ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,160 දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට වාර්තා වී ඇති මුළු මරණ සංඛ්‍යාව 31 කි.
පුද්ගලයින් 98 දෙනෙකු සුවය ලබා සිටින බව සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.
ඊයේ රාත්‍රියේ සිට අද උදෑසන කාලය දක්වා ආසාදිතයින් 20 කට අධික සංඛ්‍යාවක් අලුතින් තහවුරු කර ගෙන තිබේ.
වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 215 ක් වේ.
ආසාදිතයින් 202 ක් කේරළ ප්‍රාන්තයෙන් හා කර්ණාටක ප්‍රාන්තයෙන් ආසාදිත රෝගීන් 83 ක් වාර්තා වී ඇත.
කෙසේ වෙතත් දින 21 ක් ඉන්දියාවේ සියලු කටයුතු අත්හිටුවීමේ ක්‍රියාමාර්ගය එම කාලයෙන් පසුව දීර්ඝ කිරීමට සැලැස්මක් නැතැයි රජය සඳහන් කරයි.
දුරස්ථ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය ඔස්සේ රෝහල් රෝගීන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇති අතර වට්ස් ඇප් සමාජ මාධ්‍ය ඊට යොදා ගැනේ.
එම සේවය ලබාගැනීමට මේ වන විට විශාල පිරිසක් එක්ව සිටිති.
(ඉන්දියා ටුඩේ ඇසුරෙනි)
-226-

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd