IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සංවර්ධනයට ප්‍රමුඛත්වය දෙන්නැයි අගමැතිගෙන් ඇමැතිවරුන්ට උපදෙස්


 
 
හර්ෂණ තුෂාර සිල්වා
 
හැම ප්‍රශ්නයකම පැටලෙන්නට නොයා ඉදිරි මාස 18 කාලයේදී සිඝ්‍ර සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කරන්නැයි තමන් ඇමැතිවරුන්ට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (1) පැවැසීය. 
 
ඉදිරි මාස 18 ක කාලයේදී ආණ්ඩුව ශීඝ්‍ර සංවර්ධනයක් සිදු කරන බවත් එහිදි ග්‍රාමීය සංවර්ධනය සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා කීය.
 
නව ග්‍රාම නිලධාරී පත්වීම් 1668ක් ප්‍රදානය කිරීම වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිර ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව කීවේය.
 
එහිදි තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද කීය.
 
“ඉදිරි මාස 18 ක කාලයේදී අනවශ්‍ය ප්‍රශ්නවල පැටලෙන්නේ නැතිව සිඝ්‍ර සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන ලෙස මම ඇමැතිවරුන්ට උපදෙස් දුන්නා. ව්‍යාපෘති රැසක් ආරම්භ කර හිර වෙන්නේ නැතිව නොකර ප්‍රමුඛතාව පරිදි සංවර්ධන ව්‍යාපෘති වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස මම ඇමැතිවරුන්ට උපදෙස් දුන්නා. අපේ සංවර්ධන සැලැසුම යටතේ ග්‍රාමීය සංවර්ධනය විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. ගම්මානවල සංවර්ධනය උදෙසා අපි රුපියල් මිලියන 80,000ක මුදලක් වෙන් කර තිබෙනවා. 
 
සෑම ගමකම දියුණුවට බලපාන අයුරින් මෙම මුදල් වෙන් කර තිබෙනවා. ඒ නිසා ඉදිරි කාලයේදී අනවශ්‍ය ප්‍රශ්නවල පැටලෙන්නේ නැතිව අපි සංවර්ධන කටයුතුවල නිරත විය යුතු බව මම කිව්වා.  ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැත්තේ නැහැ. එහෙත් අපි අඛණ්ඩවම සංවර්ධන වැඩසටහන ක්‍රියත්මක කරනවා. අපි සිඝ්‍ර සංවර්ධනයට ප්‍රමුඛත්වය දී කටයුතු කරනවා. අපේ සම්පූර්ණ කාලය සිඝ්‍ර සංවර්ධනය සඳහා යොමු කර තිබෙනවා. ජනතාව බලාපොරොත්තු වෙන්නේ සංවර්ධනයයි. ජනතාව ඡන්දේ දුන්නේ සංවර්ධනය දකින්නයි. ඒ නිසා ඔවුන් බලාපොරොත්තු වන සංවර්ධනය ඇති කරමින් රට ඉදිරියට ගෙන යනවා”. 
 
ඡායාරූප ඉෂාන් සංජීව
 



අදහස් (3)

සංවර්ධනයට ප්‍රමුඛත්වය දෙන්නැයි අගමැතිගෙන් ඇමැතිවරුන්ට උපදෙස්

Sunil Friday, 01 June 2018 12:17 PM

අවුරුදු 3 1/2 කරන්න බැරි වුන දේවල් 1 1/2 කරන්නද?

:       177       219

soma dubayi Friday, 01 June 2018 12:57 PM

රක්ෂා ලක්ෂ 10 අලුතින් ඇති කරන්න පුළුවන් වුනේ ආර්ථිකය ශීඝ්‍ර දියුණුවක් ලැබුවේ ගරු අගමැතිතුමාගේ පංචවිද වැඩපිළිවෙල නිසා.

:       214       156

rocky Sunday, 03 June 2018 03:32 AM

අගමැති තුමා අලුතෙන් උපදෙස් දෙන්න දෙයක් නැහැ. මේ උත්තමයෝ `අප්පමාදේන සම්පාදේත` යන්න හිතට ගෙන බොහොම කඩිසර විදිහට සංවර්ධනේ වෙන බව ජනතාව නොදන්නවා නොවෙයි නේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 710 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site