IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඊශ්‍රාලයේ ශ්‍රමිකයන්ට පොදු සමා කාලයක්

ඩයනා උදයංගනී 


මේ වන විට නීති විරෝධී ලෙස ඊශ්‍රාලයේ රැඳී සිටින ශ්‍රමිකයින්ට ලංකාවට පැමිණීම සදහා සැප්තැම්බර් පළමු වැනිදා දක්වා පොදු සමා කාලයක් ලබාදී ඇතැයි විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
 
එම කාලය ඇතුළතදී ලංකාවට නොපැමිණෙන ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීතිමය පියවර ගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
 
ඊශ්‍රායෙලයේ රැකියා සඳහා ගිය 500කගෙන් 150ක් පමණ නියමිත කාලයේදී යළි නොපැමිණ නීතිවිරෝධි ලෙස එරට නතර වී සිටීම හේතුවෙන් මෙතෙක් ඊශ්‍රායලයෙන් ලැබුණු කෘෂි ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථාවන් ශ්‍රී ලංකාවට අහිමි වී ඇති බව ද මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේය.
 
ලබාදී ඇති පොදු කාලයේදී නැවත පැමිණෙන්නන්ට යළි එරටට යාමට අවස්ථාව සළසා දිය හැකි බව ද ඔහු කීවේය.
 
නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊශ්‍රාලයේ නීති විරෝධී ලෙස රැදී සිටින ශ්‍රමිකයින්ගේ දෙමාපියන් සහ භාරකරුවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගෙන්වා දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
 
රැකියා සඳහා ඊශ්‍රායලයට ගිය ඇතැමුන් නීතිඥවරු මාර්ගයෙන් බොරු ලේඛන ඉදිරිපත් කර දේශපාලන රැකවරණය ඉල්ලීම හේතුවෙන් මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඉතාම නරක නාමයක් ඇතිවන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.



අදහස් (0)

ඊශ්‍රාලයේ ශ්‍රමිකයන්ට පොදු සමා කාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site