ඉන්දිකා රාමනායක
බන්ධනාගාර 15 ක් ආශි‍්‍රතව ගත වු මාස දෙක තුළ සිදුකළ වැටලීම් වලින් ජංගම දුරකතන 115 ක් සමඟ නීතිවිරෝධී භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
බන්ධනාගාර තුළ සිටි බුද්ධි නිලධාරීන් මෙම වැටලීම් සිදුකර ඇති බවත් අත්අඩංගුවට ගත් සෙසු භාණ්ඩ අතර සිම් කාඞ් පත් 127 ක්, ජංගම දුරකතන බැටරි 57 ක්, දුරකතන චාජර් 27 ක්, හා කුඩා ප‍්‍රමාණයේ මත්ද්‍රව්‍ය පැකට් 116 ක් තිබු බව බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම නීති විරෝධී භාණ්ඩ වැඩි වශයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ හා කළුතර බන්ධනාගාර වලින් එම ද එම නිලධාරියා කියා සිටියේය.
කළුතර බන්ධනාගාරයෙන් ජංගම දුරකතන ප‍්‍රමාණය 17 ක් සහ සිම්කාඩ් පත් 13 ක් අත්අඩංගුවට ගත් බවද එම ආරංචි මාර්ග පවසයි.
බන්ධනාගාර තුළ සිදුවන මෙම නීති විරෝධී ජාවාරම් නැවැත්වීම සඳහා බුද්ධි නිලධාරීන් දිනපතාම රාත්‍රී කාලයට මෙහෙයුම් සිදුකරන බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලධාරීන්ට මෙය විසඳීමට වුවමනාවක් ඇත්නම් සිරකුටි දුරකථන ජාල ආවරණයන් නොමැති කලාපයක් බවට පත්කරන්න. අඩු වියදමකින් කළහැකි සාර්ථකම විසඳුම එයයි. බොරු මාධ්‍ය සංදර්ශන නොකර පිළියම් යොදන්න නිලධාරීන් සිතට ගන්න.
ඇයි බැරි මේ ගොල්ලන්ට රුපියල් 5000 වියදම් කරලා සිග්නල් ජැමර් එකක් දාන්න.