(රොමේෂ් මධුෂංඛ)
දේශපාලන ආධාරකරුවන් පිරිසකගේ පහරදීමකින් වවුනියාව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක පී. ඒ. කරුණාදාස මහතා තුවාල ලබා, අද (18) රෝහල්ගත කර ඇතැයි වවුනියාව පොලීසිය පැවසීය.
තරුණයන් පිරිස වවුනියාව නෙඩුන්කුලමේ පිහිටි සංවිධායකවරයාගේ නිවාස භූමියට රතිඤ්ඤා විසිකිරීමෙන් පසු ඔවුන් සමඟ ඇතිකරගත් බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.
පහරදීමෙන් තුවාල ලැබූ සංවිධායකවරයා එම අවස්ථාවේදීම වවුනියාව මහරෝහලට ඇතුළත් කර ඇත.
පහරදුන් පිරිස පලා ගොස් ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණයක් අරඹා ඇති බවත් වවුනියාව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

COMMENTS
මේ දේශපාලන මැරයින් වහ අත්අඩංගුවට ගත යුතුයි. මිනිස්සු ඡන්දෙ දුන්නේ මැරයින්ට රජ කරන්ට නොවේ.
කරන්න එපා.
කිසිම කෙනෙක්ට අතක් උස්සන්න එපා. අපි කවුරුත් මහා පොළොවට පස් වෙන දවසක් තියෙනවා. කතා කරලා විසදගන්න.
අප සියල්ල කරුණාදාස මහතාගේ ආරක්ෂාව සහ රැකවරණය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඕනෑම දේශපාලන මතයක් දැරීමට සහ ඒ වෙනුවෙන් පෙනීසිටීමට ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් ඇත.
මේ කැත වැඩ කවුරුවත් කරන්න එපා. මෙය අපට නරක නාම දෙන්න කරන වැඩ. ප්‍රවේශම් වෙනු..!