(පුෂ්පකුමාර ජයරත්න)
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ගේ පන්ති බාර ගුරුවරුන්ට ත්‍යාග ලබාදීම සඳහා මුදල් එකතු කළ බවට චෝදනා එල්ල වී තිබෙන කුරුණෑගල නගරයට ආසන්න විදුහලක විදුහල්පතිවරයාට සහ පහ වසර ගුරුවරුන් පිරිසකට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
දෙමාපියන්ගෙන් එකතු කරන ලද මුදල්වලින් එම ගුරුවරුන්ට වටිනා ත්‍යාග සහ මුදල් ලබාදීමට නියමිතව තිබූ අතර ඒ ගැන දෙමාපියන් පිරිසක් විසින් වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මහතාට සහ වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මියට පැමිණිලි කරනු ලැබීමෙන් අනතුරුව ඒ ගැන පරීක්ෂණ ආරම්භ කර තිබේ.
වහාම මෙම ක්‍රියාව නවතා එකතු කරගත් මුදල් ආපසු දෙමාපියන්ට බෙදා දෙන ලෙස එහිදි විදුහල්පතිවරයාට තරයේ උපදෙස් ලබාදී තිබිණි.
නමුත් එම උපදෙස් කිසිවක් ගණනකට නොගෙන අද (03) අදාළ ත්‍යාග ගුරුවරුන් වෙත පිරිනැමීමට කටයුතු කර තිබෙන බවට නැවත වරක් ලද පැමිණිල්ලකට අනුව තමන් විදුහල්පතිවරයාට නැවත තරයේ අවවාද කළ බව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය පැවසුවාය.
මේ ආකාරයට මුදල් එකතු කර ත්‍යාග ලබාදීමට යාම අල්ලසක් ගැනීමේ නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස සැලකෙන බැවින් යම් හෙයකින් එම ත්‍යාග ලබාදුනහොත් අදාළ විදුහල්පතිවරයාට සහ එම ගුරුවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් ඊට අමතරව අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමටත් පියවර ගන්නා බව ඒ මහත්මිය කීවාය.
COMMENTS
Reply To:
-
මේ අයුරින් ගුරුවරුන්ට තෑගි දීම නැවත්වීම ඉතාමත් හොඳ දෙයක්. මෙය ලංකාවේ අනිකුත් ප්‍රමුඛ පාසල් වලත් සිදුවෙනවාද යැයි සොයා බැලිය යුතුයි.
ශිෂ්‍යත්ව පංතිය කෙසේ වෙතත් කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ ප්‍රාථමික පංති වල සියළු දෙනා සිංහල අවුරුද්දට තෑගි දීම අනිවාර්‍යය වී තිබුණා. තවද, නොයෙකුත් ව්‍යාපෘති ඉදිරියට දමමින් මුදල් එකතු කිරීම නම් ජයටම සිදුවේ.
නිදහස් අධ්‍යාපනයට වින කරන්නේ මේ විනයක් නැති ගුරුවරුන් !! මෙවැනි ගුරුවරුන් කෙරෙහි සිසු සිසුවියනගේ පිළිකුල එල්ල වෙනවා !! චන්ද්‍ර
තෑගි මුදල් බෙදා දෙනවා නොවෙයි. බලෙන් වගේ ගන්නවා. ශිෂ්‍යත්ව විභාගය නොවෙයි... අනිත් පන්ති වලත් ඕක වෙනවා. තෑගි දෙන ළමයින්ට සැලකිලි... අනිත් ළමයින්ට කෙණහිලි...
දැන් ලංකාවේ සමහරක් ගුරුවරු, ගුරුවරු නෙමෙයි.... පාසල් දරුවන්ගෙන්, දෙමව්පියන්ගෙන්, උදුරන් කන, ගසාකන පිරිසක් වෙලා. හරියට රටේ දේශපාලකයෝ වගේ.
දැන් රටේ තෑගි බෝග දෙන එක වැඩිවෙලා වගේ. සමහර අයට ආච්චිලා, ව්‍යාපාරිකයන් ගෙවල් තෑගි දෙනවා. සමහරුන්ට ලැබිච්ච තෑගි ගැනත් දන්නේ නැහැ හෝ මතක නැහැ.