(මොහොමඩ් ආසික්)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුහු පිරිසක් මහනුවර ඔරලෝසු කණුව අසලදී අද (26) ටයර් පුළුස්සා දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වුහ.
වර්තමානයේ බඩු මිළ සීග්‍ර ලෙස ඉහළ යාම, නව බදු පැනවීම, විශ්ව විද්‍යාල මෙන්ම පාසැල් අධ්‍යාපනයේ පවතින ගැටළු, විශ්ව විද්‍යාල සිසුන්ගේ සියයට අසූවේ පැමිණීම සහතික කරන ලෙස ඉල්ලීම ඇතුළු කරුණු ගණනාවකට විසඳුම් ඉල්ලා සිසුන් පිරිස මෙම විරෝධතා උද්ඝෝෂණය පැවැත්වූහ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිට පා ගමනින් මහනුවර නගරයට පැමිණ මහනුවර නගරයේ ඔරලෝසු කණුව අසලදී ටයර් පුළුස්සා ඔවුහු මෙම විරෝධතා උද්ඝෝෂණය පැවැත්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටයර් පිළිස්සීම මොනතරම් විශාල පරිසර හානියක්ද කියලා තාම මේ පණ්ඩිතයෝ ඉගෙනගෙන නැහැ වගෙයි. ලෝකයේ සමහර රටවල්වල වසර තුනක සිරදඬුවමක් නියතයි .
දෙමව්පියන්ගෙන් ගන්න තිබෙන පළිය තමයි මේ රජයෙන් හා රටේ මහ ජනතාවගෙන් ගන්නේ? මොනවා කරන්නද, පුරුවේ කල පවට හා ජාතියේ පවටත් අපිටත් මේවට කර ගහන්න සිදු වෙලානේ තියෙන්නේ?
ලංකාවේ පරිසර දූෂණයෙන් මුල්තැනට පත්වෙලා තියෙන්නේ මහනුවර නගරයයි. ඒනිසා එහි ජීවත්වෙන ජනතාවගෙන් සීයට 20ක් පමණ ශ්වසන රෝග වලින් පෙලෙන බව සෞඛ්‍ය සමීක්ෂණ වලින් සොයාගෙන ඇත. නගර මධ්‍යයේ ටයර් පිළිස්සීම හරියට ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ අපරාධයකි.
කැරලි කරුවන්ගේ එදා සිට පැවත එන පුරුද්ද මේ
නීතියෙන් තහනම් ටයර් පිළිස්සීම වැනි දේවල් වලට ඉඩ දී බල සිටින පොලිසිය ගැන කුමන කතාද ? මොකද මේ යට නීතිය ක්‍රියාත්මක කරන්න බැරි ??