IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මීටීයාගොඩ අයියා - මලෝ අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)


අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලිසිය මඟහැර සිටි මීටීයාගොඩ දසුන් සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන ප‍්‍රමිත සහ තවත් පුද්ගලයකු අත්බෝම්බ සහ පිස්තෝල සමඟ විශේෂ කාර්ය බළකායේ මාදිවෙල කඳවුරේ ස්ථාපිත කර ඇති සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මීටියාගොඩ දී අත්අඩංගුවට ගනු ලැබු බව විශේෂ කාර්ය බළකා මුලස්ථානය කියයි.

මොවුන් මීටීයාගොඩ සුජී නැමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයින් බවද කියති. ඔවුන් සතුව තිබී පිස්තෝල 3ක්, අත්බෝම්බ 2 ක්, ජංගම දුරතකන 6 ක්, විවිධ ජීව උණ්ඩ 9 ක්, ඇතුළු භාණ්ඩ රැසක්  සොයා ගත් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දසුන් නැමැත්තා සතුව අත්බෝම්බයක් හා එන්පී 22 වර්ගයේ පිස්තෝලයක් පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනාගෙන් ප‍්‍රශ්න කිරීමේ දී මීටියාගොඩ ප‍්‍රදේශයේ රන්බඩු වෙළෙඳසළක ඉහළ මාලයේ පිහිටි නිවසක සඟවා තිබු ඔවුන්ට අයත් සෙසු ගිනි අවි හා උපකරණ අත්අඩංගුවට ගත් බවද බළකාය සඳහන් කරයි.
 



අදහස් (0)

මීටීයාගොඩ අයියා - මලෝ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site