නිමන්ති රණසිංහ
එල්ටිටිඊය යළි නගා සිටුවිය යුතු බවට ළමා හා කාන්තා කටයුතු භාර හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාළ නඩුවේ ගොනුව නීතිපතිවරයා වෙත බාරදුන් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා වෙත දැනුම් දුන්නේ ය.
මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ 59 ක් ලබා ගන්නා ලද බවත් ඉන් 6 ක් මැති ඇමැතිවරුන්ගේ සහ 14 ක් රාජ්‍ය නිලධාරීන්ගේ බවත් එම කොට්ඨාසය සඳහන් කළේය.
ඒ අනුව නීතිපති උපදෙස් සඳහා ලබන ඔක්තෝබර් 19 වැනි දා තෙක් නඩුව කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ප්‍රාර්ථනා කරමු මේ ලිපි ගොනුත් සුපුරුදු පරිදි අනිකුත් ලිපි ගොනු වගේ යටපත් නොවේවා බව.