ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති නිදහස් කුසලාන තරගයේදී ඇතිවූ උණුසුම් තත්ත්වය අතරතුරදී බංග්ලාදේශ ක්‍රීඩක විවේකාගාරයේ වීදුරු බිඳී ගොස් තිබේ.
එම අවස්ථාවේදී සිදුවූයේ කුමක්ද යන්න සී.සී.ටී.වී දර්ශන නරඹා තමන්ට වාර්තාවක් දෙන ලෙස තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කළ එංගලන්තයේ හිටපු ටෙස්ට් ක්‍රීඩක ක්‍රිස් බ්‍රෝඞ් මහතා ක්‍රීඩාංගණ බලධාරීන්ට උපදෙස් දී තිබේ.
තරගයේ අවසන් ඕවරයේදී ඇතිවූ මතභේදයක් හේතුවෙන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ පිටිය මැදට විත් ඝෝෂා කරන්නට වූහ. මෙම අවස්ථාවේදී ක්‍රීඩාගාරයේ වීදුරු බිඳුණාද නැතහොත් තරගය ජයගැනීමෙන් පසුව පැවැති ජයග්‍රහණය සැමරීමේදී වීදුරු බිඳුණාද යන්න පරීක්ෂණ කෙරෙමින් පවතී.


ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්රහයෙනි
වැඩිදුරටත් විස්තර දැනගැනීමට www.kelimandala.lk වෙත පිවිසෙන්න.
COMMENTS
අයි.සී.සීය මේ ගැන සොයාබලා නිසි ක්‍රියාමාර්ග සහ වරදකරුවන්ට නිසි දඬුවම් පැමිණවිය යුතුයි. මගේ අදහස නම් බංග්ලාදේශය සමග නැවත ක්‍රිකට් ක්‍රීඩා කිරීම අනවශ්‍ය බවයි.
මහේල, සංගා, දිල්ශාන්, සනත් නැති අඩුව හොඳට පෙනෙනවා. අන්තිම ඕවරය ගොඩ දාගන්න පුළුවන් වුනා නම් බංගලි මේ වගේ හරක් තාලෙට නටන්නේ නැහැ. ඕවට අතින් පයින් ගහල වැඩක් නැහැ. තරඟ දිනලම පෙන්වන්න ඕනේ. කොහොම වෙතත් බාල හැසිරීමක්...
ලංකාවේ කොල්ලෝ තරගය පැරදුණත්, මහත්මා ගතියෙන් යුතුව පරාජය බාරගත්තා. බංගලාදේශ මිනිසුන් එක්ක බලද්දි අපි දිනුම්... !!!
අපේ අය කරලා බංග්ලාදේශ පිටින් යවන්න හදන්නේ .
මේ ප්‍රහාරය කලේ බංග්ලාදේශ ඇඳුම් ඇඳගත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක පවසයි
අයියෝ ක්‍රිකට් වලට ගිය කලක්...
මේ ගැන කලබල විය යුතු නැත. මොකද බංග්ලාදේශයෙන් ආපු අයබව මේ ගොල්ලන් තහවුරු කරලා තියෙනවා...
පුස්සන්ව කරලියට ගෙනැල්ලා, දක්ෂයින්ව කනට ගහලා පන්නන කොට ඔහොම වෙලා මදි. ළඟදීම ඇෆ්ගනිස්තානයෙනුත් කන්න වෙයි... බඩ පිරෙන්නම. තවමත් ක්‍රිකට් පිටියේ රැඳී සිටීමට ඕනෑවටත් වඩා සුදුසුකම් ඇති සංගක්කාර, මාලිංග වගේ දැවැන්තයින් ඉදිරියේ ක්‍රිකට් ලෝකයම හිස නමන විට, කුහකයින්ගේ රටේ, ඔවුන්ට තියන තැන ගැන මෙතන අමුතුවෙන් ලියන්න ඕන නැහැනේ....
ශ්‍රී ලංකාවට ජයවේවා !!!
මැච් එකක් බලපු කාලයක් මතක නැහැ. ඒත් ලංකාවේ ක්‍රිකට් ටීම් එකක් තියෙනවා කියලා ලෝකේ අස්සක්, මුල්ලක් නෑරම දන්න එක ගැන ආඩම්බරයි. අපි මැච් බලපු කාලේ.... සනත්, අර්ජුන, මහානාම, කළුවිතාරණ, අරවින්ද ක්‍රීඩා කළ ආකාරය තවමත් මතකයි. ඒ කාලෙ අපි කළු, සුදු රූපවාහානිය ඉස්සරහ ගමේම කොල්ලො, කුරුට්ටෝ එකතු වෙලයි මැච්එක බැලුවේ. උණ ගහට බැඳපු ඇන්ටනාව කරකවලා මැච් බලපු ඒ කාලෙත් සුන්දරයි. හිටිය ක්‍රීඩකයිනුත් සුන්දරයි. බලපු මැච් අති සුන්දරයි. ආයෙත් එන්නේ නැහැ ඒ වගේ කාලයක් ලංකාවේ ක්‍රිකට් වලට... කාලය මැවු වෙනසක අරුමේ...
තරගයේ තීරකවරයාගේ දඬුවම කුමක් වුවත් වැරදි කරුවන් නීතිය හමුවට ගත යුතුයි. හානියට අලාභය දීම වෙනම දෙයක්. වරදට ලංකාවේ නීතියෙන් වැරදි කරුවන්ට දඬුවම් කළ යුතුයි.
සිදුවූ හානියට අලාභය පමණක් ලබා ගන්නේ නම් අප රටේ තිබෙන නීතියෙන් වැඩක් නැත. මේ යහපාලන රාජ්‍යයෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ සැමට සාධාරණ නීතියකි.
මැච් දිනුවට බංගලි තාම සිවිලයිස් වෙලා නැහැ. සරම අමුඩෙ ගහලා ඊට උඩින් කලිසම අඳින කට්ටියනේ...
ආයෙත් මේ පැත්ත පළාතේ ගෙන්වන්න එපා. ඒ අතින් පකිස්තානයේ ක්‍රීඩකයන් බොහොම හොඳයි.
බංගලියන්ට ඕන උනේ වංචාවෙන් හරි තරගය දිනන්නයී ඒක බැරිවෙන විට කලබල කෙරුවා අන්තීමට අපේ අය තරගය පුජා කලා.