IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


කෝටිපතියා ඝාතනය කළ හැටි එළියට

(ඉන්දිකා රාමනායක)

පහරදී ඝාතනය කර තලංගම  පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක  පිහිනුම් තටාකයේ දමා තිබී සොයාගත් නිමිඇඳුම් ප්‍රදර්ශනාගාර හිමි කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය මොට ආයුධයකින් හිසට එල්ල වූ තදබල ප්‍රහාර හේතුවෙන් වූ මරණයක් බවට අද පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය කර ඇති බව පොලිසිය පවසයි.

කොළඹ අධිකරණ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතා මෙම පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.

මෙම මළසිරුර ඔවුන්ගේ ඥාතීන් විසින් හඳුනා නොගැනීම නිසා  පොලිසිය ඊයේ  දිනයේ සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව මියගිය ව්‍යාපාරිකයාගේ සහ ඔහුගේ මවගේ ඩී.එන්.ඒ. පරීක්ෂණ සිදුකිරීමට අවසර ලැබී ඇති අතර, එම ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාව ලැබෙන  තෙක්  පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට අවසර හිමි  වූ බව පොලිස් ආරංචි මාර්ග කියයි.

 සැකකරු පැය 24 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ඊයේ අධිකරණයෙන් අවසර හිමි විය.

මෙලෙස පහර  දී ඝාතනය කර  ඇත්තේ වැල්ලම්පිටිය කිත්තම්පහුවේ පදිංචිව සිටි රොෂාන් වන්නිනායක (49) නමැති ව්‍යාපාරිකයකු බවත්, ඔහු කොටිකාවත්ත, රාජගිරිය, පැලවත්ත ආදී ප්‍රදේශ රැසක නිමිඇඳුම් ප්‍රදර්ශනාගාර කිහිපයක හිමිකරුවකු බවත් පොලිසිය පවසයි.

සැකකරු සහ ව්‍යාපාරිකයා සමලිංගික මිතුරු සමාජයක සාමාජිකයන් බවත් සැකකරු මෙම මිතුරු සමාජය හරහා මුදලට විවිධ පුද්ගලයන් සමග සමීප ඇසුරු පවත්වන බවත් පොලිස් ආරංචි මාර්ග කියයි.

සැකකරු රැකියාවක් නොකර මෙම සමූහය හරහා මුදලට  විවිධ පුද්ගලයන් සමග ගොස්  මුදල් උපයන්නකු බවත්, විවාහයෙන් පසුව ඔහු එම ක්‍රියාවෙන්  ඉවත් වී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

විවාහ වුවද රැකියාවක් නොමැති නිසා ඔහු  නිවැසියන්ගේ දෝෂාරෝපණයට  ලක්ව ඇති බවත්, ඒ අනුව පෙර සේ මුදල් ඉපයීම සඳහා ඉහත මිතුරු හමුවට යළි  සම්බන්ධ වීමෙන්  ඉහත ව්‍යාපාරිකයා  හඳුනාගෙන ඇති බවත් පොලිස් ආරංචි මාර්ගවලින් කියැවේ.

ඔවුන් දෙදෙනාගේ පළමු  හමුවීම ඉකුත් 30 වැනිදා සිදුවී ඇති බව ද පොලිස් ආරංචි මාර්ග කියයි.

 ඔවුන් දෙදෙනා හඳුනාගෙන ඇසුරක් පැවැත්වීම සඳහා මහල් නිවාස සංකීර්ණයක් වෙත යෑමට සැකකරු යෝජනා කළ ද, ව්‍යාපාරිකයා එයට අකැමැති වී  ඔහුගේ පැලවත්ත නිවසට  කඳවාගෙනවිත් ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

එහිදී  දෙදෙනා අතර සමීප ඇසුරක් පවත්වා ඇති අතර, සැකකරු ඒ වෙනුවෙන් රුපියල්  ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති බව ද සඳහන් වේ.

ව්‍යාපාරිකයා එම මුදල දීමට අකැමැත්ත පළකර ඇති අතර දෙදෙනා අතර එහිදී බහින්බස් වීමක් සිදුවී ඇති බව ද පොලිස් ආරංචි මාර්ග කියයි.

එහිදී සැකකරු ව්‍යාපාරිකයා තල්ලු කර ඇති අතර බිමට වැටුණු පසු පොල්ලකින් හිසට පහර දුන් බවට සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කළ බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවැසේ.

 එම පහරදීමෙන් ව්‍යාපාරිකයාගේ බෙල්ල කඩා වැටුණු බවත්, ඔහු මියගොස් ඇති බවට ඇති වූ බිය නිසා සිරුර පිහිනුම් තටාකයට තල්ලු කර පලාගිය බවත් සැකකරු ප්‍රකාශ කළ බව පොලිස් ආරංචි  මාර්ග පවසයි.

අවිවාහකයකු වූ මෙම කෝටිපති ව්‍යාපාරිකයා පැලවත්ත ප්‍රදේශයේ තෙමහල්  නිවසක් මිලදී ගෙන ඇති අතර එහි අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටියදී  අබිරහස් ලෙස මියගොස් මළ සිරුර පසුගියදා පස්වරුවේ පොලිසිය විසින් සොයාගනු ලැබ තිබිණි.

 



අදහස් (5)

කෝටිපතියා ඝාතනය කළ හැටි එළියට

පිටිගල මිලානෝ Tuesday, 07 February 2023 03:30 AM

මූනෙන් පේනවා මුලු තිරනාටකයම.

:       0       1

අඳුරු සෙවනැලි Tuesday, 07 February 2023 07:42 AM

ශ්‍රද්ධාව පහළ නොවුනේ ඇයි මොහුට්

:       0       0

Swadesee Tuesday, 07 February 2023 07:58 AM

1. ඔහු ගිහින් තියෙන්නෙ ව්‍යපාරිකයෙක් සහ ඔහුගේ බිරිඳ සමග. 2. මේ ව්‍යාපාරිකයා අර බිරිඳව භාවිතා කරන්න ඇති. 3. ඔවුන් ලොකු ගානක් ඉල්ලල ඒ්ක ප්‍රතිකේෂප කරන්ඩ ඇති. මේ හේතුවෙන් අර බිරිඳ මේ ව්‍යපාරිකයා ඝාතනය කරා

:       0       0

චින්තක Tuesday, 07 February 2023 08:22 AM

බුදුහාමුදුරුවෝ වැඩසිටි සමයේ සමලිංගික කටයුතු නොවෙන්න ඇති .ඒත් උන්වහන්සේ පරාභව සූත්‍රයේ දේශනා කෙරෙනවා ඉත්තිදුත්තෝ සුරාදුත්තෝ අක්ඛ දුත්තෝච යෝ නරෝ කියලා ඉතින් මේ ව්‍යාපාරිකයාට සිදුවුණේ ඒක නේද

:       0       0

චාන්දනීTuesday, 07 February 2023 03:03 PM

පන්සල්වල මේවා සිදුවෙනවාද..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1343 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1259 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 460 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site