(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව වෛරවපුලියන්කුලම් ප්‍රදේශයේ පිහිටි විවිධ වර්ගයේ තෙල් හිඳින කර්මාන්ත ශාලාවක් ඊයේ (4) රාත්‍රීයේ ගිනි ගැනීමෙන් විනාශ වූ බවට වව්නියාව පොලීසිය පවසයි.
කර්මාන්ත ශාලාව තුළ ගින්න ඇතිවීමට හේතුව නිශ්චිතවම හඳුනාගෙන නොමැති අතර කර්මාන්ත ශාලාවේ විදුලි කාන්දුවකින් ගින්න ඇතිවන්නට ඇති බවට වව්නියාව පොලීසිය සැක කරයි.
කෙසේ වෙතත් ඊයේ රාත්‍රී 11ට පමණ කර්මාන්ත ශාලව තුළ ඇති වූ ගින්න ප්‍රදේශවාසීන් එක්ව නිවා දැමීමට දැඩි උත්සයහක නිරත වුවද ගින්න මැඩපැවත්වීමට නොහැකි වූ අවස්ථාවේදී ඒ බව වව්නියාව පොලීසියට දැනුම් දීමෙන් පසුව වව්නියාව පොලීසිය හා වව්නියාව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය ඒකාබද්ධව ගින්න නීවා දැමීමට කටයුතු කරනු ලැබීය.
ගින්න හේතුවෙන් කර්මාන්ත ශාලාවේ පිහිටි යන්ත්‍ර වලට හා භාණ්ඩ සියල්ලක්ම විනාශ වී ඇති අතර ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් නිශ්චිතවම නිගමනයකට එලඹ නොමැති වුවද රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් සිදු වී ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.



2025 දෙසැම්බර් මස 04
481
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
468
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වව්නියාවේ තෙල් කම්හලක් ගිනිගනී