමාගමක්ම ලබා දුන්න හැටි.... තව කොච්චරක්ද? සේරම කියන්න ගියොත් එළිවෙයි. ඕවා ඇදෙන්න තව වැඩි කාලයක් නැහැ. පුච්චානම් කතා කියන්න ඉස්සර උත්තර සුදානම් කරගෙන ඉන්න වෙයි.
මේ ආණ්ඩුවත් දේශපාලන පටු අරමුණු ඉටුකරගන්නා නිසා තමයි හොරු ඔක්කොම එළියේ ඉන්නේ !!!
සාක්ෂි ලබාගන්න අාපු එක පලිගැනීමක්ද එතකොට...? කිත් නොයාර්ට ගැහැව්වේ ආදරේ වැඩිකමටද මෙයාගේ...? ළඟට ඇවිත් සාක්ෂි ගන්න මොලේ අමරුවක්ද? හිරගෙවල්වලට හොරුන්ව බලන්න යන්න පුළුවන්. මෙයාට සාක්ෂි දෙන්නයි යන්න බැරි. මෙතරම් බයනම් ඔය ආයතන වසා දමන්න. දුප්පත් රටවල විතරයි මේවගේ කොන්ද පණනැති...
කල කර්මය පල දෙනවා කියන්නේ මේකට තමයි මහත්තයෝ...
හපොයි හපොයි අනා ගන්නේ නැතිව කියන්න මම නිවැරදියි. එ් හින්දා බයනැතිව අහන දේට උත්තර දුන්නා කියලා. කව්ද කිව්වේ හත්පොලේ ගාගන්න කියලා...?
ගරු මැතිතුමනි, ඔහොම කියන්න එපා. ඇත්ත ප්‍රකාශය දීලා නිදහස් වෙන්න. එතකොට හැමදාම හොරා මිනීමරුව කියන්න බැහැනේ...
මහත්තයෝ, මොළ හේදිච්ච ඔල මොට්ටල රැල ඇරුණාම මේ රටේ විචාර බුද්ධියක් තියන මිනිස්සු ලොකු පිරිසක් තවම ඉන්නවා. ඔහේව දෙපාර්තමේන්තුවට ගෙන්නලා කට උත්තරයක් ගන්නයි තිබුනේ. හරි හමන් පාලකයෙක් මේ රටේ හිටියා නම් මෙලහකටත් හිරේ!
මේ ආණ්ඩුවේ මෝඩ නායකයෝ දන්නේ නැහැ පලිගන්නවා කියන්නේ මොකක්ද කියලවත්. එක නිසයි ඔබලා නිදහසේ ඉන්නේ රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක කරන්න අපරාධයක් පිලිබදව අදාල පුද්ගලයන්ගෙන් ප්‍රශ්ණ කිරිම පලි ගැනීමක් කියලා නාහෙන් අඩන්න තරම් දුර්වල නායකයෙක් වු ඔබට.ලසන්ත වීරතුංගට කීත් නොයාර්ට පෝහොද්දල ජයන්තට එකනැලිගොඩට වගේම සරත් ෆොන්සේකාට හෝ ශිරාණි බණ්ඩාරනායකට සළකපු ආකාරයට එහෙම සැලකුවා නම් කොහොමට තියේවිද
කිත්නොයර ලංකාවට එන්නෙත් නැහැ මේ නඩුවට ඔහුව මරලත් නැහැ ආබාදිත කරලත් නැහැ. ඉතින් පොලිසියට තියෙන කැක්කුම මොකද්ද මේ නඩුව ඇදගෙන යන අපේ බදු සල්ලි වලින් රට සවාරි ගහ ගහ.
නිශාන්, කල කර්මය පලදෙන්නේ ඊළඟ ආණ්ඩුව පිහිටෙව්වට පස්සේ. බලන් ඉන්නකෝ මහත්තයෝ.
එතකොට මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දීම බටහිර කුමන්ත්‍රනයක් ද
අනේ මෙතුමා අවුරුදු 30ක යුද්දේ ඉවර කරලා දුන්නට මෙතුමාට රටේ ඕනෑම දෙයක් නීතිය බලපාන්නේ නැති විදිහට කරන්න ඉඩ දෙන්න ඕනා නේ. ඇයි මේ එක එක දේවල් ගැන ප්‍රශ්න කරන්නේ?
මෙහෙම දේවල් අමතක වෙනවා නම් රට පාලනය කිරීමට කිසිසේත් ම සුදුසු නොවේ.
ආණ්ඩුවේ ප්‍රධානින් නොදැන රහස් පොලිසිය වැඩ කරනවා කියන්නේ රජයේ බලපෑම් නැහැ කියන එකනේ. එහෙම නේද වෙන්න අවශ්‍ය? ඔයාලගේ කාලේ උනේ රජය දැනුවත්ව කියන එක පැහැදිලි නේද?
මේවා මෙයා හැමදාම කියන කතා.
මහින්ද මහතා 2020 න් පසු අපිත් වැඩ අල්ලමු
ප්රකාශයක් සටහන් කර ගත්තම මොකටද ඔයතරම් කලබල වෙන්නේ? බලයේ ඉන්න කාලේ සිද්ධ වුනේ ඕවාද?
අමතක වීම දරුණු විශාධයක් එවන් පුද්ගලයෙකුට දේසපාලනය කිරීම නීතියෙන් තහනම් ..